ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • la 2 පි.
  • පෙරවදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙරවදන
  • සතුටින් පිරි ජීවිතයකට මඟ
සතුටින් පිරි ජීවිතයකට මඟ
la 2 පි.

පෙරවදන

තරුණ ගෑනු ළමයෙක් ෆෝන් එකෙන් කතා කරනවා. හෙඩ්සෙට් එකක් දාගෙන ඉන්න තරුණයෙක්. සැමියා තමන්ව නොසලකාහරින නිසා එපා වෙලා ඉන්න බිරිඳක්

මතු දැක්වෙන පරස්පර විරෝධතාවන් සලකා බලන්න. එක් කාර්මික රටක ජනයාගෙන් සියයට 90කට වඩා වැඩි පිරිසක් කියා සිටින්නේ, ඔවුන් ඉතා සතුටින් හෝ යම් ප්‍රමාණයක සතුටකින් දිවි ගෙවන බවයි. එනමුත් එම රටෙහි වැඩියෙන්ම අලෙවි වන ඖෂධ වර්ග 10න් 3ක්ම මානසික අසහනයට ප්‍රතිකාර වශයෙන් යොදාගැනේ. එම රටෙහිම, ජනයාගෙන් සියයට 91ක් කියා සිටින්නේ ඔවුන්ගේ පවුල් ජීවිත සතුටින් පිරී ඇති බවයි. කෙසේවෙතත්, විවාහවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කෙළවර වන්නේ දික්කසාදයෙනි.

ලෝක ජනගහනයෙන් අඩක් පමණ නියෝජනය කරන රටවල් 18ක ජනතාව සම්බන්ධයෙන් පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වූයේ, “ලෝකයේ ජීවත් වන වැඩිදෙනාට අනාගතය සම්බන්ධයෙන් ඇත්තේ ඉතා අඳුරු අපේක්ෂාවක්” බවයි. මින් පැහැදිලි වන්නේ වැඩිදෙනෙකු ඇත්තටම සතුටින් පිරි ජීවිත ගත නොකරන බවයි. ඔබේ තත්වය ගැන කුමක් කිව හැකිද? සැබවින්ම සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම කාගෙත් ප්‍රාර්ථනයයි. මෙම විවරණිකාවේ ඉලක්කය වන්නේ එම සිහිනය සැබෑ කරගැනීමට ඔබට මඟ පෙන්වීමයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න