ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 97
  • යේසුස් රජෙකු මෙන් එයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් රජෙකු මෙන් එයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • රජ බූරු නාම්බෙකු පිට යෙරුසලමට එයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් ලෙඩුන්ව සුව කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • බූරුවෙක් කතා කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවිගේ රාජ්‍යය අපිට ඕනෙ කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 97
යේසුස් කොටළුවෙක්ගේ පිටේ නැඟලා යද්දී මිනිස්සු තල් අතු පාරේ එළනවා

කතන්දර 97

යේසුස් රජෙකු මෙන් එයි

අන්ධ හිඟන්නන් දෙන්නාව සුව කරලා වැඩි වෙලාවක් යන්න කලින් යේසුස් යෙරුසලම කිට්ටුවට වෙන්න තියෙන පොඩි ගමක් ළඟට ආවා. දැන් ඔහුගේ ගෝලයන් දෙන්නෙකුට ඔහු මෙහෙම කියනවා: ‘ඕගොල්ලන් ගමට ඇතුල් වෙනකොටම, බැඳලා ඉන්න කොටළු පැටවෙක්ව දකියි. ඌව ලිහලා මෙහාට ගේන්න.’

ඒ කොටළු පැටියාව ගෙනාවාම යේසුස් ඌ පිට නැඟලා යෙරුසලමට ටික දුරක් ගමන් කරනවා. ඔහු නගරයට ළං වෙනකොට එහෙන් මිනිස්සු ගොඩදෙනෙක් එළියට එනවා ඔහුව හමු වෙන්න. ඒ ඔක්කොමලාම වාගේ ඒගොල්ලන්ගේ සළු ගළවලා පාරේ එළනවා. අනික් අය තල් ගස්වලින් අතු කපාගෙන ඒවත් පාරේ එළලා: ‘යෙහෝවාගේ නාමෙන් එන මේ රජුට දෙවි ආශීර්වාද කරත්වා!’ කියලා කෑගහනවා.

ඉස්සර කාලේ ඉශ්‍රායෙල් දේශයේ අලුත් රජෙක් පත් වුණාම එයා මෙහෙම කොටළු පැටවෙක් පිට නැඟලා හැමදෙනාටම පේන්න ගමන් කරනවා. ඉතින් යේසුස් කරන්නෙත් මේකයි. මිනිස්සු කරන දේවල්වලින් පේන්නේ යේසුස් ඒගොල්ලන්ගේ රජ වෙනවාට ඒගොල්ලන් කැමතියි කියලයි. හැබැයි මේක හැමදෙනාගේම කැමැත්ත නෙවෙයි. යේසුස් දේවමාළිගාවට ගියාම සිද්ධ වෙන දේ දැක්කාම අපිට මේක හොඳට තේරෙයි.

දේවමාළිගාවේ ඉඳන් යේසුස් අන්ධ අය හා කොර අයව සුව කරනවා. පොඩි ළමයින් මේක දැකලා ඒගොල්ලන් හයියෙන් යේසුස්ට ප්‍රශංසා කරනවා. ඒ වුණාට පූජකයින්ට මේක ඇහුණම තරහ යනවා. ඉතින් ඒගොල්ලන් යේසුස්ගෙන් අහනවා ‘මේ ළමයින් කියන්නේ මොනවාද කියලා ඔයාට ඇහෙන්නේ නැද්ද?’ කියලා.

‘ඔව්, මට ඇහෙනවා’ කියලා යේසුස් උත්තර දෙනවා. ‘ඒ වුණාට “පොඩි ළමයින්ගේ කටිනුත් දෙවිට ප්‍රශංසාව ලැබෙයි” කියලා ඕගොල්ලන් බයිබලයෙන් කියවලා නැද්ද?’ ඉතින් මේ ළමයි දිගටම දෙවිගේ රජුට ප්‍රශංසා කරනවා.

අපිත් ආස ඒ ළමයින් වගේ වෙන්න නේද? සමහර අය දෙවිගේ රාජ්‍යය ගැන කතා කරන එකෙන් අපිව නවත්වන්න උත්සාහ කරයි. ඒ වුණාට යේසුස් මිනිසුන්ට කරන්න යන පුදුම දේවල් ගැන අපි නවත්වන්නේ නැතුව අනුන්ට කියන්න යනවා.

යේසුස් රජු හැටියට පාලනය කරන්න තිබුණේ පොළොවේ ඉන්දැද්දි නෙවෙයි. මේ කාලය එන්නේ කවදාද කියලා යේසුස්ගේ ගෝලයන් දැනගන්න කැමතියි. අපි දැන් මේ ගැන ඉගෙනගමුද?

මතෙව් 21:1-17; යොහන් 12:12-16.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න