ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 65 පරි. 154 පි.-155 පි. 3 ¶
  • යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යෙරුසලමට රහස් ගමනක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඉශ්‍රායෙල් ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමකින් යුත් මංගල්‍යය
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කූඩාරම් මංගල්‍යයේදී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 65 පරි. 154 පි.-155 පි. 3 ¶
යේසුස් සහ ගෝලයන් යෙරුසලමට යන ගමන්

65වෙනි පරිච්ඡේදය

යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි

මතෙව් 8:19-22 ලූක් 9:51-62 යොහන් 7:2-10

  • යේසුස්ගේ සහෝදරයන්ට යේසුස් ගැන හැඟෙන විදිහ

  • දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන එකේ වැදගත්කම ගැන යේසුස් කාවද්දයි

යේසුස් මේ වෙද්දී වැඩිපුරම සේවය කරලා තියෙන්නේ ගලීලයේ. එහෙම කරන්න ඔහුට හොඳ හේතු තිබුණා. ඔහු යෙරුසලමේ ඉද්දී සබත් දවසේ මිනිසෙක්ව සුව කරපු නිසා යුදෙව්වන් ‘යේසුස්ව මරා දැමීමට තව තවත් මං සෙව්වා.’ (යොහන් 5:18; 7:1) ඒත් ඔවුන්ට වඩා වෙනස්ව ගලීලයේ මිනිසුන් ඔහුට සවන් දුන්නේ ලොකු උනන්දුවකින්.

දැන් උදා වෙලා තියෙන්නේ ක්‍රි.ව. 32 සරත් සමය. පැල් උත්සවයට වැඩි දවසක් නැහැ. දවස් හතක් පුරා පවත්වන ඒ උත්සවය අවසන් වෙන්නේ අටවෙනි දවසේ පවත්වන විශේෂ එක්රැස්වීමකින්. කෘෂිකාර්මික වසරක අවසානය තමයි මේ උත්සවයෙන් කියාපාන්නේ. ඒ කාලයේදී සතුටින් කල් ගෙවන මිනිසුන් යෙහෝවා දෙවිට ස්තුති කරනවා.

යේසුස්, යාකොබ් සහ යොහන්

යුදෙව්වන්ගේ ආගමික මධ්‍යස්ථානය තියෙන්නේ යෙරුසලමේ නිසා නමස්කාර කටයුතුවලට හැමෝම එන්නේ එහෙට. වාර්ෂිකව පවත්වන උත්සව තුනට එන මිනිසුන්ගෙන් මුළු නගරයම පිරෙනවා. ඒ නිසා තමයි “යුදයට යන්න” කියලා යේසුස්ගේ සහෝදරයන් වන යාකොබ්, සීමොන්, යෝසෙප් සහ යූදස් ඔහුට කියන්නේ. ඔවුන්ගේ හිත්වල තියෙන දේ ඔවුන් කියන මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “කෙනෙකුට ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නම් ඔහු රහසින් දේවල් නොකර එළිපිටම කළ යුතුයි. ඔබ බොහෝ දේවල් කරන නිසා ගොස් ලෝකයටම ප්‍රසිද්ධ වෙන්න.”—යොහන් 7:3, 4.

යේසුස් තමයි මෙසියස් කියලා ඔහුගේ සහෝදරයන් ‘විශ්වාස කරන්නේ නැහැ.’ ඔවුන්ට ඕනෙ උත්සවයට ඇවිත් ඉන්න සෙනඟ ඉදිරියේ යේසුස් බලවත් ක්‍රියාවක් කරනවා දකින්නයි. ඒත් ඒකේ අනතුර ගැන යේසුස් මෙහෙම කියනවා. “ලෝකයේ සිටින මිනිසුන් ඔබට වෛර කරන්නේ නැහැ. නමුත් මම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියා එළිපිට ප්‍රකාශ කරන නිසා ඔවුන් මට වෛර කරනවා. ඒ නිසා ඔබට පුළුවන් උත්සවයට යන්න. මගේ නියමිත වේලාව තවම ඇවිත් නැති නිසා මම දැන්මම උත්සවයට යන්නේ නැහැ.”—යොහන් 7:5-8.

යේසුස්ගේ සහෝදරයන් යෙරුසලමට යන සෙනඟත් එක්ක පිටත් වෙලා දවස් කිහිපයකට පස්සේ යේසුස් ගෝලයන් එක්ක හොර රහසින් යෙරුසලමට යනවා. යොර්දාන් ගඟ ළඟින් තියෙන ප්‍රසිද්ධ මාර්ගයේ යනවා වෙනුවට ඔවුන් යන්නේ සමාරිය හරහා. සමාරියේදී තමන්ටත් ගෝලයන්ටත් නතර වෙන්න තැනක් හොයන්න කියලා යේසුස් වේලාසනින්ම පණිවිඩකරුවන්ව යවනවා. ගෝලයන් නවාතැන් හොයාගෙන ගමකට ගියත් යේසුස් යුදෙව්වන්ගේ උත්සවයකට සහභාගි වෙන්න යෙරුසලමට යන නිසා ඔවුන් නවාතැන් දෙන්නේ නැහැ. ඒ ගැන කේන්ති ගන්න යාකොබ් සහ යොහන් “ස්වාමීනි, අපි ස්වර්ගයෙන් ගින්නක් එවන මෙන් ඉල්ලා ඔවුන්ව විනාශ කර දමනවාට කැමතිද” කියලා යේසුස්ගෙන් අහනවා. (ලූක් 9:54) එහෙම කියපු එක ගැන ඔවුන්ට තදින් අවවාද කරන යේසුස් ඔවුන් එක්ක වෙනත් ගමකට යන්න පිටත් වෙනවා.

ගමන අතරතුරේදී නීතිය පිටපත් කරන්නෙක් “ගුරුතුමනි, ඔබ යන ඕනෑම තැනකට මමත් ඔබ අනුව එන්න කැමතියි” කියා යේසුස්ට පවසනවා. යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “හිවලුන්ට ගුහා තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට තම හිස තබන්නවත් තැනක් නැහැ.” (මතෙව් 8:19, 20) තමන්ගේ අනුගාමිකයෙක් වුණොත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා කියලා අඟවන්නයි යේසුස් එහෙම කියන්නේ. පෙනෙන විදිහට ඒ වගේ ජීවිතයක් ගත කරන්න තරම් ඔහු නිහතමානී නැහැ. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න මම කොච්චර දුරට කැමතිද?’

1. ගුහාවක ඉන්න හිවලෙක්; 2. කූඩුවක ඉන්න කුරුල්ලෙක්

තවත් කෙනෙක්ට “මගේ අනුගාමිකයෙක් වන්න” කියලා යේසුස් කියනවා. ඒත් ඔහු පවසන්නේ “මගේ පියාව තැන්පත් කරන තුරු මට කල් දෙන්න” කියලයි. ඔහුගේ සැබෑ තත්වය දන්න යේසුස් මෙහෙම කියනවා. “මිය ගිය අයව තැන්පත් කරන්න මිය ගිය අයටම ඉඩහරින්න. ඔබ ගොස් දෙවිගේ රාජ්‍යය ගැන සෑම තැනම ප්‍රකාශ කරන්න.” (ලූක් 9:59, 60) පෙනෙන විදිහට පියා තවමත් මිය ගිහින් නැහැ. පියා මිය ගිහින් නම් දැන් ඔහු යේසුස් එක්ක කතා කර කර ඉඳියිද? දෙවිගේ රාජ්‍යයට මුල් තැන දීලා වැඩ කරන්න ඔහු තවමත් සූදානම් නැහැ කියලා පැහැදිලියි.

යේසුස්ට මුණගැහෙන තවත් කෙනෙක් මෙහෙම කියනවා. “ස්වාමීනි, මම කැමතියි ඔබව අනුගමනය කරන්න. නමුත් මුලින්ම මගේ නිවසේ සාමාජිකයන්ගෙන් සමුගන්න මට අවසර දෙනවාද?” යේසුස් ඔහුට පවසන්නේ මෙහෙමයි. “නඟුලකට අත තැබූ පසු ආපසු හැරී බලන කෙනෙක් දෙවිගේ රාජ්‍යයට සුදුසු කෙනෙක් නොවෙයි.”—ලූක් 9:61, 62.

යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න ඇත්තටම ආස අය මුළු අවධානයම දෙන්න ඕනෙ දෙවිගේ රාජ්‍යයේ වැඩකටයුතුවලට කියලා ඒකෙන් පැහැදිලියි. ගොවියෙක් නඟුලෙන් පස සකස් කරද්දී ඉස්සරහා බලාගෙන ගියේ නැත්නම් කෙතේ හෑරෙන කාණු ඇද වෙනවා. නඟුල අත්හැරලා පස්ස හැරිහැරී බලනවා නම් කෙතේ වැඩ ඉවර කරගන්නත් බැරි වෙනවා. ඒ හා සමානව කෙනෙක් නිතරම මේ ලෝකයේ තියෙන දේවල් ගැන හිතුවොත් සදාකාල ජීවනයට යන මාර්ගයේ දිගටම ගමන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

  • යේසුස්ගේ සහෝදරයන් හතරදෙනාට ඔහු ගැන හැඟුණේ කොහොමද?

  • සමරිතානුවන් යේසුස්ව පිළිගත්තේ නැත්තේ ඇයි? යාකොබ් සහ යොහන් කරන්න හැදුවේ මොකක්ද?

  • යේසුස් කරපු සාකච්ඡාවන් තුන මොකක්ද? දෙවිට සේවය කරන එක ගැන යේසුස් කාවැද්දුවේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න