දෙවියන් වහන්සේ පැසසීමට බයිබල් පොත්පත් නිපදවීම
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ මුද්‍රිත පිටු මගින් කරන ඔවුන්ගේ දේව රාජ්‍යය පිළිබඳ දේශනා කිරීම ගැන බොහෝ ප්‍රසිද්ධ ය. වර්ෂ 1920 සිට, වොච්ටවර් සමිතිය පොත් සහ සඟරා නිපදවීමට සහ බෙදා හැරීම සඳහා ස්වේච්ඡා සේවකයින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතරින් යොදා ගෙන ඇත. මෙය කරන ලද්දේ හැකි අවම මිලකට අඛණ්ඩ පොත් පත් නිෂ්පාදනයක් සහතික කිරීම සඳහා ය.
වසර 60ක් පමණ පුරා සමිතිය, පළමු ව බෘක්ලින් හි සහ පසුව අන්‍ය රටවල ස්වකීය බයිබල් පොත් පත් නිෂ්පාදනය වර්ධනය කර, ව්‍යාප්ත කර ඇත. සියලු ම කටයුතු කරන ලද්දේ වැඩි වෙමින් පවතින ස්වේච්ඡා සේවක මඩුල්ලක් විසිනි.
වර්ෂ 1970 ගණන්වල අග භාගයේ දී, පරිගණක සකස් කිරීම, ඡායාඅකුරු-ඇමණුම සහ ඔෆ්සෙට් මුද්‍රණයේ වාසිය තකා, සම්ප්රදානුකූල පිටපත් සකස් කිරීම සහ මුද්‍රණය ඉවතලන ලදි. මෙහි ගැටලුව වී තිබුණේ, යොදා ගත හැකි වානිජමය යන්ත්‍රෝපකරණවලින් සකස් කළ හැකි ව තිබුණේ, සීමිත භාෂා ගණනක් වීම ය. කෙසේ වුවත්, සමිතිය ඒ වන විටත්, භාෂා 160කින් පමණ පොත් පත් නිපදවමින් සිටි අතර, තවත් බොහොමයක් සඳහා අවශ්යාතාවය තිබුණි.
මෙසේ බහු භාෂා විද්‍යුත් ඡායා මුද්‍රණ ශිල්පි ක්‍රමයක් වර්ධනය කිරීම සඳහා ස්වේච්ඡා සේවකයින් කැඳවන ලදි. ප්‍රතිඵල සන්තුෂ්ටිදායක විය. අවශ්‍ය කාර්මික ශිල්පීය ක්‍රම සොයා ගැනුණ අතර, පිටපත් ඇතුල් කිරීම, සැකැස්ම සහ ඡායා-අකුරු-ඇමුණුම් ක්‍රමය MEPS (බහු භාෂා විද්‍යුත් ඡායා මුද්‍රණ ශිල්පි ක්‍රමය) නමින් වර්ධනය විය. භාෂා 200ක් පමණ සකස් කිරීමට මෙයට හැක. තවත් එකතු කළ හැක.
අද දින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් නිපදවන ලද MEPS පිටපත් ඇතුල් කිරීම හා චිත්‍රණ, ඒකක රටවල් 25ක පාවිච්චි වෙන අතර, තවත් ඒකක සැලසුම් කරනු ලැබ ඇත. මෙම යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීමට මෙම රටවලින් ස්වේච්ඡා සේවකයින් පුහුණු කරනු ලැබ ඇත. සමිතිය විසින් දැන් රටවල් 36ක, 100කට වැඩි භාෂාවලින් සඟරා නිපදවමින් සිටින අතර, මින් රටවල් 5ක බඳින ලද පොත් සහ බයිබල් ද නිපදවයි.
මෙම වැඩ සඳහා ජනයා වුවමනා කෙරෙයි—ලේඛකයන්, පරිවර්තකයින්, සෝදුපත් බලන්නන්, මුද්‍රණ ශිල්පීන්, පොත් බඳින්නන් සහ නැව්ගත කරන සේවකයින් අවශ්‍ය ය. අන්‍යයන්, සභාවන් සමඟ ලිපි හුවමාරුව කළ යුතු ය. සමහරු ආහාර ද්‍රව්‍ය නිපදවති, කෑම පිළියෙල කරති, පවිත්‍ර කිරීම කරති, ඇඳුම් පිරිසිදු කිරීම ආදිය කරති. මේ සියල්ල සපුරාලනුයේ විවිධ රටවල සේවය සඳහා තමන් ව ම ඉදිරිපත් කරවන ස්වේච්ඡා සේවකයින් විසිනි. වර්ෂ 1985 දී ලොව වටා විවිධ කාර්යාලවල, කර්මාන්ත ශාලාවන්හි, නිවාසයන්හි, සහ ගොවිපලවල, ස්වේච්ඡා සේවකයින් 8,438ක් සිටියහ.
මෙම ජනයා කවරහු ද? ඔවුන් නම් කැප වූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වූ, ස්ත්‍රී පුරුෂ, තනිකඩ සහ විවාහක, බාල සහ මහලු සියලු දෙනා ය. සමහරුන් මෙම සේවයෙහි වසර 40, 50 සහ 60කුත් සිට ඇත. ඔවුහු තම සේවා පැවරුම්වල සතියකට පැය 44ක් සාමාන්‍යයෙන් අඩු ම වශයෙන් ගත කරන අතර, අවශ්‍ය ලෙස අමතර කාලයක් යොදවති. සවස් කාලය සහ සති අන්තයන් ගෙයින්-ගෙට ශුභාරංචිය දෙසීම සඳහාත්, සභාවේ වෙනත් කටයුතු සඳහාත් කැප කර ඇත.
ලොව වටා මෙම සේවකයන් හට බෙතෙල් නිවාස නම් වූ, සමිතියේ නිවාස ආයතනයන්ගෙන් එකක දී, මැදි තත්ත්වයේ නැවතීමේ පහසුකම් හා ආහාර සැපයේ. ඊට අමතර ව, තම සේවයෙහි තමන් වියදම් පියවා ගැනීමට සහ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සුළු ජීවනාධාරයක් ලැබේ.
වර්ෂ 1920 සිට, මෙම ස්වේච්ඡා සේවකයින් විසින් ලෝක ව්‍යාප්ත බෙදා හැරීම සඳහා බිලියන නවයකට වඩා, බයිබල්, පොත්, සඟරා සහ පත්‍රිකා භාෂා 200කින් පමණ නිපදවා ඇත. සදාකාල ශුභාරංචිය සියලු ම ජාති, ගෝත්‍ර සහ භාෂාවල ජනයාට ප්‍රීතිදායක පුවතක් ප්‍රකාශ කිරීමට හැකි වන ලෙස ඔවුහු තම වැඩ කොටස ඉටු කරති.—එළිදරව් 14:6, 7.
• වොච්ටවර් සමිතිය කුමන මුද්‍රණ ක්‍රියාවලියන් සතු ව සිටී ද? ඒ මක්නිසා ද?
• මෙම වැඩ කරනු ලබන්නේ කවුරුන් විසින් ද? ඔවුන් ජීවිකාව ගෙන යන්නේ කෙසේ ද?
[24වන පිටුවේ පින්තූර]
ඇ. එ. ජ, න්යූ යෝ’ක්, බෘක්ලින් සහ වොල්කිල් හි පිහිටි ගොවිපලේ, කාර්යාලයේ, නිවාසයේ සහ කර්මාන්ත ශාලාවෙහි ස්වේච්ඡා සේවකයින් බයිබල් පොත් පත් නිපදවීම සම්බන්ධිත කාර්යයන් ඉටුකරමින්
[25වන පිටුවේ පින්තූර]
බයිබල් සහ බයිබල් පොත් පත් නිපදවීමෙහි ඍජු ව හෝ අනියම් ලෙස සම්බන්ධ වන ස්වේච්ඡා සේවකයින් විවිධ කාර්යයන් කරමින්
ස්පාඤ්ඤය
ජර්මනිය
ෆින්ලන්තය
කැනඩාව
ඩෙන්මාර්කය
ස්වීඩනය
දකුණ අප්‍රිකාව
බ්‍රසීලය
නෙදර්ලන්තය
ඕස්ට්‍රේලියාව