ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 80
  • දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • මහා සයිරස්
    2013 පිබිදෙව්!
  • දෙවි උදව් දෙයි කියලා විශ්වාස කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • බිත්තියේ ලියපු අකුරු
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 80
ඊශ්‍රායෙල්වරු බැබිලෝනියෙන් නිදහස් වෙලා එනවා

කතන්දර 80

දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි

මේදවරුන් හා පර්සියානුවන් බබිලෝනිය අල්ලාගෙන දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි. බලන්න දැන් මොනවාද වෙන්නේ කියලා! ඔව්, ඉශ්‍රායෙල්වරු බබිලෝනියෙන් පිට වෙනවා. නමුත් කොහොමද ඒගොල්ලන් නිදහස් වුණේ? කවුද ඒගොල්ලන්ට යන්න ඉඩ දුන්නේ?

ඒක කළේ පර්සියාවේ රජ කෝරෙෂ්. කෝරෙෂ් ඉපදෙන්න අවුරුදු ගණනාවකට කලින් යෙහෝවා යෙසායා කියන ඔහුගේ අනාගතවක්තෘවරයාට කිව්වා කෝරෙෂ් ගැන මෙහෙම ලියන්න කියලා: ‘මට ඕනේ කරන දේමයි ඔයා කරන්න යන්නේ. ඒ නගරය ඔයාට අල්ලාගන්න පුළුවන් වෙන්න ඒකේ ගේට්ටු ඇරිලා තියෙයි.’ කිව්වා වගේම බබිලෝනිය අල්ලාගන්නකොට නායකයා හැටියට හිටියේ කෝරෙෂ්. ඇරලා තිබුණු ගේට්ටුවලින් තමයි එදා රෑ මේදවරුන් හා පර්සියානුවන් නගරයට ඇතුල් වුණේ.

යෙහෝවාගේ අනාගතවක්තෘ යෙසායා කිව්වා යෙරුසලමයි එහෙ තියෙන දේවමාළිගාවයි ආයෙත් ගොඩනඟන්න කියලත් කෝරෙෂ් අණ දෙනවා කියලා. ඉතින් කෝරෙෂ් මෙහෙම අණ කළාද? ඔව්, එයා අණ කළා. මෙහෙමයි කෝරෙෂ් ඉශ්‍රායෙල්වරුන්ට කිව්වේ: ‘දැන් යන්න යෙරුසලමට. ගිහින් ඕගොල්ලන්ගේ දෙවි යෙහෝවාගේ මාළිගාව ගොඩනඟන්න.’ ඉතින් මේක කරන්නයි ඉශ්‍රායෙල්වරු පිට වෙන්නේ.

කොහොම වුණත් ඒක හරිම දුර ගමනක් නිසා, බබිලෝනියේ ඉන්න හැම ඉශ්‍රායෙල්වරයෙකුටම යෙරුසලමට යන්න පුළුවන් වෙන්නේ නැහැ. හැතැප්ම පන්සියයක් විතර (ඒ කියන්නේ කිලෝමීටර අටසියයක් විතර) ගමන් කරන්න තියෙනවා. ඉතින් මෙච්චර දුරක් ගමන් කරන්න වයසක අයටවත් ලෙඩ වෙලා ඉන්න අයටවත් බැහැ. වෙන අයට යන්න බැරි වෙන්න තවත් හේතු තියෙනවා. ඒ වුණාට යන්නේ නැති අයට කෝරෙෂ් කියනවා: ‘යෙරුසලමයි එහෙ තියෙන දේවමාළිගාවයි ගොඩනඟන්න යන මිනිසුන්ට රිදී, රත්තරන් වගේ දේවලුයි, වෙනත් තෑගියි දෙන්න’ කියලා.

ඉතින් යෙරුසලමට යන මේ ඉශ්‍රායෙල්වරුන්ට තෑගි ගොඩක් ලැබෙනවා. ඒත් එක්කම නෙබුකද්නෙශර් රජ යෙරුසලම විනාශ කළාම එයා යෙහෝවාගේ මාළිගාවෙන් ගත්ත දීසියි, කෝප්පයි කෝරෙෂ් ආයෙත් ඒගොල්ලන්ට දෙනවා. ඉතින් ඒගොල්ලන්ට ගෙනියන්න බඩු ගොඩාක් තියෙනවා.

මාස හතරක් විතර ගමන් කළාට පස්සේ, කියලා තිබුණු කාලයටම ඉශ්‍රායෙල්වරු යෙරුසලමට ඇතුල් වෙනවා. නගරය විනාශ වෙලා මුළු දේශයම පාළු වෙලා හරියටම අවුරුදු 70ක් ඉවර වුණා විතරයි. දැන් ඉශ්‍රායෙල්වරු ඒගොල්ලන්ගේම රටට ඇවිල්ලා හිටියත් ජීවත් වෙන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා අපි දැන් බලන්න යනවා.

යෙසායා 44:28; 45:1-4; එස්රා 1:1-11.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න