ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jl 7 පාඩම
  • අපේ රැස්වීම් කොයි වගේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ රැස්වීම් කොයි වගේද?
  • දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • සමාන තොරතුරු
  • අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” පොලඹවන රැස්වීම්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ඔයාටත් ප්‍රයෝජනවත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • නමස්කාරය සඳහා රැස් වෙන්න ඕනෙ ඇයි?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
jl 7 පාඩම

7වෙනි පාඩම

අපේ රැස්වීම් කොයි වගේද?

නවසීලන්තයේ පවත්වන සාක්ෂිකරුවන්ගේ රැස්වීමක්

නවසීලන්තය

ජපානයේ පවත්වන සාක්ෂිකරුවන්ගේ රැස්වීමක්

ජපානය

රැස්වීමකදී බයිබලය කියවන දරුවෙක්

උගන්ඩාව

බයිබල් පාඩමක් කරන විදිහ ගැන නිරූපණයක්

ලිතුවේනියාව

මුල් ක්‍රිස්තියානීන් දෙවිට නමස්කාර කරන්න එකට රැස් වුණාම ඒගොල්ලෝ දෙවිට ප්‍රශංසා ගී ගායනා කළා. යාච්ඤා කළා. ශුද්ධ ලියවිලි කියවලා ඒ ගැන සාකච්ඡා කළා. (1 කොරින්ති 14:26) අපේ රැස්වීම්වලදී අපි කරන්නෙත් ඒවාමයි.

අපි තොරතුරු ඉගෙනගන්නේ බයිබලෙන්. සති අන්තවල සාක්ෂිකරුවන්ගේ හැම සභාවකම විනාඩි 30ක බයිබල් දේශනයක් තියෙනවා. බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපිට අදාළ කරගන්න පුළුවන් විදිහ ගැනත් අපි ජීවත් වෙන මේ කාලේ ගැන බයිබලේ තියෙන දේවල් ගැනත් ඒ දේශනවලින් ඉගෙනගන්න පුළුවන්. දේශනය දෙන සහෝදරයා බයිබල් පද කියවද්දී අපිත් අපේ බයිබලෙන් ඒ පද බලනවා. දේශනයට පස්සේ පැයකට මුරටැඹ පාඩම තියෙනවා. ඒකේදී මුරටැඹ පාඩම් කලාපයෙන් ලිපියක් සාකච්ඡා කරනවා. සභාවේ ඉන්න ඕනම කෙනෙකුට ඒ ලිපියේ තියෙන ප්‍රශ්නවලට එයාලගේ අදහස් දෙන්න පුළුවන්. බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් පැති ගැන මුරටැඹ පාඩමෙන් අපි ඉගෙනගන්නවා. ලෝකේ පුරා තියෙන 1,10,000කට වඩා වැඩි අපේ හැම සභාවකම එක සතියක සාකච්ඡා කරන්නේ එකම ලිපියයි.

බයිබලේ තියෙන ඉගැන්වීම් අනිත් අයට හොඳින් කියලා දෙන්න අපිට පුහුණුවක් ලැබෙනවා. සතියේ දවසක හවස් වරුවේ අපිට තව රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමට අංග තුනක් තියෙනවා. කොටස් තුනකට බෙදලා තියෙන ඒ රැස්වීම හඳුන්වන්නේ ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය කියලයි. ඒකේදී සාකච්ඡා කරන්නේ මාසේට අදාළ ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ තියෙන තොරතුරු. මුලින්ම තියෙන්නේ දේවවචනය නිධානයක් කියන කොටසයි. සතියට කියවන්න දිරිගන්වලා තියෙන බයිබල් කොටසේ තියෙන තොරතුරු හොඳට තේරුම්ගන්න ඒකේදී උදව් කරනවා. ඊළඟට තියෙන්නේ සේවය හොඳින් කරන්න ඉගෙනගනිමු කියන කොටසයි. බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන්නේ කොහොමද කියලා ඒ කොටසේදී බලනවා. ඒකට නිරූපන ඇතුළත්. ඒවා කරන අයට තව හදාගන්න පුළුවන් පැති සහෝදරයෙක් පෙන්නලා දෙන නිසා සේවය හොඳින් කරන්න අපිට පුහුණුවක් ලැබෙනවා. (1 තිමෝති 4:13) අන්තිම කොටස වන යහපත් ක්‍රිස්තියානීන් වෙමු කියන කොටසේදී බයිබල් ප්‍රතිපත්ති අපේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන බලනවා. ඒකට ප්‍රශ්න උත්තර සාකච්ඡාවකුත් ඇතුළත්.

ඔයා අපේ රැස්වීම්වලට ආවොත් එතැනදී ඔයාට බයිබලෙන් ඉගෙනගන්න ලැබෙන වටිනා දේවල් ගැන ඔයා පුදුම වෙයි.—යෙසායා 54:13.

  • සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියොත් ඔයාට මොන වගේ තොරතුරු අහන්න ලැබෙයිද?

  • ඔයා එන්න කැමති මොන රැස්වීමටද?

යෝජනාවක්

ඊළඟ සතිවල තියෙන රැස්වීම්වලදී සාකච්ඡා කරන්න යන තොරතුරු කියවලා බලන්න. ඒ තොරතුරුවලින් ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් පාඩම් මොනවාද කියලා හිතන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න