ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 12 කොටස 15 පි.
  • ප්‍රඥාවන්ත ඔවදන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රඥාවන්ත ඔවදන්
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • හිතෝපදේශ 3:5, 6 - “නුඹේම නුවණෙහි නොපිහිටන්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • හික්මවීම පිළිගනිමින් ප්‍රඥාව ලබාගන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හිතෝපදේශ 22:6 - “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • ප්‍රඥාවන්ත රජෙක්
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 12 කොටස 15 පි.
අතීතයේ හිටපු අය ධාන්‍ය එකතු කරනවා

12වන පාඩම

ප්‍රඥාවන්ත ඔවදන්

බයිබලයේ හිතෝපදේශ පොත පුරාම දෙවිගෙන් ලැබුණු ප්‍රඥාවන්ත උපදෙස් දැකගත හැකියි. එහි සඳහන් ප්‍රායෝගික උපදෙස්වලින් බොහොමයක් ලියනු ලැබුවේ සලමොන් රජු විසිනුයි

යෙහෝවා දෙවි ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන් කෙනෙකුට තම ජීවිතය සාර්ථක කරගත හැකිද? ඊට පිළිතුර දැනගැනීමට නම් දෙවි ලබා දී තිබෙන උපදෙස් සෝදිසි කර බැලීම වැදගත්. අපේ ජීවිතයේ විවිධ පැතිවලට අදාළ කරගත හැකි එවැනි උපදෙස් සිය ගණනක් සලමොන් රජු විසින් ලියනු ලැබුවා. ඉන් කිහිපයක් දැන් සලකා බලමු.

දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම. කෙනෙකුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් ඔහුට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබිය යුතුයි. ඒ ගැන සලමොන් පැවසුවේ මෙසේයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” (හිතෝපදේශ 3:5, 6) දෙවි කෙරෙහි විශ්වාසය තැබීම යන්නෙන් අදහස් කරන්නේ දෙවි ලබා දෙන මඟ පෙන්වීම් හොඳින් අවබෝධ කරගෙන අපේ ජීවිතයේ සෑම කාරණයකදීම ඒවාට කීකරු වීමයි. එසේ කිරීමෙන් දෙවිගේ සිත සතුටු කිරීමටත් අපේ ජීවිතය සාර්ථක කරගැනීමටත් අපට පුළුවන්. එමෙන්ම දෙවිගේ සතුරා වන සාතන් නැඟූ චෝදනාවට හොඳ පිළිතුරක් දීමටත් අපට හැකියි.—හිතෝපදේශ 27:11.

අන් අය සමඟ කටයුතු කිරීම. යෙහෝවා දෙවි ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට හා දරුවන්ට දී තිබෙන උපදෙස් වෙන කවරදාකටත් වඩා අද කාලයට ඉතා ප්‍රයෝජනවත්. ස්වාමිපුරුෂයන්ට උපදෙස් දී තිබෙන්නේ, “ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න” කියායි. එයින් ඔවුන් තම භාර්යාවන්ට දිගටම විශ්වාසවන්තව සිටිය යුතු බව කාවද්දනවා. (හිතෝපදේශ 5:18-20) තම පුරුෂයාගේ සහ දරුවන්ගේ ප්‍රශංසාව දිනාගනිමින් ගුණවත් ස්ත්‍රියක් කටයුතු කරන ආකාරය හිතෝපදේශ පොතේ 31වෙනි පරිච්ඡේදය පුරාම කතා කරනවා. විවාහක ස්ත්‍රීන්ට එහි ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් මහත් ප්‍රයෝජන ලබාගත හැකියි. දරුවන්ට තම දෙමාපියන්ට කීකරු වන ලෙසද එහි උපදෙස් දී තිබෙනවා. (හිතෝපදේශ 6:20) එමෙන්ම මිතුරන් ජීවිතයට කොතරම් වැදගත්ද යන කාරණයත් අන් අයගෙන් වෙන්ව කටයුතු කරන තැනැත්තා නිතරම තමාගේ ආශාවන් ඉටු කරගැනීමට පෙලඹෙන බවත් එහි පෙන්වා දෙනවා. (හිතෝපදේශ 18:1) මිතුරන් ඥානවන්තව තෝරාගත යුතු බවත් එහි සිහිගන්වා තිබෙනවා. මන්ද අප තෝරාගන්නා මිතුරන්ට පුළුවන් අපව හොඳ දේවල් කිරීමට හෝ නරක දේවල් කිරීමට පොලඹවන්න.—හිතෝපදේශ 13:20; 17:17.

තම දුර්වලකම් හදාගැනීම. හිතෝපදේශ පොතේ කෙනෙකුට තමා ගැනම සිතා බැලිය යුතු දේවල් සම්බන්ධයෙන් උපදෙස් බොහොමයක් දී තිබෙනවා. උදාහරණයකට මත්පැන් භාවිතය, හොඳ ගතිපැවතුම් ඇති කරගැනීම, නරක ගතිපැවතුම් ඉවත් කරගැනීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම වැනි දේවල් සඳහන් කළ හැකියි. (හිතෝපදේශ 6:6; 14:30; 20:1) දෙවිගේ උපදෙස් නොසලකාහැර තමාගේ මතයට අනුව කටයුතු කිරීම විනාශයට මඟ පාදන බව එහි අනතුරු අඟවා තිබෙනවා. (හිතෝපදේශ 14:12) එමෙන්ම නරක දේවල් කිරීමට පොලඹවන සිතුවිලිවලින් අපේ සිත ආරක්ෂා කරගන්න කියාද එහි සිහිගන්වනවා. මන්ද, “ජීවනය නික්මෙන්නේ [සිතිනුයි.]”—හිතෝපදේශ 4:23.

දෙවි ලබා දී තිබෙන එවැනි උපදෙස් පිළිපැදීමෙන් තම ජීවිතය සාර්ථක කරගත හැකි බව ලොව පුරා වෙසෙන මිනිසුන් බොහෝදෙනෙක් අද්දැක තිබෙනවා. ඒ නිසා ඔවුන් යෙහෝවා දෙවිව ඔවුන්ගේ පාලකයා ලෙස පිළිගෙන ඔහු ලබා දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම යටත් වෙනවා.

—හිතෝපදේශ පොත.

  • හිතෝපදේශ පොතේ සඳහන් දේවල් අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

  • අපේ ජීවිතයේ පැති තුනක් සම්බන්ධයෙන් හිතෝපදේශ පොතේ ලබා දෙන උපදෙස් මොනවාද?

දේශනාකාරයා පොත

සැබෑ සතුට ලබමින් සාර්ථක ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද? ඊට පිළිතුරක් සොයාගැනීමට ප්‍රඥාවන්ත සලමොන් රජ උත්සාහ කළා. ඔහු ධන සම්පත් බොහොමයක් රැස් කරගත්තා. රූමත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුව විවාහ කරගත් අතර උපරිම අන්දමින් විනෝද වුණා. ගොඩනැඟීමේ ව්‍යාපෘති ගණනාවකටම හවුල් වුණා. දැන උගත් අයගේ ලේඛන ඔහු අධ්‍යයනය කළා. නමුත් ඔහු කළ සෑම දෙයකින්ම ඔහු තේරුම්ගත්තේ ඒ, “ සියල්ල නිෂ්ඵල” බවයි. එසේනම් සැබෑ සතුට ලබමින් සාර්ථක ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද? සලමොන් රජු ඒ ගැන පැවසුවේ මෙසේයි. “සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.”—දේශනාකාරයා 12:8, 13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න