ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 42 පරි. 104 පි.-105 පි. 2 ¶
  • යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් පරිසිවරුන්ට තරවටු කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යෙහෝවඃවහන්සේගේ දයාව ගැන යෝනා ඉගෙනගනියි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 42 පරි. 104 පි.-105 පි. 2 ¶
ෂෙබාහි බිසව සලමොන් රජ ඉදිරියට පැමිණෙයි

42වෙනි පරිච්ඡේදය

යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරයි

මතෙව් 12:33-50 මාක් 3:31-35 ලූක් 8:19-21

  • යේසුස් “යෝනාගේ ලකුණ” ගැන කියයි

  • ගෝලයන් එක්ක තියෙන කිට්ටු බැඳීම ගැන කියයි

යේසුස් භූතයන්ව දුරු කරන්නේ දෙවිගේ බලයෙන් කියලා පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන්නන් පිළිගන්නේ නැහැ. ඒ නිසා දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව අපහාස කිරීමේ වරදට ඔවුන් අහු වෙන්න ඉඩ තියෙනවා. ඔවුන් දෙවිගේ පැත්ත ගනියිද, සාතන්ගේ පැත්ත ගනියිද? යේසුස් දැන් මෙහෙම කියනවා. “ගස හොඳ නම් එහි පලත් හොඳයි. ගස නරක නම් එහි පලත් නරකයි. ගසක් හොඳද කියා හඳුනාගත හැක්කේ එහි පලවලිනුයි.”—මතෙව් 12:33.

ගහක අත්තක ඇති ගෙඩි

භූතයන්ව දුරු කරන එක වගේ හොඳ පල යේසුස් තුළ දකින්න ලැබෙන්නේ ඔහු සාතන්ට සේවය කරන නිසයි කියලා කියන්න පදනමක් නැහැ. ඔහු කන්ද උඩ දේශනයේදී කිව්වේ පල හොඳයි නම් ගසත් හොඳ වෙන්න ඕනෙ කියලයි. එහෙමනම් යේසුස්ට විරුද්ධව චෝදනා නඟමින් නරක පල උපදවන පරිසිවරුන් නරක ගස් හා සමාන බව පැහැදිලියි. යේසුස් ඔවුන්ට මෙහෙම කියන්නේ ඒ නිසයි. “පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි! ඔබ දුෂ්ටව සිටියදී හොඳ දේ කතා කරන්නේ කෙසේද? කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.”—මතෙව් 7:16, 17; 12:34.

අපි කියන දේවලින් අපේ හිත්වල තියෙන දේ හෙළි වෙනවා. ඒ අනුව තමයි අපිව විනිශ්චය කරන්නේ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “මිනිසුන් කියන පලක් නැති, හානිකර සෑම දෙයක් ගැනම ඔවුන්ට විනිශ්චය දවසේදී ගණන් දෙන්න සිදු වන බව මතක තබාගන්න. මන්ද ඔබ ධර්මිෂ්ඨයෙක් ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ ඔබ පවසන දේට අනුවයි. ඔබ වරදකරුවෙක් බවට පත් වන්නෙත් ඔබ පවසන දේට අනුවයි.”—මතෙව් 12:36, 37.

යේසුස් කරන බලවත් ක්‍රියාවලින් සෑහීමට පත් වෙන්නේ නැති පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන්නන් “ගුරුතුමනි, ආශ්චර්යවත් ලෙස යම් ලකුණක් අපට පෙන්නුවොත් ඔබව අපි පිළිගන්නවා” කියා පවසනවා. යේසුස් කරපු ආශ්චර්යයන් ඔවුන් දැක්කත් නැතත් ඒ දේවල් පිළිගන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ නිසා තමයි යේසුස් යුදෙව් ආගමික නායකයන්ට මෙහෙම කියන්නේ. “දුෂ්ට, ද්‍රෝහි පරම්පරාවක් දිගින් දිගටම ලකුණක් සොයයි. නමුත් අනාගතවක්තෘ යෝනාගේ ලකුණ මිස වෙන ලකුණක් ඔවුන්ට දෙනු ලබන්නේ නැහැ.”—මතෙව් 12:38, 39.

විශාල මත්ස්‍යයෙක් යෝනාව ගිල දමයි

ඒකෙන් අදහස් වෙන දේ යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. “යෝනා මහා මත්ස්‍යයාගේ බඩෙහි දිවා රෑ දෙකේම දින තුනක් සිටි ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද පොළෝගැබෙහි දිවා රෑ දෙකේම දින තුනක් පුරා සිටියි.” විශාල මත්ස්‍යයෙක් යෝනාව ගිලගත්තත් යෝනාට එළියට එන්න පුළුවන් වුණා. ඒක හරියට ඔහු නැවත නැඟිට්ටා වගෙයි. ඒ හා සමානව තමන් මිය ගියාට පස්සේ දවස් තුනකින් නැවත නැඟිටිනවා කියලයි යේසුස් කියන්නේ. හැබැයි ඒ දේ සිද්ධ වෙද්දී යුදෙව් ආගමික නායකයන් පසුතැවිලා ජීවිතය වෙනස් කරගන්නවා වෙනුවට “යෝනාගේ ලකුණ” ප්‍රතික්ෂේප කරනවා. (මතෙව් 27:63-66; 28:12-15) ඔවුන්ට වඩා වෙනස්ව “නිනිවය නුවරේ මිනිසුන්” යෝනා දේශනා කළාට පස්සේ තමන්ගේ වැරදි ගැන පසුතැවුණා. ඒ නිසා මේ පරම්පරාව කොයි තරම් දුෂ්ටද කියලා ඔවුන් විනිශ්චය දවසේදී හෙළි කරයි කියලා යේසුස් පවසනවා. ඒ විතරක් නෙවෙයි සලමොන්ගේ ප්‍රඥාව ගැන දැනගන්න දුර ඈත ඉඳන් ආපු ෂෙබාහි බිසවත් මේ පරම්පරාවේ දුෂ්ටකම ගැන එදාට හෙළි කරයි කියලා යේසුස් කියනවා. දැන් යේසුස් කියන්නේ “සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි” කියායි.—මතෙව් 12:40-42.

මේ පරම්පරාව යේසුස් සමාන කරන්නේ භූතයෙකුගේ ග්‍රහණයට අහු වෙලා ඒකෙන් නිදහස ලබපු මිනිසෙකුටයි. (මතෙව් 12:45) ඒ මිනිසා භූතයාගෙන් නිදහස් වුණාට පස්සේ යහපත් දේවලින් ඒ අඩුව පුරවාගත්තේ නැති නිසා ඔහුගෙන් පිට වුණු භූතයා තමාට වඩා දුෂ්ට භූතයන් හත්දෙනෙක් එක්ක ඔහුගේ ශරීරයට ඇතුල් වෙනවා. ඊශ්‍රායෙල් ජාතියටත් වුණේ ඒ වගේ දෙයක්. දෙවියන් ඔවුන්ව පවිත්‍ර කළාට පස්සෙත් ඔවුන් දිගටම දෙවිගේ අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී දෙවිගේ බලය තිබුණු බව පැහැදිලිවම පෙනෙන්න තිබුණු යේසුස්වත් ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මුලින් හිටිය තත්වයට වඩා ඔවුන්ගේ අවසන් තත්වය භයානක වෙනවා.

යේසුස් සෙනඟකට කතා කරමින් ඉද්දී ඔහුත් එක්ක කතා කරන්න ආපු ඔහුගේ මව සහ සහෝදරයන් පිටතින් හිටගෙන ඉන්නවා. “ඔබේ මවද ඔබේ සහෝදරයන්ද ඔබව මුණගැහෙන්න ඇවිත්” කියා යේසුස් ළඟින් ඉන්න අය ඔහුට දැනුම් දෙන්නේ ඒ නිසයි. ගෝලයන් එක්ක තමන්ට කොයි තරම් කිට්ටු බැඳීමක් තියෙනවාද කියලා පැහැදිලි කරන යේසුස් “මගේ මව සහ මගේ සහෝදරයන් හැටියට මම සලකන්නේ දෙවිගේ පණිවිඩය අසා එය පිළිපදින අයවයි” කියා පවසනවා. (ලූක් 8:20, 21) ඔහු එහෙම කිව්වේ ගෝලයන් එක්ක තමන්ට තියෙන බැඳීම නෑදෑයන් එක්ක තියෙන බැඳීමටත් වඩා වටිනවා කියලා පැහැදිලි කරන්නයි. දෙවිට සේවය කරන අපේ සහෝදර සහෝදරියන් එක්ක අපිට තියෙන බැඳීමත් කොයි තරම් වටිනවාද! විශේෂයෙන්ම අනිත් අය අපිට නින්දා අපහාස කරද්දී ඒ බැඳීමේ වටිනාකම අපිට තදින්ම දැනෙනවා.

  • පරිසිවරුන්ව නරක පල උපදවන ගසකට සමාන කරන්න පුළුවන් ඇයි?

  • “යෝනාගේ ලකුණ” මොකක්ද? ආගමික නායකයන් ඒක ප්‍රතික්ෂේප කළේ කොහොමද?

  • ඊශ්‍රායෙල්වරු, භූතයෙකුගේ ග්‍රහණයට අහු වෙලා ඒකෙන් නිදහස ලබපු මිනිසෙකුට සමාන වුණේ කොහොමද?

  • තමන්ට ගෝලයන් එක්ක කොයි තරම් කිට්ටු බැඳීමක් තියෙනවාද කියලා යේසුස් පැහැදිලි කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න