ඔයාට ආදර්ශයක්—හෙසකියා
හෙසකියා, රජ වෙන කොට එයාට වයස අවුරුදු 25යි. එයාගේ තාත්තා ඒ කියන්නේ ආහස් රජ, යෙහෝවා දෙවිට විරුද්ධව ගොඩක් දුෂ්ට දේවල් කරපු රජ කෙනෙක්. එයා බොරු දෙවිවරුන්ට නමස්කාර කළා විතරක් නෙමෙයි අඩුම තරමින් එයාගේ එක පුතෙකුව හරි ගින්නෙන් පුච්චලා දෙවිවරුන්ට පූජා කළා. (2 ලේකම් 28:1-4) හැබැයි හෙසකියා රජ එයාගේ තාත්තා කරපු වැරදි දේවල් කළේවත් ‘යෙහෝවා දෙවිව අත්හැරියේවත් නැහැ.’—2 රාජාවලිය 18:6.
සමහරවිට ඔයාගේ අම්මා නැත්නම් තාත්තා යෙහෝවා දෙවිව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. ඔයාට නරක විදිහට සලකනවා ඇති. නැත්නම් නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා ඇති. හැබැයි ඒ වැරදි ඔයා කරන්න අවශ්‍ය නැහැ. හෙසකියා රජ පොඩි කාලේ ඉඳලා එයාගේ තාත්තා කරපු නරක දේවල් දැක්කට ඒවා නිසා එයාගේ ජීවිතේ කඩාකප්පල් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. එයා කොච්චර හොඳ රජ කෙනෙක් වුණාද කියනවා නම් බයිබලයේ කියන්නේ, “ඔහුට පෙර හා පසුව යූදා දේශය පාලනය කළ රජවරුන් අතරේ ඔහු හා සමාන රජ කෙනෙක් සිටියේ නැත” කියලයි. (2 රාජාවලිය 18:5) හෙසකියා රජ වගේ ඔයාටත් පුළුවන් ගෙදරින් කොච්චර ප්‍රශ්න ගැටලු ආවත් ඔයාගේ ජීවිතේ හොඳින් ගත කරන්න. හැබැයි ඒක කරන්න නම් ඔයාත් දෙවිව අත්හරින්නේ නැතුව ඉන්න ඕනේ.