ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rq 10 පාඩම 20-21 පි.
  • දෙවි පිළිකුල් කරන ක්‍රියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි පිළිකුල් කරන ක්‍රියා
  • දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • සමාන තොරතුරු
  • දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • සූදුව නමැති මලපතෙන් වැළකෙන්න
    2002 පිබිදෙව්!
  • සූදුව
    2015 පිබිදෙව්!
  • නවක සූදු බැඳුම්කරුවෝ යෞවනයෝ!
    1995 පිබිදෙව්!
තව තොරතුරු
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
rq 10 පාඩම 20-21 පි.

10වන පාඩම

දෙවි පිළිකුල් කරන ක්‍රියා

දෙවි නරකයි කියා පවසන දේවල් ගැන ඔබට හැඟිය යුත්තේ කොහොමද? (1)

කිනම් ආකාරයේ ලිංගික හැසිරීම වැරදිද? (2)

ක්‍රිස්තියානීන් මේවා සැලකිය යුත්තේ කොහොමද? බොරු කීම (3) සූදුවේ නියැලීම (3) සොරකම් කිරීම (3) සාහසිකකම (4) භූතවාදය (5) බේබදුකම (6)

නරක පුරුදුවලින් පුද්ගලයෙකු මිදෙන්නේ කොහොමද? (7)

1. දෙවිගේ සේවකයන් යහපතට ප්‍රේම කරනවා. එහෙත් නපුරට වෛර කිරීමටද ඔවුන් ඉගෙනගන්න අවශ්‍යයි. (ගීතාවලිය 97:10) ඉන් අදහස් කරන්නේ දෙවි පිළිකුල් කරන ඇතැම් ක්‍රියාවලින් වැළකී සිටිනවා කියන එකයි. මෙවන් ක්‍රියාවලින් සමහරක් මොනවාද?

2. වේශ්‍යාකම: විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, කාමමිථ්‍යාචාරය, සතුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, ඉතා කිට්ටු ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම හා සමලිංගික ඇසුර යන සියල්ල දෙවිට විරුද්ධව කරන බරපතළ පාපයි. (ලෙවී කථාව 18:6; රෝම 1:26, 27; 1 කොරින්ති 6:9, 10) යුවළක් විවාහ නොවී එකට ජීවත් වෙනවා නම්, ඔවුන් වෙන් වෙන්න අවශ්‍යයි. එසේ නැතහොත් නීතියට එකඟව විවාහ වෙන්න ඕනේ.—හෙබ්‍රෙව් 13:4.

3. බොරු කීම, සූදුවේ නියැලීම, සොරකම් කිරීම: යෙහෝවා දෙවිට බොරු කියන්න බැහැ. (තීතස් 1:1) ඔහුගේ අනුමැතිය ලබාගැනීමට කැමති ජනයා බොරු කීමෙන් වළකින්න අවශ්‍යයි. (හිතෝපදේශ 6:16-19; කොලොස්සි 3:9, 10) සූදුවේ නියැලීමේ සෑම ක්‍රමයක්ම කෑදරකමින් දූෂ්‍ය වී තිබෙනවා. එනිසා, ලොතරැයි, අශ්වයන්ට ඔට්ටු ඇල්ලීම හා ටොම්බෝලා වැනි ඕනෑම ආකාරයක සූදුවේ නියැලීමකට ක්‍රිස්තියානීන් සහභාගි වන්නේ නැහැ. (එපීස 5:3-5) එමෙන්ම, ක්‍රිස්තියානීන් සොරකම් කරන්නේද නැහැ. සොරකම් කරන ලද දේපොළ ඔවුන් දැනුවත්ව මිල දී නොගන්නා අතර, අවසර නැතුව දේවල් ගන්නෙත් නැහැ.—නික්මයාම 20:15; එපීස 4:28.

4. කෝපාවිෂ්ටකම, සාහසිකකම: පාලනයෙන් තොර කෝපය සාහසික ක්‍රියාවලට මඟ පාදන්න පුළුවන්. (උත්පත්ති 4:5-8) දරුණු පුද්ගලයෙකුට දෙවිගේ මිත්‍රයෙකු වෙන්න බැහැ. (ගීතාවලිය 11:5; හිතෝපදේශ 22:24, 25) පළිගැනීම හෝ අනුන් අපට විරුද්ධව කළ හැකි නරක දේවලට අපත් යම් නපුරක් කිරීම වැරදි දෙයක්.—හිතෝපදේශ 24:29; රෝම 12:17-21.

5. හදි හූනියම් හා භූතවාදය: අසනීප සුව කරගැනීමට උත්සාහ කිරීමක් හැටියට, සමහරු භූතයන්ගේ පිහිට පතනවා. වෙනත් අය තම සතුරන්ව අසනීප කිරීමට නැතහොත් ඔවුන්ව මරුමුවට පත් කිරීමට පවා හූනියම් කරනවා. මෙවන් ක්‍රියා සියල්ලම පිටුපස සිටින බලවේගය වන්නේ, සාතන්. එනිසා ක්‍රිස්තියානීන් එවැනි කිසිම දෙයකට සහභාගි වීම සුදුසු නැහැ. (ද්විතීය කථාව 18:9-13) අපට කර තිබෙන හූනියම්වලට තිබෙන හොඳම ආරක්ෂාව වන්නේ, යෙහෝවාට ළං වී සිටීමයි.—හිතෝපදේශ 18:10.

6. බේබදුකම: වයින්, බීර හෝ වෙනයම් මත්පැන් වර්ගයක් සුළු වශයෙන් පානය කිරීම වරදක් නෙවෙයි. (ගීතාවලිය 104:15; 1 තිමෝති 5:23) එහෙත් අධික මත්පැන් පානය හා බේබදුකම දෙවි ඉදිරියේ වැරදියි. (1 කොරින්ති 5:11-13; 1 තිමෝති 3:8) ඔබේ සෞඛ්‍යයට හානි කිරීමටත් ඔබේ පවුල කඩාකප්පල් කිරීමටත් බීමත්කමට පුළුවන්. එමෙන්ම ඔබ වෙනත් පරීක්ෂාවන්ට පහසුවෙන් අසුවීමට එය හේතුවක් වෙන්න පුළුවන්.—හිතෝපදේශ 23:20, 21, 29-35.

7. දෙවි නරකයයි කියන දේවල යෙදෙන අයට ‘දෙවිගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.’ (ගලාති 5:19-21) ඔබ සැබවින්ම දෙවිට ප්‍රේම කර ඔහුව සතුටු කිරීමට කැමති නම්, ඔබට මෙම ක්‍රියාවල ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන්. (1 යොහන් 5:3) දෙවි නරකයයි කියන දේ පිළිකුල් කිරීමට ඉගෙනගන්න. (රෝම 12:9) දේවභක්තික පුරුදුවල නියැලෙන ජනයා සමඟ ඇසුරු කරන්න. (හිතෝපදේශ 13:20) මේරූ ක්‍රිස්තියානි ආශ්‍රිතයන්ගෙන් ඔබට උපකාර ලබාගන්න පුළුවන්. (යාකොබ් 5:14) ඒ සියල්ලටම වඩා, යාච්ඤාව තුළින් දෙවි සපයන උපකාරය මත රඳා සිටින්න.—පිලිප්පි 4:6, 7, 13.

[20, 21වන පිටුවේ පින්තූර]

දෙවි බේබදුකම, සොරකම් කිරීම, සූදුවේ නියැලීම හා සාහසික ක්‍රියා පිළිකුල් කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න