ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 96 පරි. 224 පි.-225 පි. 7 ¶
  • යේසුස් ධනවත් පාලකයෙක්ට පිළිතුරු දෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ධනවත් පාලකයෙක්ට පිළිතුරු දෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් සහ ධනවත් තරුණ මුලාදෑනියෙක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පොහොසතෙක් අනුවණ තීරණයක් ගනියි
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුල් ක්‍රිස්තියානීන්ට තිබූ පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔබ දෙවි ඉදිරියෙහි පොහොසත්ද?’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 96 පරි. 224 පි.-225 පි. 7 ¶
පොහොසත් තරුණ පාලකයෙක් යේසුස් ඉදිරියේ දණින් වැටෙයි

96වෙනි පරිච්ඡේදය

යේසුස් ධනවත් පාලකයෙක්ට පිළිතුරු දෙයි

මතෙව් 19:16-30 මාක් 10:17-31 ලූක් 18:18-30

  • ධනවත් මිනිසෙක් සදාකාල ජීවනය ගැන අසයි

යේසුස් පෙරයාව හරහා යෙරුසලමට යද්දී ධනවත්, තරුණ “පාලකයෙක්” ඇවිත් ඔහුගේ පාමුල වැටෙනවා. සමහරවිට ඔහු සිනගෝගයක නිලධාරියෙක් හරි යුදෙව් මහාධිකරණයේ සාමාජිකයෙක් හරි වෙන්න ඇති. “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගන්න නම් මම මොනවාද කරන්න ඕනේ” කියලා ඔහු යේසුස්ගෙන් අහනවා.—ලූක් 8:41; 18:18; 24:20.

යේසුස් ඔහුට මෙහෙම කියනවා. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි? යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.” පෙනෙන විදිහට ඒ තරුණයා “යහපත්” කියන වචනය පාවිච්චි කරන්නේ පදවියක් විදිහට. යේසුස් හොඳ ගුරුවරයෙක් වුණත් පදවියක් විදිහට “යහපත්” කියන වචනය අදාළ කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා ඔහු ඒ තරුණයාට පැහැදිලි කරනවා.

“ඔබට ජීවනය ලබාගන්න ඕනෑ නම් දිගටම දෙවිගේ ආඥා පවත්වන්න” කියලා යේසුස් ඔහුට උපදෙස් දෙද්දී “ඒ කුමන ආඥාද” කියලා ඔහු අහනවා. ඒ නිසා දෙවියන් දීපු ආඥා දහයෙන් පහක් ගැන යේසුස් මතක් කරනවා. ඒ තමයි මිනී නොමරන්න, අනාචාරයේ නොහැසිරෙන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොදෙන්න සහ පියාටත් මවටත් ගෞරව කරන්න කියන ආඥා පහ. අන්තිමේදී ඔහු වඩාත් වැදගත් මේ ආඥාවත් මතක් කරනවා. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”—මතෙව් 19:17-19.

එතකොට ඒ මිනිසා මෙහෙම කියනවා. “මම ඒ සියලුම දේවල් පිළිපදිනවා. මම තව කළ යුත්තේ කුමක්ද?” (මතෙව් 19:20) සදාකාල ජීවිතය ලබාගන්න කරන්න ඕන මොනවා හරි විශේෂ දෙයක් තමන්ට අතපසු වෙලා කියලා ඔහුට හිතෙනවා ඇති. ඔහු ඒක අහන්නේ ලොකු ඕනෑකමකින් කියලා දකිද්දී යේසුස්ට ඔහු ගැන ‘ආදරයක් ඇති වෙනවා.’—මාක් 10:21.

ඒත් ඔහුට ලොකු බාධාවක් තියෙනවා කියලා යේසුස් තේරුම්ගන්නවා. ඒ නිසා තමයි යේසුස් මෙහෙම කියන්නේ. “ඔබේ එක අඩුපාඩුවක් තිබෙනවා. ගොස් ඔබට තිබෙන හැම දෙයක්ම විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එසේ කළොත් ඔබට ස්වර්ගයෙහි වස්තු රැස් කරන්න පුළුවන් වෙයි. ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න.” තමන් සතු දේවල් දුප්පත්, අසරණ මිනිසුන්ට දීලා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ඔහුට හැකියාව තියෙනවා. ඒත් යේසුස් කියපු දේ ගැන දුක් වෙන ඔහු එතැනින් පිටත් වෙලා යනවා. තමන් සතු “බොහෝ ධන සම්පත්” ගැන ඔහුට ලොකු ඇල්මක් තිබුණු නිසා සැබෑ වටිනාකමක් තියෙන දේ හඳුනාගන්න ඔහුට පුළුවන් වෙන්නේ නැහැ. (මාක් 10:21, 22) යේසුස් දැන් මෙහෙම කියනවා. “මුදල් ඇති අයට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම මොන තරම් අමාරු දෙයක්ද!”—ලූක් 18:24.

යේසුස් කියපු දේ ගැන ගෝලයන් පුදුම වෙනවා. ඔවුන් ඊටත් වඩා පුදුම වෙන්නේ යේසුස් කියන මේ දේ ගැනයි. “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වීම පහසුයි.” ගෝලයන් දැන් මෙහෙම අහනවා. “එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කාටද?” ඔවුන් දිහා බලමින් යේසුස් කියන්නේ “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්” කියලයි.—ලූක් 18:25-27.

ඒ ධනවත් මිනිසාට වඩා වෙනස්ව තමන් ඇතුළු ගෝලයන් වැදගත් තේරීමක් කරලා තියෙනවා කියලා අඟවමින් පේතෘස් දැන් මෙහෙම අහනවා. “අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා. ඇත්තටම අපට කුමක් ලැබෙයිද?” ඔවුන් ඒ තේරීම කරලා තියෙන නිසා ඔවුන්ට ලැබෙන ආශීර්වාද ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. ‘සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරනවා.’—මතෙව් 19:27, 28.

යේසුස් කතා කරන්නේ අනාගතයේදී මුළු පොළොවම ඒදන් උයන හා සමාන තත්වයකට ගෙනෙන සියල්ල අලුත් කරන කාලය ගැනයි. ඒ කාලයේදී යේසුස් එක්ක හවුල් වෙලා පාරාදීස පොළොව පාලනය කරන්න පේතෘස් ඇතුළු අනිත් ගෝලයන්ට අවස්ථාව ලැබෙනවා. ඔවුන් දැන් කරන ඕනම කැප කිරීමකට වඩා ඒ වරප්‍රසාදය වටින්නේ නැද්ද!

අනාගතයේදී විතරක් නෙවෙයි මේ කාලයේදීත් ඔවුන්ට ආශීර්වාද අද්දකින්න ලැබෙනවා. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් කෙනෙක් තමාගේ ගෙවල් දොරවල් හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමාපියන් හෝ දරුදැරියන් හෝ අත්හැර ඇත්නම් ඔහුට මේ කාලයේදී ඊට වඩා බොහෝ වැඩියෙනුත් මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයත් ලැබෙයි.”—ලූක් 18:29, 30.

ඔව්, ගෝලයන් කොහේ ගියත් පවුලේ අයට වඩා කිට්ටු, වටිනා සහෝදර කැලක් එක්ක ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් ධනවත් පාලකයා ඒ හැම ආශීර්වාදයක්ම අහිමි කරගන්නයි යන්නේ. ඒ විතරක් නෙවෙයි දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන අනගි අවස්ථාවත් ඔහු අහිමි කරගන්නයි යන්නේ.

යේසුස් දැන් මෙහෙම කියනවා. “ප්‍රථමයන්ව සිටි බොහෝදෙනෙක් අන්තිමයන් බවටත් අන්තිමයන් ප්‍රථමයන් බවටත් පත් වෙයි.” (මතෙව් 19:30) ඔහු ඒකෙන් අදහස් කරන්නේ මොනවාද?

යුදෙව් පාලකයෙක් වන මේ ධනවත් තරුණයාව සැලකෙන්නේ ‘ප්‍රථමයන්ගෙන්’ කෙනෙක් හැටියටයි. දෙවිගේ නීති පිළිපදින යහපත් කෙනෙක් වන ඔහුගෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් ඔහු අනිත් හැම දේටම වඩා මුල් තැන දෙන්නේ ධන සම්පත්වලටයි. ඊට වඩා වෙනස්ව “අන්තිමයන්” විදිහට සලකන සාමාන්‍ය මිනිසුන් යේසුස් උගන්වන දේවල සත්‍යය වටහාගෙන ජීවනය කරා යන පාරේ ගමන් කරනවා. ඒ නිසා “අන්තිමයන්” වන ඔවුන් “ප්‍රථමයන්” වෙන්නයි යන්නේ. ඔව්, අනාගතයේදී යේසුස් එක්ක එකතු වෙලා දෙවිගේ රාජ්‍යයේ පාලකයන් වීමේ බලාපොරොත්තුව ඔවුන්ට තියෙනවා.

  • යේසුස් ළඟට ආවේ මොන වගේ කෙනෙක්ද?

  • තමන්ව “යහපත්” කෙනෙක් විදිහට හඳුන්වනවාට යේසුස් අකමැති වුණේ ඇයි?

  • තම අනුගාමිකයන්ට අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැන යේසුස් කිව්වේ මොනවාද?

  • “ප්‍රථමයන්” “අන්තිමයන්” වෙන්නෙත් “අන්තිමයන්” “ප්‍රථමයන්” වෙන්නෙත් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න