ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 95
  • යේසුස් උගන්වන විදිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් උගන්වන විදිය
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • කරුණාවන්තකම ගැන පාඩමක්
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සැබෑ අසල්වැසියෙක් වූ සමරිතානුවරයෙක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • “කාරුණික සමරිතානුවරයෙක්” කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • කාරුණික සමරිතානුවරයා
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 95
කරුණාවන්ත සමරිතානුවරයෙක් ගුටි කාලා වැටිලා ඉන්න යුදෙව් ජාතිකයාට බෙහෙත් බඳිනවා

කතන්දර 95

යේසුස් උගන්වන විදිය

දවසක්දා යේසුස් මිනිසෙකුට කියනවා ඔයා ඔයාගේ අසල්වැසියාට ප්‍රේම කරන්න ඕනේ කියලා. ඉතින් ඒ මිනිසා යේසුස්ගෙන් මෙහෙම අහනවා: ‘මගේ අසල්වැසියා කියන්නේ කාටද?’ ඇත්තටම මේ මිනිසා හිතන්නේ මොකක්ද කියල යේසුස් දන්නවා. එයා හිතන්නේ එයාගේ අසල්වාසීන් කියලා කියන්නේ එයාගේම ජාතියටයි එයාගේම ආගමටයි අයිති මිනිස්සුන්ට විතරයි කියලයි. ඉතින් යේසුස් එයාට කියන්නේ මොනවාද කියලා බලමුද?

සමහර අවස්ථාවලදී යේසුස් කතන්දරවලින් උගන්වනවා. ඉතින් දැනුත් ඔහු ඒකමයි කරන්නේ. ඔහු යුදෙව් ජාතිකයෙක් හා සමාරීය ජාතිකයෙක් ගැන කතන්දරයක් කියනවා. අපි දැනටමත් ඉගෙනගෙන තියෙනවා යුදෙව් ජාතිකයින්ගෙන් හුඟදෙනෙක් සමාරීය ජාතිකයින්ට කැමති නැහැයි කියලා නේද? ඉතින් මෙන්න මේකයි යේසුස්ගේ කතන්දරය:

දවසක්දා යුදෙව් ජාතිකයෙක් යෙරිකෝ නගරයට යන කඳු තියෙන පාරක ගමන් කරමින් හිටියා. මඟදී හොරු රංචුවක් එයාව අල්ලගෙන එයාට ගහලා එයා ළඟ තිබුණු සල්ලි ඔක්කොම ගත්තා. ඒගොල්ලන් එයාට කොච්චර හයියෙන් ගැහුවද කිව්වොත් එයා තව පොඩ්ඩෙන් මැරෙනවා.

ටිකකට පස්සේ ඒ පාර දිගේ යුදෙව් ජාතික පූජකයෙක් ආවා. එයා මේ ගුටි කාපු මිනිසාව දැක්කා. දැන් එයා මොනවා කළයි කියලාද ඔයා හිතන්නේ? එයා නිකම්ම පාරෙන් අනික් පැත්තට පැනලා යන්න ගියා. එතකොට ආගමට ලැදි තව මිනිසෙක් එතැනට ආවා. එයා ලෙවී ජාතිකයෙක්. එයා හරි නැවතිලා උදව් කෙරුවාද? නැහැ, එයාවත් නැවතිලා ඒ ගුටි කාපු මිනිසාට උදව් කළේ නැහැ. අර ඈත ඒ පූජකයායි ඒ ලෙවී ජාතිකයායි ඇවිදගෙන යනවා පේනවාද?

හැබැයි දැන් බලන්න මේ ගුටි කාපු මිනිසාත් එක්ක ඉන්නේ කවුද කියලා. මේ සමාරීය ජාතිකයෙක්. එයා මේ මිනිසාගේ තුවාලවලට බෙහෙත් බඳිනවා. මෙහෙම කළාට පස්සේ එයා මේ යුදෙව් ජාතිකයාව විවේක ගෙන සුවය ලබන්න පුළුවන් තැනකට ගෙනියනවා.

යේසුස් මේ කතන්දරය කියලා ඉවර කළාට පස්සේ ඔහු අර ප්‍රශ්නය අහපු මිනිසාගෙන් දැන් මෙහෙම අහනවා: ‘ඔයා හිතන හැටියට, මේ තුන්දෙනාගෙන් අර ගුටි කාපු මිනිසාට අසල්වැසියෙක් හැටියට කටයුතු කළේ කවුද? ඒ පූජකයාද, ලෙවී ජාතිකයාද, නැත්නම් සමාරීය ජාතිකයාද?’

‘සමාරීය ජාතිකයා තමයි ඒ ගුටි කාපු මිනිසාට හොඳින් සැලකුවේ’ කියලා ඒ මිනිසා උත්තර දෙනවා.

‘හරි. ඉතින් එහෙනම් ඔයාත් ගිහිල්ලා අනික් අයට ඒ වගේම සලකන්න’ කියලා යේසුස් කියනවා.

යේසුස් උගන්වන විදිහට ඔයා ආස නැද්ද? යේසුස් කිව්ව දේවල් බයිබලයේ ලියලා තියෙනවා. අපි ඒවාට ඇහුම්කන් දුන්නොතින් අපිටත් වැදගත් දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන් වෙයි.

ලූක් 10:25-37.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න