ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 65 පාඩම 154 පි.-155 පි. 1 ¶
  • එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • මොර්දෙකයි හා එස්තර්
    මගේ බයිබල් කතන්දර පොත
  • නිර්භීත කාන්තාවක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • එස්තර් පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 65 පාඩම 154 පි.-155 පි. 1 ¶
අහෂ්වේරොෂ් රජ හිටපු තැනට එස්තර් රැජින එමින්

65වෙනි පාඩම

එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා

එස්තර් රැජින

එස්තර් හැදුණේ පර්සියානු නගරයක් වන ෂූෂන්වල. අවුරුදු ගාණකට කලින් නෙබුකද්නෙෂර් රජ එස්තර්ගේ පවුලේ අයව යෙරුසලමෙන් අරන් ඇවිත් තිබුණා. එස්තර්ව හදාගත්තේ එයාගේ නෑදෑයෙක් වුණු මොර්දෙකයි. එයා අහෂ්වේරොෂ් රජගේ සේවකයෙක්.

අහෂ්වේරොෂ් රජට අලුත් රැජිනක් ඕන වුණා. ඒ නිසා එයාගේ සේවකයන් ඒ දේශයේ හිටිය ලස්සනම තරුණියන්ව අරන් ආවා. එයාලා අතරින් එස්තර්වයි රජ තෝරගත්තේ. මොර්දෙකයි එස්තර්ට කිව්වා එයා යුදෙව්වෙක් කියලා කාටවත් කියන්න එපා කියලා.

දේශයේ උසස් නිලධාරීන්ගේ නායකයා වුණු හාමාන් කැමති වුණේ අනිත් අය තමන් ඉස්සරහා වැඳ වැටිලා ආචාර කරනවාටයි. ඒත් මොර්දෙකයි ඒක කළේ නැති නිසා හාමාන්ට ඕනෙ වුණා මොර්දෙකයිව මරන්න. මොර්දෙකයි යුදෙව්වෙක් නිසා දේශයේ හිටපු හැම යුදෙව්වෙක්වම මරන්න එයා කුමන්ත්‍රණය කළා. එයා රජට කිව්වා ‘යුදෙව්වෝ හරි භයානකයි. එයාලව විනාශ කරන්න’ කියලා. හාමාන්ට කැමති දෙයක් කරන්න රජ අවසර දුන්නාම ආදාර් මාසේ 13වෙනිදාට හැම යුදෙව්වෙක්වම මරන්න එයා නීතියක් හැදුවා.

ඒ නීතිය ගැන එස්තර් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මොර්දෙකයි නීතියේ පිටපතක් දීලා එස්තර්ට කිව්වා ‘රජතුමාව හම්බ වෙන්න යන්න’ කියලා. එස්තර් මෙහෙම කිව්වා. ‘රජතුමා එන්න කියන්නේ නැතුව කෙනෙක් එයාව හම්බ වෙන්න ගියොත් එයාව අනිවාර්යයෙන්ම මරනවා. දවස් 30කින් රජතුමා මට එන්න කියලා නෑ. ඒත් මං යන්නම්. රජතුමා එයාගේ යෂ්ටිය මගේ පැත්තට දික් කළේ නැත්නම් මාව මරයි.’

එස්තර්, රජව හම්බ වෙන්න ගියා. රජ එස්තර්ව දැකලා එයාගේ යෂ්ටිය දික් කරලා ඇහුවා ‘ඔයාට මගෙන් මොනවාද ඕනෙ’ කියලා. ‘රජතුමෙනි, මං ඔබට කෑම වේලක් ලෑස්ති කරලා තියෙනවා. හාමාන් එක්ක ඔබට එන්න පුළුවන්ද’ කියලා එස්තර් ඇහුවා. කෑම කන අතරේ එස්තර්, රජතුමාට කිව්වා හෙටත් කෑමකට එන්න කියලා. දෙවෙනි දවසෙත් රජ එස්තර්ගෙන් ඇහුවා ‘ඔයාට මගෙන් මොනවාද ඕනෙ’ කියලා. ‘කෙනෙක් මාවයි මගේ සෙනඟවයි මරන්න යන්නේ. අපිව බේරගන්න’ කියලා එස්තර් කිව්වාම රජ ඇහුවා ‘කවුද ඒ කෙනා’ කියලා. එතකොට එස්තර් කිව්වා ‘මේ හාමාන් තමයි ඒ කෙනා’ කියලා. අහෂ්වේරොෂ් රජට කේන්ති ගිහිල්ලා හාමාන්ව මරන්න අණ කළා.

ඒත් හාමාන් දාපු නීතියට රජ අවසර දුන්න නිසා ඒක වෙනස් කරන්න රජටවත් බැරි වුණා. ඒ නිසා රජ මොර්දෙකයිව උසස් නිලධාරීන්ගේ නායකයා විදිහට පත් කරලා එයාට කිව්වා අලුත් නීතියක් හදන්න කියලා. යුදෙව්වන්ට එයාලාගේ සතුරන් එක්ක සටන් කරන්න පුළුවන් වෙන විදිහට මොර්දෙකයි අලුත් නීතියක් හැදුවා. යුදෙව්වන් ආදාර් මාසේ 13වෙනිදා එයාලාගේ සතුරන්ව පරාජය කරලා හැම අවුරුද්දේම ඒක සැමරුවා.

“ඔයාලා මගේ ගෝලයන් නිසා ඔයාලව ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට අරන් යයි. ඒ අයටත් ජාතීන්ටත් සාක්ෂි දරන්න ඒකෙන් ඔයාලට අවස්ථාව ලැබෙයි.”—මතෙව් 10:18

ප්‍රශ්න: හාමාන් කුමන්ත්‍රණය කළේ යුදෙව්වන්ට මොනවා කරන්නද? එස්තර් යෙහෝවාව විශ්වාස කළා කියලා පෙන්නුවේ කොහොමද?

එස්තර් 2:5-20; 3:1–5:8; 7:1–8:14; 9:1-28

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න