ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 83 පරි. 194 පි.-195 පි. 2 ¶
  • භෝජන සංග්‍රහයකට දෙවිගෙන් ආරාධනා ලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භෝජන සංග්‍රහයකට දෙවිගෙන් ආරාධනා ලැබෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • පරිසිවරයෙක් සංග්‍රහ කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔයාට හැම වෙලේම පළවෙනියා වෙන්න ඕනෙද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • විවාහ මංගල්‍යය පිළිබඳ උපමාව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 83 පරි. 194 පි.-195 පි. 2 ¶
දිලිඳු, අබ්බගාත, අන්ධ සහ කොර මිනිසුන් භෝජන සංග්‍රහයට පැමිණෙයි

83වෙනි පරිච්ඡේදය

භෝජන සංග්‍රහයකට දෙවිගෙන් ආරාධනා ලැබෙයි

ලූක් 14:7-24

  • නිහතමානිකම ගැන පාඩමක්

  • ආරාධනා ලැබුව අය නිදහසට කරුණු කියයි

සිරුර ඉදිමුණු මිනිසාව සුව කරපු යේසුස් තවමත් ඉන්නේ පරිසිවරයාගේ නිවසේ. කෑමට එන අමුත්තන් ප්‍රධානම ආසන තෝරාගන්න විදිහ ඔහු දකිනවා. ඒ නිසා ඔහු නිහතමානිකම ගැන කදිම පාඩමක් උගන්වනවා.

යේසුස් කියන්නේ මෙහෙමයි. “කෙනෙක් ඔබට විවාහ උත්සවයකට ආරාධනා කළ විට ප්‍රධානතම ආසනවල ඉඳගන්න එපා. සමහරවිට ඔබට වඩා වැදගත් කෙනෙකුට ආරාධනාවක් ලැබී තිබෙන්න පුළුවන්. එවිට ආරාධනාව කළ තැනැත්තා ඇවිත්, ‘මොහුට මේ ආසනය දෙන්න’ කියා ඔබට කිව්වොත් ඔබට ලැජ්ජාවෙන් පහත්ම ආසනය දක්වා යන්න සිදු වෙයි.”—ලූක් 14:8, 9.

ඊළඟට ඔහු මෙහෙම කියනවා. “ඔබට ආරාධනාවක් ලැබුණු විට පහත්ම ආසනය තෝරාගන්න. එහිදී ඔබට ආරාධනා කළ මිනිසා ඇවිත්, ‘මුල් පෙළේ ආසනයකට යන්න’ කියා ඔබට කියයි. එවිට සියලු අමුත්තන් ඉදිරියෙහි ඔබට ගෞරවය ලැබෙයි. උසස් වෙන්න උත්සාහ කරන සියලුදෙනාම අවමානයට පත් වෙයි. නමුත් නිහතමානී ලෙස කටයුතු කරන තැනැත්තා ගෞරවයට පත් වෙයි.” (ලූක් 14:10, 11) යේසුස් දිරිගන්වන්නේ නිහතමානිකම වර්ධනය කරගන්න කියලයි.

දැන් යේසුස් තමන්ට ආරාධනා කරපු පරිසිවරයාට උගන්වන්නේ දෙවිගේ අනුමැතිය ලැබෙන විදිහට භෝජන සංග්‍රහයක් පවත්වන්නේ කොහොමද කියන එක ගැනයි. ඔහු මෙහෙම කියනවා. “ඔබ දවල් කෑමක් හෝ සන්ධ්‍යා භෝජනයක් හෝ පිළියෙල කරන විට ඔබේ මිතුරන්ට, සහෝදරයන්ට, නෑදෑයන්ට හෝ ධනවත් අසල්වැසියන්ට ඒ සඳහා ආරාධනා කරන්න එපා. සමහරවිට ඔවුනුත් පසු කලක ඔබට ආරාධනා කරයි. එවිට එය ඔබට කරන ගෙවීමක් හා සමාන වෙයි. නමුත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන විට දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කරන්න. ඔබ කළ සංග්‍රහය වෙනුවෙන් කිසිවක් දෙන්න ඔවුන්ට හැකියාවක් නැති නිසා ඔබට පුළුවන් සතුටු වන්න.”—ලූක් 14:12-14.

යේසුස් කියන්නේ යාළුවන්ට, නෑදෑයන්ට සහ අසල්වැසියන්ට භෝජන සංග්‍රහයකට ආරාධනා කරන එක වැරදියි කියලා නෙවෙයි. ඒ වෙනුවට ඔහු කාවද්දන්නේ දිලිඳු, අබ්බගාත, කොර සහ අන්ධ අයට භෝජන සංග්‍රහයකට ආරාධනා කරන එකෙන් ආශීර්වාද ලබන්න පුළුවන් කියලයි. යේසුස් ඒක ඔහුට මෙහෙම පැහැදිලි කරනවා. “ධර්මිෂ්ඨයන්ව නැවත නැඟිටුවන අවස්ථාවේදී ඔබ කළ දේට ආශීර්වාද ලැබෙයි.” ඒක අහගෙන හිටිය අමුත්තෙක් “දෙවිගේ රාජ්‍යයේදී භෝජනයකට සහභාගි වීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත් කෙනෙක්” කියලා කියනවා. (ලූක් 14:15) ඔහු ඒ වටිනා කාරණය තේරුම්ගත්තත් හැමෝම ඒක තේරුම්ගන්නේ නැහැ. යේසුස් කියන මේ නිදර්ශනයෙන් ඒක පැහැදිලි වෙනවා.

“එක්තරා මිනිසෙක් විශාල සන්ධ්‍යා භෝජනයක් පිළියෙල කළා. ඒ සඳහා ඔහු බොහෝදෙනෙකුට ආරාධනා කළා. සන්ධ්‍යා භෝජනය ආරම්භ කිරීමට අවස්ථාව පැමිණි විට ඔහු තම දාසයාව යවා, ‘එන්න, දැන් සියල්ල සූදානම්’ කියා ආරාධිතයන්ට දැන්නුවා. නමුත් ඒ සියලුදෙනාම නෑවිත් සිටීමට හේතු මවන්න පටන්ගත්තා. පළමුවෙනියා, ‘මම කෙතක් මිල දී ගත්තා. මට එය බලන්න යන්න අවශ්‍යයි. මට සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ’ කියා ඔහුට කිව්වා. වෙන කෙනෙක්, ‘මම ගොන්බාන පහක් මිල දී ගත්තා. මම දැන් යන්නේ උන් වැඩට හොඳද කියා බලන්නයි. ඒ නිසා සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ’ කියා පැවසුවා. තව කෙනෙක්, ‘මම මේ දැන් විවාහ වුණා. ඒ නිසා මට එන්න බැහැ’ කියා පැවසුවා.”—ලූක් 14:16-20.

නිදහසට කරුණු විදිහට ඔවුන් කියන්නේ මොන තරම් බොළඳ දේවල්ද? සාමාන්‍යයෙන් මිනිසෙක් කෙතක් හරි ගොන්බානක් හරි මිල දී ගන්න කලින් තමයි ඒවා බලන්න යන්නේ. තුන්වෙනි මිනිසා ඒ වෙද්දී විවාහ වෙලා හිටිය නිසා ඔහුට කරන්න විශේෂ දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න ඔහුට සාධාරණ හේතුවක් නැහැ. නිදහසට කරුණු විදිහට ඔවුන් කියපු දේවල් දැනගන්න ලැබුණාම ස්වාමියාට මොන තරම් කේන්ති යනවාද කියනවා නම් ඔහු තම දාසයාට මෙහෙම කියනවා.

“දැන්මම නුවරේ ප්‍රධාන වීථිවලටත් අතුරු පාරවලටත් යන්න. එතැන සිටින දිලිඳු, අබ්බගාත, අන්ධ සහ කොර මිනිසුන්ව මෙතැනට ගෙන එන්න.” ඒ අය ආවාට පස්සෙත් නිවසේ තව ඉඩ ඉතුරු වෙන නිසා ස්වාමියා දාසයාට මෙහෙම කියනවා. “පාරවල් හා දෙවැටවල් දිගේ ගොස් එහි සිටින අයටත් මගේ නිවසට එන්න කියා බල කරන්න. මම මුලින් ආරාධනා කළ කිසිවෙකුට මගේ සන්ධ්‍යා භෝජනය භුක්ති විඳින්න මම කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ.”—ලූක් 14:21-24.

දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යෙහෝවා දෙවියන්, යේසුස් මාර්ගයෙන් මිනිසුන්ට ආරාධනා කරන විදිහ ඒ නිදර්ශනයෙන් පැහැදිලි වෙනවා. මුල්ම ආරාධනාව ලැබුණේ යුදෙව්වන්ට, විශේෂයෙන්ම ආගමික නායකයන්ට. ඒත් යේසුස් කරපු ආරාධනාව ඔවුන් ප්‍රතික්ෂේප කළා. කොහොමවුණත් ඒ ආරාධනාව ලැබෙන්නේ ඔවුන්ට විතරක් නෙවෙයි. ඉදිරියේදී තවත් පිරිසකට දෙවෙනි ආරාධනාව ලැබෙනවා කියලා යේසුස් පැහැදිලිවම කියනවා. ඒ ආරාධනාව ලැබෙන්නේ පීඩා විඳිමින් ඉන්න යුදෙව්වන්ට සහ යුදෙව් ආගමට හැරුණු අයට. අන්තිමේදී තුන්වෙනි ආරාධනාව ලැබෙන්නේ දෙවිගේ අනුමැතිය නැහැ කියලා යුදෙව්වන් හිතාගෙන ඉන්න පිරිසකට.—ක්‍රියා 10:28-48.

“දෙවිගේ රාජ්‍යයේදී භෝජනයකට සහභාගි වීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත් කෙනෙක්” කියලා අමුත්තෙක් කියපු දේ මොන තරම් ඇත්තක්ද කියලා යේසුස් කියපු දේවලින් පැහැදිලි වෙනවා.

  • යේසුස් නිහතමානිකම ගැන පාඩමක් ඉගැන්නුවේ කොහොමද?

  • දෙවිගේ අනුමැතිය ලැබෙන විදිහට භෝජන සංග්‍රහයක් පවත්වන්න පුළුවන් කොහොමද? ඒකෙන් සතුටක් ලැබෙන්නේ ඇයි?

  • භෝජන සංග්‍රහයක් ගැන යේසුස් කියපු නිදර්ශනයෙන් ඔහු ඉගැන්නුවේ මොන කාරණය ගැනද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න