6වන කොටස
දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?
1, 2. මුල් මිනිස් යුවළට දෙවිගෙන් ලැබී තිබුණු සියලු වරප්‍රසාද අහිමි වුණේ ඇයි?
දෙවි ආදම් සහ ඒවට ලබා දුන් පාරාදීසයක් බඳු උයන ඔවුන්ට අහිමි වුණේ ඇයි? සාමයෙන් හා සතුටෙන් පිරුණු පාරාදීසයක් වෙනුවට මුළු පොළොවම දුක් කම්කටොලු සහ දුෂ්ටකම්වලින් පිරී තිබෙන්නේ ඇයි?
2 ඒ සියල්ලටම හේතුව වූයේ තීරණ ගැනීමට තමන්ට තිබුණු නිදහස ආදම් සහ ඒව වැරදි ආකාරයෙන් භාවිත කිරීමයි. දෙවිට කීකරු වෙනවා වෙනුවට ඔවුන් තමන් කැමති ලෙස ජීවත් වීමට තීරණය කළා. ඔවුන් එසේ කටයුතු කළේ තමන්ගේ ජීවිතය වඩා සාර්ථක කරගැනීමට හැකි වෙයි කියා සිතූ නිසයි.—උත්පත්ති 3වන පරිච්ඡේදය.
දෙවිගේ පාලන අයිතිය අභියෝගයට ලක් වී
3-5. දෙවි ආදම් සහ ඒවව විනාශ නොකළේ ඇයි?
3 දෙවි ආදම් සහ ඒවව විනාශ කර ඔවුන් වෙනුවට අලුත් යුවළක් නිර්මාණය නොකළේ ඇයි? ඊට හේතුව මුළු විශ්වයම පාලනය කිරීම සඳහා දෙවිට තිබෙන අයිතියට විරුද්ධව චෝදනාවක් එල්ල වී තිබීමයි.
4 මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ කාටද? ඒ අයිතිය තිබෙන්නේ මුළු විශ්වයම නිර්මාණය කළ සියලු බලැති දෙවිටයි. ඔහු ප්‍රඥාවෙන් පූර්ණ නිසා සියලුදෙනාවම හොඳින් පාලනය කළ හැක්කේ ඔහුට පමණයි. නමුත් මේ වන විට ඔහුගේ පාලන අයිතියට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබෙනවා. එමෙන්ම ඕනෑම තත්වයක් යටතේ දෙවිට විශ්වාසවන්තව සිටීමට මිනිසුන්ට හැකියාව තිබෙනවාද යන ප්‍රශ්නයත් මතු වී තිබෙනවා.
5 මුල් මිනිස් යුවළ දෙවිගේ පාලනයට පිටුපාමින් තමන් කැමති විදිහට ජීවත් වෙන්න සිතූ නිසා තවත් ප්‍රශ්නයක් මතු වුණා. එනම් දෙවිගේ පාලනයෙන් තොරව මිනිසාට සාර්ථක විය හැකිද යන්නයි. දෙවි එම ප්‍රශ්නයට පිළිතුර හොඳින්ම දැන සිටියා. නමුත් මිනිසුන්ම එය තේරුම්ගත යුතු නිසා දෙවි මිනිසුන්ගේ කැමැත්තට ඉඩහැරියා.
6, 7. තමන් කැමති ආකාරයෙන් ජීවත් වීමට දෙවි මිනිසුන්ට මෙතරම් කාලයක් ඉඩහැර තිබෙන්නේ ඇයි?
6 දෙවිගේ පාලනයෙන් තොරව මිනිසුන්ට සාර්ථක විය හැකිද කියා තේරුම්ගැනීමට දෙවි ඇති තරම් කාලයක් දී තිබෙනවා. දෙවි එතරම් කාලයක් දී තිබෙන්නේ දේශපාලන, කාර්මික, විද්‍යාත්මක හා වෛද්‍ය ක්ෂේත්‍රවලින් උපරිම දියුණුවක් ලැබීමෙන් හෝ මිනිසුන්ට සාර්ථක විය හැකිද කියා අත්හදා බැලීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට දෙවිගේ පාලනයෙන් තොරව සාර්ථක විය හැකිද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා. එමනිසා යළි කෙදිනකවත් මිනිසුන්ට එම ප්‍රශ්නයට පිළිතුර සොයාගැනීම සඳහා කාලයක් ඉඩහැරීමට දෙවිට සිදු වන්නේ නැහැ.
7 තමන් කැමති ආකාරයෙන් ජීවත් වීමට මිනිසුන්ට නිදහස ලැබී තිබෙන නිසා තමන් තෝරාගන්නේ කරුණාවන්තකමද නැත්නම් කුරිරුකමද, ප්‍රේමයද නැත්නම් වෛරයද, ධර්මිෂ්ඨ ප්‍රමිතිද නැත්නම් අධර්මිෂ්ඨකමද කියා තේරීමක් කිරීමට අවස්ථාව තිබෙනවා. නමුත් ඔවුන් තෝරාගන්නා දේට අනුව හොඳ හෝ නරක ප්‍රතිඵල අද්දකින්න ඔවුන්ට සිදු වෙනවා.
දේවදූතයන් දියත් කළ කැරැල්ල
8, 9. (අ) ස්වර්ගයේ කැරැල්ලක් ඇති වුණේ කොහොමද? (ආ) ආදම් සහ ඒවට අමතරව යක්ෂයාගේ කැරැල්ලට එකතු වුණේ කවුද?
8 ආදම් සහ ඒවට අමතරව දෙවිගේ පාලනයට විරුද්ධව කැරලි ගැසූ තවත් පිරිසක් සිටියා. ඒ ස්වර්ගයේ සිටි දේවදූතයන්. දෙවි ඔවුන්ව නිර්මාණය කළේ ආදම් සහ ඒවව නිර්මාණය කිරීමට කලිනුයි. මිනිසුන්ට වඩා බලවත් ජීවීන් වන ඔවුන්ටත් නිදහසේ තීරණ ගැනීමේ හැකියාව දෙවි ලබා දුන්නා. ඒ නිදහස භාවිත කරමින් ඔවුන් කැමැත්තෙන්ම දෙවිගේ පාලනයට යටත් වෙයි කියා දෙවි බලාපොරොත්තු වුණා.—යෝබ් 38:7; ගීතාවලිය 104:4; එළිදරව් 5:11.
9 දෙවිගේ පාලනයට විරුද්ධව ඇති වූ කැරැල්ලේ ආරම්භය සිදු වූයේ ස්වර්ගයේ බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවිගේ පාලනයට යටත් නොවී තමන් කැමති අයුරින් ජීවත් වීමට ආශා කළ එක් දේවදූතයෙක් මිනිසුන් දෙවිට කරන නමස්කාරය තමන්ට ලබාගැනීමට උත්සාහ කළා. (මතෙව් 4:8, 9) ඇත්තෙන්ම ආදම් සහ ඒවව දෙවිට විරුද්ධව කැරලි ගැසීමට පෙලඹෙව්වෙත් එම දේවදූතයාමයි. මුල් මිනිස් යුවළට ලැබිය යුතු හොඳ දෙයක් දෙවි ඔවුන්ගෙන් වළක්වා තිබෙනවා කියා එම දේවදූතයා ඔවුන්ට පැවසුවා. (උත්පත්ති 3:1-5) ඔහු එලෙස ක්‍රියා කළ නිසා ඔහුව යක්ෂයා (අපහාස කරන්නා) සහ සාතන් (විරුද්ධකාරයා) යන නම්වලින් හඳුන්වනු ලබනවා. කාලයත් සමඟම ඔහු තවත් දේවදූතයන්වත් ඔහුගේ පැත්තට හරවාගත්තා. ඔවුන්ව හඳුන්වනු ලබන්නේ භූතයන් ලෙසයි.—ද්විතීය කතාව 32:17; එළිදරව් 12:9; 16:14.
10. මිනිසුන් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය කුමක්ද?
10 දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් යක්ෂයාගේ සහ භූතයන්ගේ ග්‍රහණයට නතු වුණා. යක්ෂයාව “මේ සමාජයේ දෙවියා” ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. ඔහු දෙවි කෙරෙහි විශ්වාසයක් නැති අයගේ ‘මනස් අන්ධ කරන’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ [එනම් යක්ෂයාගේ] බලපෑමට යටත්” කියා පැවසිය හැකියි. යේසුස් පවා යක්ෂයාව “මේ ලෝකයේ පාලකයා” හැටියට හැඳින්වූයේ ඒ නිසයි.—2 කොරින්ති 4:4; 1 යොහන් 5:19; යොහන් 12:31.
ප්‍රශ්න දෙකක් මතු වී
11. යක්ෂයා මිනිසුන් සම්බන්ධයෙන් දෙවිට නැඟූ චෝදනාව කුමක්ද?
11 දෙවි මිනිසාව නිර්මාණය කළ ආකාරයේ යම් දෝෂයක් ඇති බවත් දුක් කරදර ඇති වන විට මිනිසුන් දෙවිව අත්හරිනවා කියාත් යක්ෂයා දෙවිට චෝදනා කළා. එමෙන්ම පීඩා අද්දකින්න සිදු වන විට මිනිසුන් දෙවිට ශාප කරන බවත් ඔහු පැවසුවා. (යෝබ් 2:1-5) එලෙස චෝදනා කිරීමෙන් මිනිසුන් ඕනෑම තත්වයක් යටතේ දෙවිට විශ්වාසවන්තව සිටියිද කියා ඔහු ප්‍රශ්න කළා.
12-14. යක්ෂයා මතු කළ ප්‍රශ්නවලට කාලයත් සමඟ ලැබෙන පිළිතුරු මොනවාද?
12 දෙවිගේ පාලනයට වඩා හොඳ පාලනයක් තිබෙනවාද සහ මිනිසුන් දෙවිට දිගටම විශ්වාසවන්තව සිටිනවාද යන ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට දෙවි කාලයක් ඉඩහැර තිබෙනවා. (නික්මයාම 9:16) මිනිස් ඉතිහාසය දෙස හැරී බැලීමෙන් අපට එම ප්‍රශ්නවලට පිළිතුරු පැහැදිලිව දැකගත හැකියි.
13 ඉතිහාසය දෙස බලන විට මිනිසුන්ගේ පාලනය දෙවිගේ පාලනයට වඩා සාර්ථක වී තිබෙනවා කියා පැවසිය හැකිද? යුද්ධ, අපරාධ හා අයුක්තියෙන් තොර සාමකාමී ලොවක් බිහි කිරීමට මිනිස් පාලකයන්ට හැකි වී තිබෙනවාද? ඔවුන් දුගීකමට නිමාවක් ගෙනෙමින් සෞභාග්‍යමත් ජීවිතයක් මිනිසුන්ට අත් කර දී තිබෙනවාද? ලෙඩ දුක්, මහලු විය හා මරණය මුලිනුපුටා දැමීමට ඔවුන් සමත් වී ඇද්ද? ඇත්තෙන්ම මිනිසුන් ආරම්භයේ සිටම දෙවිගේ පාලනයට යටත්ව සිටියා නම් ඒ කිසිම ප්‍රශ්නයකට මුහුණ දීමට මිනිසුන්ට සිදු වන්නේ නැහැ.—උත්පත්ති 1:26-31.
14 යක්ෂයා මිනිස් වර්ගයා සම්බන්ධයෙන් නැඟූ චෝදනාව ගැන මේ වන විට හෙළි වී තිබෙන්නේ කුමක්ද? දෙවි මිනිසුන්ව නිර්මාණය කළ ආකාරයේ යම් දෝෂයක් තිබුණාද? පීඩා හමුවේ මිනිසුන් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැද්ද? දෙවිගේ පාලනයට යටත්ව ජීවත් වීමට කැමති කිසිවෙක් සිටිනවාද?
[13වන පිටුවේ පින්තූරය]
මිනිසාට උපරිමයෙන් දියුණු වීමට දෙවි ඉඩ දී තිබෙනවා
[හිමිකම් විස්තර]
Shuttle: Based on NASA photo