ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 98-99 පි.
  • වියෝදුක

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වියෝදුක
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 98-99 පි.

වියෝදුක

කෙනෙක් මැරුණාම අඬන එක, දුක් වෙන එක වැරදි නැහැ කියලා කියන්නේ ඇයි?

උත් 23:2; 24:67; 37:34, 35; 42:36; යොහ 11:19, 31, 33-36

2සාමු 1:17-27; ක්‍රියා 9:36-39ත් බලන්න

වියෝදුකෙන් ඉන්න අයව සනසන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නේ කොහොමද?

ගීතා 34:18; යෙසා 57:15; 61:1, 2

කෙනෙක් මැරුණාම ඇත්තටම වෙන දේ දැනගෙන ඉන්න එක සහනයක් වෙන්නේ කොහොමද?

දේශ 9:5, 10; 1තෙස 4:13

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 20:37, 38—යේසුස් කිව්වා දෙවියන් මැරුණු අයව සලකන්නේ ජීවත් වෙන අය විදිහටයි කියලා. ඒකෙන් ඔහු පෙන්නුවේ නැවත නැඟිටීම කොච්චර ඇත්තක්ද කියන එකයි

    • යොහ 11:5, 6, 11-14—තමන්ගේ යාළුවෙක් වුණ ලාසරුස් මැරුණු වෙලාවේ යේසුස් මරණය නින්දකට සමාන කළා

    • හෙබ්‍රෙ 2:14, 15—මරණයට තියෙන බයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා පාවුල් කිව්වා

ඉපදුණ දවසට වඩා මැරෙන දවස හොඳයි කියලා බයිබලේ කියන්නේ ඇයි?

හිතෝ 22:1; දේශ 7:1, 2

බයිබලේ මරණය හඳුන්වලා තියෙන්නේ කොහොමද? යෙහෝවා මරණයට කරන්න යන්නේ මොනවාද?

යෙසා 25:8; 1කොරි 15:26; එළි 20:14; 21:3, 4

අනාගතයේදී අනිවාර්යයෙන්ම මිනිස්සුන්ව නැවත නැඟිට්ටවනවා කියලා කියන්න පුළුවන් ඇයි?

යෙසා 26:19; යොහ 5:28, 29; ක්‍රියා 24:15

  • බයිබල් සිද්ධීන්:

    • ආයෙත් පොළොවේ ජීවත් වෙන්න නැවත නැඟිට්ටවපු අටදෙනෙක් ගැනත් යේසුස්ගේ නැවත නැඟිටීම ගැනත් බයිබලේ කතා කරනවා. ඒ වාර්තාවලින් වියෝදුකෙන් ඉන්න අයට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්

      • 1රාජා 17:17-24—සීදොන්වල තිබුණ සාරෆෙත් නගරයේදී එලියා වැන්දඹුවකගේ පුතෙක්ව නැවත නැඟිට්ටෙව්වා

      • 2රාජා 4:32-37—එලීෂා ෂුනෙම් නගරයේදී දරුවෙක්ව නැවත නැඟිට්ටවලා ආයෙත් එයාව එයාගේ දෙමාපියන්ට දුන්නා

      • 2රාජා 13:20, 21—මළ මිනියක් එලිෂාගේ ඇටකටුවල වැදුණ ගමන්ම මැරුණ කෙනාට ආයෙත් පණ ආවා

      • ලූක් 7:11-15—නායින් නගරයේදී කට්ටියක් තරුණයෙක්ගේ දේහය උස්සගෙන යද්දී යේසුස් ඒ තරුණයාට ආයෙත් ජීවිතේ දුන්නා

      • ලූක් 8:41, 42, 49-56—සිනගෝගයේ නායකයෙක් වුණ යායිරස්ගේ පුංචි දුවව යේසුස් නැවත නැඟිට්ටෙව්වා

      • යොහ 11:38-44—යේසුස් තමන්ගේ කිට්ටු යාළුවෙක් වුණ ලාසරුස්ට ආයෙත් ජීවිතේ දීලා එයාව මාර්තාටයි, මරියාටයි භාර දුන්නා

      • ක්‍රියා 9:36-42—අනිත් අයට ආදරෙන් සලකපු, ත්‍යාගශීලී කෙනෙක් වුණ දොර්කස්ව පේතෘස් නැවත නැඟිට්ටෙව්වා

      • ක්‍රියා 20:7-12—උඩුමහල් කාමරයක ජනේලයේ ඉඳන් වැටුණ තරුණ යුතිකස්ව පාවුල් නැවත නැඟිට්ටෙව්වා

    • යෙහෝවා යේසුස්ව ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අමරණීය කෙනෙක් විදිහට නැවත නැඟිට්ටෙව්වා. දෙවියන්ගේ හැම පොරොන්දුවක්ම ඉටු වෙනවා කියලා ඒකෙන් ස්ථිර වුණා

      • ක්‍රියා 17:31; 1පේතෘ 3:18

    • ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අමරණීය කෙනෙක් විදිහට නැවත නැඟිට්ටවපු මුල්ම කෙනා යේසුස්. තව 1,44,000දෙනෙක්ටත් ඒ අවස්ථාවම ලැබෙනවා

      • 1කොරි 15:20, 23, 51-53; 1තෙස 4:16, 17; එළි 14:1

වියෝදුකෙන් ඉන්න කෙනෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

රෝම 12:15; 2කොරි 1:3, 4; 1පේතෘ 3:8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න