ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 49-50 පි.
  • ධන සම්පත්වලට තියෙන ආසාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධන සම්පත්වලට තියෙන ආසාව
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 49-50 පි.

ධන සම්පත්වලට තියෙන ආසාව

ධන සම්පත් තියෙන එක වැරදි දෙයක් කියලා බයිබලේ කියනවාද?

දේශ 7:12

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 3:11-14—සලමොන් හුඟක් නිහතමානී වුණ නිසා යෙහෝවා එයාට ධන සම්පත් දීලා ආශීර්වාද කළා

    • යෝබ් 1:1-3, 8-10—යෝබ්ට ගොඩක් ධන සම්පත් තිබුණත් එයාගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එකයි

ධන සම්පත් තිබුණා කියලා අපිට සතුට, සැනසීම ලැබෙයි කියලා හිතන්න බැරි ඇයි?

හිතෝ 23:4, 5; දේශ 2:18, 19; 5:10, 12

ධන සම්පත්වලින් කිසිම වැඩක් නැහැ කියලා තේරෙන්නේ කොයි අවස්ථාවලදීද?

ගීතා 49:6, 7, 9, 10; මතෙ 16:26

ධන සම්පත් රැස් කරගන්න එකේ තියෙන ලොකුම අනතුර මොකක්ද?

ද්වි 6:10-12; මතෙ 6:24; 1තිමෝ 6:9, 10

සල්ලි හම්බ කරන්න තියෙන ආසාව අපිව නොමඟ යවන්නේ කොහොමද?

හිතෝ 11:4, 18, 28; 18:11; මතෙ 13:22

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 8:18-24—සල්ලි දීලා සභාවේ වගකීම් ලබාගන්න එයාට පුළුවන් කියලා සීමොන් හිතුවා

සල්ලිවලට ආසාවක් ඇති කරගත්තොත් ඒකෙන් වෙන හානිය මොකක්ද?

මතෙ 6:19-21; ලූක් 17:31, 32

  • බයිබල් සිද්ධීන්:

    • මාක් 10:17-23—එයාට තිබුණ දේවල් ගැන හිතේ ලොකු ආසාවක් තිබුණ නිසා පොහොසත් තරුණයෙක් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න තිබුණ අවස්ථාව නැති කරගත්තා

    • 1තිමෝ 6:17-19—අහංකාර අය ගැන දෙවියන් සතුටු වෙන්නේ නැති නිසා පාවුල් පොහොසත් ක්‍රිස්තියානීන්ට අවවාද කළා අහංකාර වෙන්න එපා කියලා

ධන සම්පත්වලට ආසාවක් ඇති කරගත්තොත් අපේ විශ්වාසය දුර්වල වෙනවා වගේම දෙවියන් දුක් වෙනවා කියලා කියන්නේ ඇයි?

ද්වි 8:10-14; හිතෝ 28:20; 1යොහ 2:15-17

ගීතා 52:6, 7; ආමො 3:12, 15; 6:4-8ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 31:24, 25, 28—ධන සම්පත් ගැන බලාපොරොත්තු තියාගන්න එකේ අනතුර යෝබ් තේරුම් අරන් හිටියා. මොකද ඒක දෙවියන්ට කරන ද්‍රෝහිකමක්

    • ලූක් 12:15-21—යේසුස් ධන සම්පත්වලට ආසාවක් ඇති කරගන්න එකේ අනතුර පෙන්නන්න දෙවියන්ට මුල් තැන දුන්නේ නැති පොහොසත් කෙනෙක් ගැන කිව්වා

තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න පුළුවන් කොහොමද?

හිතෝ 30:8, 9; 1තිමෝ 6:6-8; හෙබ්‍රෙ 13:5

ධන සම්පත්වලට වඩා වටින්නේ මොන වස්තුද? ඒ ඇයි?

හිතෝ 3:11, 13-18; 10:22; මතෙ 6:19-21

  • බයිබල් සිද්ධීන්:

    • හග් 1:3-11—ඊශ්‍රායෙල්වරු දේවමාලිගාව ගොඩනඟන වැඩේ පැත්තකට දාලා ගෙවල් දොරවල් හදාගෙන සැපවත් ජීවිත ගත කරන්න පටන්ගත්තා. ඒ නිසා ඔහුගේ ආශීර්වාදය නැති වෙනවා කියලත් තියෙන දේ නැති වෙනවා කියලත් යෙහෝවා එයාලට කිව්වා

    • එළි 3:14-19—දෙවියන්ට සේවය කරනවාට වඩා ධන සම්පත් එකතු කරගන්න එකට වැඩ අවධානයක් දුන්න එක ගැන යේසුස් ලවෝදිසියේ ක්‍රිස්තියානීන්ට අවවාද කළා

ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් යෙහෝවා අපිට දෙනවා කියලා අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි?

ගීතා 37:25; හිතෝ 3:9, 10; මතෙ 6:25-33

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න