ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 38-39 පි.
  • දයාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දයාව
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 38-39 පි.

දයාව

දයාවට ඇතුළත් තවත් ගුණාංග මොනවාද?

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 51:1, 2—දයාව පෙන්නන්න කියලා දාවිත් යෙහෝවාගෙන් ඉල්ලද්දී එයා අදහස් කළේ එයාගේ වැරදිවලට සමාව දීලා එයාව පවිත්‍ර කරන්න කියලයි

    • ලූක් 10:29-37—යුදෙව්වෙක්ට කාරුණිකව සලකපු සමරිතානුවරයෙක් ගැන කියලා දයාව පෙන්නන විදිහ ගැන යේසුස් පාඩමක් කියලා දුන්නා

හැම කෙනෙක්ටම දයාව ඕනෙ ඇයි?

ගීතා 130:3; දේශ 7:20; 1යොහ 1:8

1රාජා 8:46-50ත් බලන්න

යෙහෝවා දයාවෙන් පිරුණු කෙනෙක් කියන්නේ ඇයි?

නික් 34:6; නෙහෙ 9:17; ගීතා 103:8; 2කොරි 1:3

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 42:1, 2, 6-10; යාකො 5:11—යෙහෝවා යෝබ්ට දයාව පෙන්නලා එයාත් අනිත් අයට දයාව පෙන්නන්න ඕනෙ කියලා පැහැදිලි කළා

    • ලූක් 15:11-32—අකීකරු වුණත් පස්සේ පසුතැවිලි වුණ පුතෙක්ට සමාව දුන්න තාත්තා කෙනෙක් ගැන කියලා යෙහෝවා කොච්චර දයාවන්තද කියලා යේසුස් පෙන්නුවා

යෙහෝවා අපිට දයාව පෙන්නන්නේ ඇයි?

රෝම 5:8; 1යොහ 4:9, 10

තීත 3:4, 5ත් බලන්න

අපේ වැරදිවලට සමාව ලබාගන්න යේසුස්ගේ ජීවිත පූජාව උදව් වෙන්නේ කොහොමද?

ලූක් 24:47; ක්‍රියා 10:43; 1යොහ 1:7, 9

අපිට දයාව පෙන්නන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න ඕනෙ ඇයි? ඔහු පෙන්නන දයාව ගැන අපිට නිතරම අගයක් තියෙන්න ඕනෙ ඇයි?

ලූක් 11:2-4; හෙබ්‍රෙ 4:16

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 51:1-4—කරපු වැරදි ගැන ගොඩක් දුක් වුණ දාවිත් නිහතමානී වෙලා එයාට දයාව පෙන්නන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා

    • ලූක් 18:9-14—නිහතමානී වෙලා වැරදි පිළිගන්න අයට යෙහෝවා දයාව පෙන්නනවා කියලා පැහැදිලි කරන්න යේසුස් උදාහරණයක් කිව්වා

බරපතළ වැරදි කරපු අයටත් යෙහෝවාගේ දයාව ලබාගන්න පුළුවන් කොහොමද?

ද්වි 4:29-31; යෙසා 55:7

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 33:9-13, 15—මනස්සේ ගොඩක් දුෂ්ට රජෙක් වුණත් එයා පසුතැවිලි වෙලා දයාව පෙන්නන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා. ඒ නිසා එයාට ආයෙත් රජකම ලැබුණා. ඊටපස්සේ එයා වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණා එයා ඇත්තටම වෙනස් වෙලා කියලා

    • යෝනා 3:4-10—නිනිවයේ අය දරුණු විදිහට ගහමරාගත්ත අය වුණත් එයාලා පසුතැවිලි වුණ නිසා දෙවියන් එයාලට දයාව පෙන්නුවා

යෙහෝවාගෙන් දයාව ලබාගන්න නම් අපේ වැරදි පිළි අරන් ජීවිතේ වෙනස් කරගන්න එක වැදගත් ඇයි?

ගීතා 32:5; හිතෝ 28:13; 1යොහ 1:9

යෙහෝවා අපිට දයාව පෙන්නලා අපේ වරදකට සමාව දුන්නත් ඒකේ ප්‍රතිඵල විඳින්න ඔහු ඉඩහරිනවා. ලැබෙන්න ඕනෙ හික්මවීමුත් ලබා දෙනවා

නික් 34:6, 7; 2සාමු 12:9-13

අපි දයාව පෙන්නන්න ඕනෙ ඇයි?

මතෙ 6:14; ලූක් 6:36; කොලො 3:13

අපි අනිත් අයට දයාව පෙන්නුවේ නැත්නම් යෙහෝවා එක්ක අපිට තියෙන යාළුකමට මොනවා වෙන්න පුළුවන්ද?

මතෙ 9:13; 23:23; යාකො 2:13

හිතෝ 21:13ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 18:23-35—අපි දයාව පෙන්නුවේ නැත්නම් යෙහෝවාත් අපිට දයාව පෙන්නන්නේ නැහැ කියලා පැහැදිලි කරන්න යේසුස් උදාහරණයක් පාවිච්චි කළා

    • ලූක් 10:29-37—යෙහෝවා සහ යේසුස් දයාව පෙන්නන්නේ නැති අය ගැන සතුටු වෙන්නේ නැහැ කියලත් යහපත් සමරිතානුවා වගේ දයාව පෙන්නන අය ගැන ඒ දෙන්නා සතුටු වෙනවා කියලත් මේ උදාහරණෙන් පැහැදිලි වෙනවා

දයාව පෙන්නන අයට යෙහෝවා සලකන්නේ කොහොමද?

මතෙ 5:7; මාක් 11:25

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න