ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 27 පාඩම 68 පි.-69 පි. 2 ¶
  • යෙහෝවා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ආරොන්ගේ සැරයටියේ මල් පිපෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උඩඟුකමේ ප්‍රතිඵලය නින්දාවට පත්වීමයි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 27 පාඩම 68 පි.-69 පි. 2 ¶
කෝරායි එයාගේ පැත්තේ හිටිය අයයි මෝසෙස් සහ ආරොන් ඉදිරියේ

27වෙනි පාඩම

යෙහෝවා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා

ටික කාලෙකට පස්සේ ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ඉද්දී කෝරා, දාතාන්, අබිරාම් කියන තුන්දෙනා එක්ක තවත් 250දෙනෙක් මෝසෙස්ට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තා. එයාලා මෙහෙම කිව්වා. ‘අපිට දැන් ඔයාව එපා වෙලයි තියෙන්නේ. ඇයි ඔයා අපේ නායකයා වෙලා ඉන්නේ? ඇයි ආරොන් උත්තම පූජකයා වෙලා ඉන්නේ? යෙහෝවා අපි එක්කත් ඉන්නවා.’ දෙවියන් ඒක දැක්කේ එයාලා ඔහුට විරුද්ධව කැරලිගහනවා වගෙයි.

මෝසෙස් කෝරාටයි එයාගේ පැත්තේ හිටපු අයටයි මෙහෙම කිව්වා. ‘හෙට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජන අරන් ශුද්ධ කූඩාරමට එන්න. යෙහෝවා තෝරගෙන තියෙන්නේ කාවද කියලා දෙවියන්ම පෙන්නයි.’

පහුවදා මෝසෙස්ව හම්බ වෙන්න කෝරායි 250දෙනායි ශුද්ධ කූඩාරමට ගියා. එතනදී එයාලා පූජකයෝ වගේ සුවඳ දුම් ඔප්පු කළා. එතකොට යෙහෝවා මෝසෙස්ටයි ආරොන්ටයි කිව්වා ‘කෝරාගෙනුයි එයාගේ පැත්තේ ඉන්න අයගෙනුයි අයින් වෙන්න’ කියලා.

කෝරා ශුද්ධ කූඩාරම ළඟට ගියත් දාතානුයි අබිරාමුයි එයාලාගේ පවුලේ අයයි ගියේ නැහැ. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා කෝරාගේ, දාතාන්ගේ, අබිරාම්ගේ කූඩාරම් ළඟින් අයින් වෙන්න කියලා. හැමෝම එතනින් අයින් වුණා. දාතානුයි අබිරාමුයි එයාලාගේ පවුලේ අයයි කූඩාරම්වලින් එළියට ඇවිත් හිටියා. එකපාරටම පොළොව පැළිලා එයාලව ඒකේ ඇතුළට වැටුණා. ශුද්ධ කූඩාරම ළඟ හිටපු කෝරායි 250දෙනායි ගින්නකින් විනාශ වුණා.

පොළොව පැළිලා දාතාන්වයි අබිරාම්වයි එයාලාගේ පවුලේ අයවයි ඒකේ ඇතුළට වැටුණා

යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘හැම ගෝත්‍රයකම අධිපතීන්ගෙන් සැරයටිය ගාණේ ඉල්ලගෙන එයාලා එක් එක් කෙනාගේ නම් ඒවාවල ලියන්න. ලෙවී ගෝත්‍රයේ සැරයටියේ ආරොන්ගේ නම ලියන්න. ඒවා ශුද්ධ කූඩාරමේ තියන්න. මං තෝරගන්න කෙනාගේ සැරයටියේ මල් පිපෙයි.’

ඊළඟ දවසේ මෝසෙස් ඒ සැරයටි අරන් ගෝත්‍රවල අධිපතීන්ට පෙන්නුවා. ආරොන්ගේ සැරයටියේ විතරක් මල් පිපිලා තිබුණා. ඉදුණු ආමන්ඩ් ගෙඩිත් තිබුණා. යෙහෝවා උත්තම පූජකයා විදිහට තෝරගෙන තියෙන්නේ ආරොන්ව කියලා හැමෝම දැනගත්තා.

“ඔයාලා අතරේ පෙරමුණ අරගෙන වැඩ කරන අයට කීකරු වෙන්න. එයාලා දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්න.”—හෙබ්‍රෙව් 13:17

ප්‍රශ්න: කෝරායි එයාගේ පැත්තේ හිටපු අයයි මෝසෙස්ට විරුද්ධව කැරලිගැහුවේ ඇයි? උත්තම පූජකයා විදිහට යෙහෝවා තෝරගත්තේ ආරොන්ව කියලා අපි දන්නේ කොහොමද?

ගණන් කතාව 16:1–17:13; 26:9-11; ගීතාවලිය 106:16-18

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න