යෙහෝවා අපට ගැළවුම්කරුවෙක් ලබා දෙයි
29 දෙවි මුලින්ම සාදපු ආත්මික තැනැත්තා ඔහුගේ කුලුඳුල් පුත්‍රයායි.
දෙවි ඔහුට හුඟක් ආදරෙයි. නරක මිනිසුන්ව විනාශ කරන්නත් හොඳ මිනිසුන්ව බේරාගන්නත් දෙවි ඔහුව පාවිච්චි කරන්න යනවා.—යොහන් 3:16, 36
30 යෙහෝවා ඔහුගේ පුත්‍රයාව පොළොවේ ඉපදෙන්න සැලැස්සුවා. ඔහුගේ නම යේසුස්. ඔහුගේ මවගේ නම මරියා.—ලූක් 1:30-35
31 යේසුස් වැඩිහිටියෙක් වුණාට පස්සේ මිනිසුන්ට හුඟක් හොඳ දේවල් ඉගැන්නුවා. එකම සැබෑ දෙවි යෙහෝවා කියා ඔහු ඉගැන්නුවා.—මාර්ක් 12:29, 30
අපි නමස්කාර කරන්න ඕනේ යෙහෝවාට පමණයි කියා යේසුස් කියා දුන්නා.—මතෙව් 4:10; යොහන් 4:23, 24
ඔහු මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය ගැනත් කියා දුන්නා.—ලූක් 17:20, 21
32 යේසුස් මිනිසුන්ගේ ලෙඩ සුව කළා. තවත් හොඳ දේවල් හුඟක් කළා. ඔහු කවදාවත් නරක දේවල් කළේ නැහැ.—ක්‍රියා 10:38; 1 පේතෘස් 2:21, 22
නමුත් ඔහු අපව පාපයෙන් හා මරණයෙන් බේරගන්න යන්නේ කොහොමද?
33 හොඳ මිනිසුන්ව බේරගන්න දෙවිට පූජාවක් ඔප්පු කරන්න ඔහුට සිද්ධ වුණා. ඔවුන්ගේ පාප වෙනුවෙන් සත්ව පූජා ඔප්පු කරන්න කියා දෙවි මිනිසුන්ට කලින් කියා තිබුණා.—හෙබ්‍රෙව් 7:25, 27
34 යේසුස් නම් සත්ව පූජා ඔප්පු කළේ නැහැ. ඔහු අපි වෙනුවෙන් ඔහුගේම ශරීරය පූජා කළා.—මතෙව් 20:28; හෙබ්‍රෙව් 10:12
මෙහෙම කළේ ඇයි කියා ඔබ දන්නවාද?