ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 22 පරි. 174-179 පි.
  • මා තෝරාගත යුත්තේ කිනම් වෘත්තිය ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මා තෝරාගත යුත්තේ කිනම් වෘත්තිය ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘ඉන් කිසි පලක් වූයේ නැත’
  • තෘප්තිය ගෙන දෙන වෘත්තියක්
  • විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය—වාසිදායක ද?
  • සිතා බැලීමට වැඩිමනත් සාධක
  • විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවට විකල්පයන්
  • දෙමාපියෙනි, ඔබේ දරුවන් ඉදිරියේ ඔබ තබන්නේ කෙබඳු අනාගතයක්ද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය අධ්‍යාපනය අධෛර්යය කරවයිද?
    1998 පිබිදෙව්!
  • අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • තම මැවුම්කරුව සිහි කරන යෞවනයෝ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 22 පරි. 174-179 පි.

පරිච්ඡේද 22

මා තෝරාගත යුත්තේ කිනම් වෘත්තිය ද?

‘මගේ ජීවිතයේ ඉතිරි කාලය සමඟ මා මොනවා කරන්න ද?’ කවදා හෝ ඔබ මෙම අභියෝගාත්මක ප්‍රශ්නයට මූණ දෙයි. වෛද්‍ය කර්මය, ව්‍යාපාර, චිත්‍ර කලාව, අධ්‍යාපනය, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වෙළහෙළඳාම්—මෙවන් පැටලිලි සහිත තෝරා ගැනීම් වැලක් ඔවුන්ට ඉදිරිපත් වේ. තව ද “සාර්ථක වෙනවා කියලා මං හිතන දෙය නම් . . . තමන් හැදී වැඩුණු සැප පහසු මට්ටම ම පවත්වා ගෙන යාම ය,” යයි පැවසූ යෞවනයා මෙන් ඔබට හැඟෙන්නට පුළුවන. නැතහොත් අන්‍යයන් මෙන්, ජීවිතයේ ඔබේ මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම ගැන ඔබ සිහින මැවිය හැක.

එහෙත් ද්‍රව්‍යමය ලාභයට වඩා, සාර්ථක වීම සඳහා වැඩි යමක් තිබේ ද? ඔබට සැබෑ සම්පූර්ණකමක් ගෙන ඒමට ඕනෑ ම බාහිර වෘත්තියකට හැකි ද?

‘ඉන් කිසි පලක් වූයේ නැත’

අලංකාරවත්, පොලඹවන සුලු, ලාභ උපදවන! එයාකාරයෙන් චිත්‍රපටි, රූපවාහිනිය සහ පොත් පත් බොහෝ විට බාහිර වෘත්තීන් ගැන නිරූපනය කරයි. එහෙත් එවන් සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා, වෘත්තීය උසස් වීම් සොයන්නන් පිළිගනු ලැබීම සඳහා එකිනෙකා සමඟ ජීවිතය හා මරණය අතර සටනක යෙදීමෙන් බොහෝ විට තරඟ කළ යුතු ය. “සීඝ්‍ර බවින් යුත්, ඉහළ පෙළේ වෘත්තීන් ඇති බොහෝ යෞවන වැඩිහිටියන් තෘප්තියට පත් නොවීම ගැන පැමිණිලි කිරීම්, කාන්සාව, අසහනය, හිස් භාවය, පීඩනෝන්මාදය, එමෙන් ම සියලු ආකාර ශාරීරික ආබාධයන්,” ඇති ව සිටින ආකාරය ගැන වෛද්‍ය ඩග්ලස් ලාර්බියේ පවසයි.

බොහෝ කලකට පෙර, සාලමොන් රජ හුදෙක් ලෝක සාර්ථකත්වයේ නිෂ්ඵලත්වය හෙළි කළේ ය. අසීමිත මෙන් පෙනුණ ධන සම්භාරයක උපකාරය ඇති ව, සාලමොන් වෘත්තීමය ඉටු කිරීම් පුදුමාකාර ප්‍රමාණයක සාර්ථක ව නියැලුණේ ය. (දේශනාකාරයා 2:​4-10 කියවන්න.) එහෙත්, සාලමොන් මෙසේ නිගමනය කළේ ය: “මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්‍රයත්න බව ද [“ඉන් කිසි පලක් නොවූ බව ද මට වැටහුණි,” ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන් ] සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.”—දේශනාකාරයා 2:​11, නව අනුවාදය.

රැකියාවක් මගින් වස්තුව හා පිළිගැනීම මැනවින් ගෙන දිය හැක, නමුත් ‘කෙනෙකුගේ ආත්මික අවශ්‍යතාවයන්,’ තෘප්තිමත් කිරීමට එයට නොහැක. (මතෙව් 5:3, NW ) මෙලෙස බාහිර අත්කර ගැනීම් වටා හුදෙක් තම ජීවිත ගොඩනගන අයගෙන් තෘප්තියට පත්වීම මඟ හරවනු ඇත.

තෘප්තිය ගෙන දෙන වෘත්තියක්

සාලමොන් රජ මෙසේ අවවාද කරයි: “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.” (දේශනාකාරයා 12:13) අද දින ක්‍රිස්තියානින් සඳහා වූ ප්‍රථම යුතුකම රාජ්‍යය පණිවුඩය දේශනා කිරීම ය. (මතෙව් 24:14) තව ද දෙවියන් වහන්සේ ඉදිරියේ තම වගකීම බරපතළ ලෙස සලකන යෞවනයන්ට—තමන් දේශනා කිරීමට ස්වභාවයෙන් ම නොපෙලඹෙන විට පවා—හැකි අයුරින් මෙම වැඩයෙහි සම්පූර්ණයෙන් හවුල් විය යුතු බව හැඟේ. (2 කොරින්ති 5:​14 සසඳන්න.) පූර්ණ-කාලීන බාහිර රැකියා ලුහුබැඳ යනවා වෙනුවට, දහස් ගණන් අය පූර්ණ-කාලීන පුරෝගාමි දේව සේවකයන් ලෙස සේවය කිරීමට තෝරා ගෙන තිබේ. අන් අය විදේශීය රටවල මිෂනාරිවරු වශයෙන් හෝ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලවල හෝ සේවය කරති.

පුරෝගාමියෙකු වීම සඳහා විධායක ලේඛිකාවක් වශයෙන් වූ වෘත්තියෙන් ඉවත් වූ එමිලි මෙසේ පවසන්නී ය: “මෙම සේවය උදෙසා මම සැබෑ ප්‍රේමයක් වර්ධනය කර ගෙන තිබෙනවා.” එසේ ය, පූර්ණ කාලීන සේවය සිතා ගත හැකි වඩාත් ම තෘප්තිය ගෙන දෙන, සිත්ගන්නා සේවයකි! තව ද “දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නන්ගෙන්,” කෙනෙකු වෙනවාට වඩා යමෙකුට තිබිය හැක්කේ වෙන කුමන උතුම් ප්‍රස්තාවක් ද?—1 කොරින්ති 3:9.

විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය—වාසිදායක ද?

බොහෝ පුරෝගාමි දේව සේවකයෝ අර්ධ-කාලීන වැඩකින් තමන් ව නඩත්තු කර ගනිති. එහෙත් පසු කලෙක ඔබට පවුලක් නඩත්තු කිරීමට අවශ්‍ය වේ නම් කිමෙක් ද? දෙවියන් වහන්සේගේ සේවය සඳහා කෙනෙකුගේ යෞවන කාලය කැප කිරීමෙන් කෙනෙකු කිසිදා පසුතැවිලි නොවන බවට සහතික ය! කෙසේ වෙතත්, යෞවනයෙකු හට, විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගෙන, සමහර විට පසු ව දේව සේවය ලුහුබැඳ යාම ඥානවන්ත නොවනු ඇත් ද?

සැබවින් ම, ක්‍රිස්තියානි යෞවනයෙකු කොපමණ අවුරුදු ගණනක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතු ද යන්න බයිබලයේ අකුරට ම පවසන්නේ නැත. එය අධ්‍යාපනය හෙලා දකින්නේ ද නැත. “උතුම් උපදේශකයාණන්,” වන යෙහෝවඃ වහන්සේ, හොඳින් කියවීමට හා තමන් ව පැහැදිලි ව හඳුන්වා දීමට ස්වකීය ජනයාට උනන්දු කරන සේක. (යෙසායා 30:20; ගීතාවලිය 1:2; හෙබ්‍රෙව් 5:12) එපමණක් නොව, ජනයා ගැන හා අප ජීවත් වන ලෝකය ගැන අපේ අවබෝධය පුළුල් කිරීමට අධ්‍යාපනයට හැක.

කෙසේ වුවද, විශ්ව විද්‍යාල උපාධිය සඳහා වැය කිරීමට සිදු වන බොහෝ කාලය හා මුදල් සැමවිට ම වටිනවා ද?a විශ්ව විද්‍යාල උපාධිධාරීන් උසස් වේතනයන් උපයන බවත්, උසස් පාසල් උපාධිධාරීන්ට වඩා විරැකියාව අඩුවෙන් අත්දකින බවත්, සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන අතරේ ම, ප්ලෑනිං යුවර් කොලෙජ් එඩ්‍යුකේෂන් පොත අපට මතක් කරන්නේ මෙම සංඛ්‍යා ලේඛන හුදෙක් සාමාන්‍යයන් බව ය. ඇත්තෙන් ම විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගෙන් ඉතා-ඉහළ වේතනයන් ලබන්නේ සුළු සංඛ්‍යාවක් පමණි; ඉතිරි අයට ගෙවනු ලබන වැටුප් ඊට වඩා බොහෝ අඩු ය. ඇරත්, හුදෙක් ඔවුන්ගේ අධ්‍යාපනයේ ප්‍රමාණය අනුව පමණක් නොව නමුත් “අසාමාන්‍ය දක්ෂතාවයන්, පෙලඹීම, රැකියා සඳහා අදාළ ප්‍රදේශයන්වල ඇති ඉඩ ප්‍රස්තාවන්, . . . විශේෂ කුසලතාවන්” වැනි සාධකයන්ගෙන් ද විශ්ව විද්‍යාල උපාධිධාරීන් ලබන උසස් ආදායම් ලැබීම ප්‍රතිඵලය විය හැක.

“[විශ්ව විද්‍යාල] උපාධියක් රැකියා ලබා ගැනීමේ සාර්ථකත්වය තවදුරටත් සහතික නොකරයි,” කියා එක්සත් ජනපදයේ කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. “වැඩි වන උපාධිධාරීන්ගේ ගණනට සෑහෙන තරමට මෙම රැකියා සීඝ්‍රයෙන් පුළුල් නොවූ බැවින් . . . වෘත්තීය, තාක්ෂණික හා කළමනාකාරිත්ව, රැකියාවන්හි නිරත ව සිටින [විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගේ] සමානුපාතය ක්‍රමයෙන් පිරිහේ, ප්‍රතිඵලයක් වශයෙන්, 1970 සහ 1984 අතරේ සාමාන්‍යයෙන් රැකියා ලබාගත් [විශ්ව විද්‍යාල] උපාධිධාරීන් 5 දෙනෙකුගෙන් 1 කෙනෙකු සාමාන්‍යයෙන් ම උපාධියක් අවශ්‍ය නොවන රැකියාවක් ලබා ගත්තේ ය. උපාධිධාරීන්ගේ මෙම ඉක්මවා යන සැපයුම 1990 ගණන්වල මැද භාගය තෙක් පැවතෙන්නට ඉඩ ඇත.”

සිතා බැලීමට වැඩිමනත් සාධක

ඔබේ රැකියා ප්‍රස්තාවන් වැඩි දියුණු කිරීමට විශ්ව විද්‍යාල උපාධියකට හැක හෝ නොහැක. එහෙත් විවාදයෙන් තොර එක් සාධකයක් තිබේ: “වැඩි කාලයක් ඉතිරි වී නැත”! (1 කොරින්ති 7:​29, නව අනුවාදය) ඉන් ලැබිය හැකි යයි සිතන වාසි සියල්ල සඳහා විශ්ව විද්‍යාලයේ වර්ෂ හතරක් හෝ ඊට වැඩි කලක් ගත කිරීම, එම ඉතිරි වී ඇති කාලය හොඳින් පාවිච්චි කිරීමක් වනු ඇත් ද?—එපීස 5:16.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔබේ ආත්මික ඉලක්ක කරා ඔබ ව ගෙන යනවා ද නැතහොත් ඉන් ඉවතට ගෙන යනවා ද? ඉහළ ආදායමක් ක්‍රිස්තියානි ප්‍රමුඛත්වයේ ලා නොගැනෙන බව මතක තබා ගන්න. (1 තිමෝති 6:​7, 8) එහෙත්, එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල පරිපාලකයන්ගේ සමීක්ෂණයක්, අද දින ශිෂ්‍යයින් ‘වෘත්තිය-ගැන පමණක් කල්පනා කරන, ද්‍රව්‍යමය සාර්ථකත්වය කෙරෙහි සැලකිලිමත් වූ, තමන් ගැන ම සැලකිලිමත් වූවන්,’ වශයෙන් පැහැදිලි කළේ ය. එක් ශිෂ්‍ය කණ්ඩායමක් මෙසේ පැවසුවෝ ය: “මුදල්. අප සැමවිට ම කථා කරන්නේ මුදල් ගැන බව පෙනෙන්නට තිබේ.” අධික තරඟකාරීත්වයේ හා ආත්මාර්ථකාමී ද්‍රව්‍ය වාදයේ වාතාවරණයක ගිලී සිටීම ඔබට බලපෑ හැක්කේ කෙසේ ද?

එක් දහස් නවසිය හැටගණන්වල දී වූ මහත් ඝෝෂා සහිත දර්ශනයන් තවදුරටත් විශ්ව විද්‍යාලවල නොතිබෙනවා විය හැක. එහෙත් විශ්ව විද්‍යාලීය කලබලකාරිත්වය අඩු වීමෙන් වාසිටි වාතාවරණය යහපත් යයි අඟවන්නේ නැත. වාසිටි ජීවිතයේ එක් අධ්‍යයනයක් මෙසේ නිගමනයකට එළඹුණේ ය: “පුද්ගලික හා සමාජීය කාරණා සම්බන්ධයෙන් ශිෂ්‍යයින් හට තවමත් සම්පූර්ණයෙන් ම වාගේ අසීමිත නිදහසක් තිබේ.” මත් ද්‍රව්‍ය හා මත්පැන් නිදහසේ භාවිතා කෙරෙන අතර ලිංගික දුරාචාරය අසාමාන්‍ය දෙය නොව නීතිය වී ඇත. ඔබේ රටේ විශ්ව විද්‍යාල ගැන මෙය සත්‍යයක් නම්, එහි සිටීමෙන් සදාචාර ලෙස පිරිසිදු ව සිටීමට දරන ඔබේ වෑයම් නිෂ්ප්‍රභා විය නොහැකි ද?—1 කොරින්ති 6:18.

සැලකිලිමත්වීමට වෙනත් කාරණයක් වන්නේ උසස් අධ්‍යාපනයට අනාවරණය වීමත් සමඟ ම “ආගමික ධර්මයන්ගේ හරයට ස්ථිර ව සිටීම,” පහත වැටීම සම්බන්ධයෙන් සවිස්තර ලියවිලිවලින් ඔප්පු කර තිබීම ය. (ද සේක්‍රඩ් ඉන් අ සෙක්‍යුල ඒජ්) උසස් ලකුණු මට්ටම් පවත්වා ගැනීමට තිබෙන පීඩනය ඇතැම් ක්‍රිස්තියානි යෞවනයන්ට ආත්මික ක්‍රියාකාරකම් අතපසු කිරීමට සලස්වා ඇති අතර මෙබැවින් විශ්ව විද්‍යාල මගින් ලෝකයේ සිතුවිලි වැඩි දියුණු කිරීමේ වේගවත් ආක්‍රමණයෙන් පහර ලබයි. ඇතැමෙකු තම ඇදහිල්ල සම්බන්ධයෙන් සුන් වූ තත්ත්වයක් විඳ තිබේ.—කොලොස්සි 2:8.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවට විකල්පයන්

මෙම සාධක සැලකීම හේතුවෙන්, බොහෝ ක්‍රිස්තියානි යෞවනයන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයකට එරෙහි ව තීරණය ගෙන තිබේ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවල ඉදිරිපත් කෙරෙන පුහුණුව—විශේෂයෙන් සති පතා දිව්‍යාණ්ඩු සේවා පාසල—රැකියාවක් සෙවීමේ දී ඔවුනට සැබෑ වාසියක් වී ඇති බව බොහෝ දෙනෙකු සොයා ගෙන තිබේ. විශ්ව විද්‍යාල උපාධියක් හිමි ව නොසිටියත්, එවන් යෞවනයෝ තැන්පත් ව, තමන් ව ප්‍රකාශ කිරීමට සමර්ථ ව හා වගකීම් ඉසිලීමට ඉතා දක්ෂ ව සිටීමට උගනිති. තවදුරටත්, ද්විතීයික පාසලේ සිටින විට යතුරු ලියනය, පරිගණක තොරතුර කැවීම, මෝටර් රථ අලුත්වැඩියාව, යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ වැඩ, යනාදි දෑ සම්බන්ධයෙන් ඇතැමෙක් පාඨ මාලාවන් හදාරති. එවන් කුසලතාවන් ඔවුනට අර්ධ-කාලීන රැකියා සපයනු ඇති අතර බොහෝ විට ඒවාට ඉහළ ඉල්ලුමක් ද තිබිය හැක. තව ද බොහෝ යෞවනයන් ‘තම අත්වලින් වැඩ කිරීම හෙලා දැක්කත්,’ “වෙහෙස මහන්සි දරා . . . වැඩ” කිරීම බයිබලයේ උතුම් කොට දක්වයි. (එපීස 4:​28, නව අනුවාදය; සසඳන්න හිතෝපදේශ 22:​29.) මන්ද, යේසුස් වහන්සේ ම ඉතා හොඳින් කර්මාන්තයක් ඉගෙන ගත් බැවින් උන් වහන්සේ ව “වඩුවා” කියා හඳුන්වනු ලැබී ය!—මාර්ක් 6:3.

සමහර රටවල විශ්ව විද්‍යාල උපධිධාරීන් එතරම් ම ගහණ ව සිටින බැවින් යම් අමතර රැකියා පුහුණුවක් නොමැති ව සාමාන්‍ය රැකියාවන් පවා ලබා ගැනීම දුෂ්කර බව කීම සැබෑ ය. එහෙත් බොහෝ විට කාලය සහ මුදල් අවම වශයෙන් යෙදීමෙන් රැකියා සඳහා දක්ෂතාවයන් උගත හැකි ආධුනිකත්ව වැඩසටහන්, වෘත්තීය හෝ තාක්ෂණික පාසල් සහ කෙටි-කාලීන විශ්ව විද්‍යාල පාඨ මාලා තිබේ. රැකියා සංඛ්‍යා ලේඛන ගණන් නොගන්නා වූ සාධකයක් ද තිබෙන බව කිසිදා අමතක නොකරන්න: එනම් ආත්මික අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන අය සඳහා සැපයීමට වූ දෙවියන් වහන්සේගේ පොරොන්දුවයි.—මතෙව් 6:33.

රැකියා ප්‍රස්තාවන් සහ අධ්‍යාපනික සැලසුම්, ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ. යෞවනයන්ට වෙනස් හැකියාවන් හා නැඹුරුවාවන් තිබේ. තව ද ක්‍රිස්තියානි දේව සේවයේ දී වෘත්තියක් ප්‍රයෝජනවත් යයි නිර්දේශ කර තිබෙන අතර, එය තවමත් පුද්ගලික තෝරා ගැනීමේ කාරණයකි. මෙබැවින් ඔබට අධ්‍යාපනයක් සුදුසු වන්නේ කෙතරම් දුරකට දැයි තීරණය කිරීමේ දී ඇතුළත් ව තිබෙන සියලු සාධක ඔබ හා ඔබේ දෙමව්පියන් විසින් ප්‍රවේසමෙන් සලකා බැලිය යුතුයි. එවන් තීරණ ගැනීමේ දී ‘එකිනෙකා තම තමාගේ බර ඉසිලිය යුතු ය.’—ගලාති 6:5.

උදාහරණයක් වශයෙන්, ඔබ විශ්ව විද්‍යාලයට යා යුතුයි කියා ඔබේ දෙමව්පියන් බල කර සිටිනවා නම්, ඔබට තේරීමක් කළ නොහැකි වන නමුත් ඔබ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ජීවත් වන තාක්කල් ඔවුනට කීකරු ව සිටීමට සිදු වේ.b (එපීස 6:​1-3) සමහර විට ඔබට විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් නොලබා නිවසේ සිට විශ්ව විද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලැබිය හැක. උදාහරණයක් වශයෙන්, ඔබ විසින් පාඨ මාලාවන් තේරීමේ දී ලෝක දර්ශනයන්ට වඩා, රැකියා කුසලතාවන් ඉගෙනීමට යොමු වෙන තෝරා ගැනීමක් කරන්න. ඔබේ ආශ්‍රිතයන් ගැන ආරක්ෂිත වන්න. (1 කොරින්ති 15:33) රැස්වීම්වලට යාමෙන්, ක්ෂේත්‍ර සේවය හා පුද්ගලික පාඩම මගින් ඔබ ව ආත්මික ව ශක්තිමත් ව තබා ගන්න. විශ්ව විද්‍යාලයට යාමට බල කරනු ලැබ සිටියා වූ ඇතැම් යෞවනයන්ට පුරෝගාමි සේවය හැකි කරවන පාඩම් මාලාවන් තෝරා ගැනීමෙන් පුරෝගාමි සේවයේ නියැලීමට පවා හැකි වී තිබේ.

ඔබේ වෘත්තිය ප්‍රවේසමෙන් හා යාච්ඤා පූර්වක ව තෝරා ගන්න, එවිට එය පුද්ගලික සතුට ගෙන එනවා පමණක් නොව නමුත් ‘ස්වර්ගයෙහි වස්තු රැස් කිරීමට’ ඔබට හැකි කරවනු ඇත.—මතෙව් 6:20.

[අධෝලිපි]

a  එක්සත් ජනපදයේ, වර්ෂයකට විශ්ව විද්‍යාලීය වියදම්වල සාමාන්‍යය $10,000කට වඩා වැඩි ය! එමගින් ශිෂ්‍යයන්ට තම ණයගැති භාවයෙන් මිදීමට බොහෝ විට වර්ෂ ගණනාවක් ගත වේ.

b  ඔබේ දෙමව්පියන් ව තෘප්තිමත් කිරීමට අනිවාර්යයෙන් ම වසර-හතරක උපාධියක් ලබා ගැනීමට අවශ්‍ය නොවිය හැක. උදාහරණයක් ලෙස, එක්සත් ජනපදයේ, වෘත්තීය හා සේවා සම්බන්ධ ක්ෂේත්‍රයන්හි, සේව්‍යයන් විසින් සහය උපාධියක් පිළිගන්නා අතර, වසර දෙකකින් එය ලබා ගත හැක.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

◻ පුද්ගලික සතුට ගෙන ඒමට බාහිර වෘත්තීන් බොහෝ විට අසමත් වන්නේ මන්ද?

◻ සියලු දේව බියැති යෞවනයන් පූර්ණ-කාලීන දේව සේවයේ වෘත්තියක් ගැන සලකා බැලිය යුත්තේ මන්ද?

◻ උසස් අධ්‍යාපනයේ වාසි යයි පවසන දෑ මොනවා ද, ඒවා සැමවිට ම සත්‍ය බව ඔප්පු වේ ද?

◻ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ඇති කළ හැක්කේ කිනම් අනතුරු ද?

◻ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවට කිනම් විකල්පයන් සලකා බැලීමට යෞවනයෙකුට හැකි ද?

[175 පිටුවෙහි හුවා දැක්වීම]

රැකියාවක් මගින් වස්තුව හා පිළිගැනීම මැනවින් ගෙන දිය හැක, නමුත් ‘කෙනෙකුගේ ආත්මික අවශ්‍යතාවයන්,’ සෑහීමකට පත් කිරීමට එයට නොහැක

[177 පිටුවෙහි හුවා දැක්වීම]

රැකියා ලබා ගැනීමේ සාර්ථකත්වය “[විශ්ව විද්‍යාල] උපාධියක් මගින් තවදුරටත් සහතික නොකරයි”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න