ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 109-112 පි.
  • ශුභාරංචිය දේශනා කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශුභාරංචිය දේශනා කිරීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 109-112 පි.

ශුභාරංචිය දේශනා කිරීම

සැබෑ ක්‍රිස්තියානීන් හැමෝම එයාලාගේ විශ්වාසයන් ගැන ප්‍රසිද්ධියේ කියන්නේ ඇයි?

මතෙ 28:19, 20; රෝම 10:9, 10; හෙබ්‍රෙ 13:15

ක්‍රියා 1:8; 1කොරි 9:16ත් බලන්න

ශුභාරංචිය දේශනා කරන එක ගැන යේසුස් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

ලූක් 8:1; යොහ 18:37

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 4:42-44—යේසුස් කිව්වේ ඔහුව පොළොවට එවලා තියෙන්නේ ශුභාරංචිය දේශනා කරන්න කියලයි

    • යොහ 4:31-34—යේසුස් කිව්වා ඔහු ශුභාරංචිය කියන එක සලකන්නේ කෑම විදිහට කියලා

ශුභාරංචිය දේශනා කරන වගකීම තියෙන්නේ සභාවේ වගකීම් දරන පුරුෂයන්ට විතරද?

ගීතා 68:11; 148:12, 13; ක්‍රියා 2:17, 18

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 5:1-4, 13, 14, 17—පුංචි ඊශ්‍රායෙල් දැරියක් යෙහෝවාගේ අනාගතවක්තෘ එලිෂා ගැන නාමන්ගේ බිරිඳට කිව්වා

    • මතෙ 21:15, 16—දරුවන් යේසුස්ට ප්‍රශංසා කරද්දී නායක පූජකයන්ට සහ නීතිය පිටපත් කරන අයට කේන්ති ගියා. ඒත් යේසුස් එයාලා හිතන විදිහ වැරදියි කියලා පෙන්නුවා

සභාවේ වැඩිමහල්ලන් ශුභාරංචිය දේශනා කරන්න ඕනෙත් ඒක කරන්න අනිත් අයට උගන්වන්න ඕනෙත් කොහොමද?

1තෙස 1:5, 6; 2තිමෝ 2:2; 1පේතෘ 5:2, 3

යෙහෝවා සහ යේසුස් ශුභාරංචිය දේශනා කරන්න අපිට උදව් කරන්නේ කොහොමද?

2කොරි 4:7; ෆිලි 4:13; 2තිමෝ 4:17

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 16:12, 22-24; 1තෙස 2:1, 2—පාවුල්ටයි, එයාත් එක්ක සේවය කරපු අයටයි මිනිස්සු පීඩා කළත් එයාලා දෙවියන්ගේ උදව්වෙන් දිගටම නිර්භීතව දේශනා කළා

    • 2කොරි 12:7-9—පාවුල් “කටුවක්” වගේ පීඩාවක් නිසා දුක් වින්දා. සමහරවිට ඒක සෞඛ්‍ය ගැටලුවක් වෙන්න ඇති. ඒත් ඒක දරාගන්නත් දිගටම සේවය කරන්නත් යෙහෝවා එයාට ශක්තිය දුන්නා

සේවය කරන්න අපිට සුදුසුකම් තියෙනවා කියලා කියන්නේ කවුද?

1කොරි 1:26-28; 2කොරි 3:5; 4:13

  • බයිබල් සිද්ධීන්:

    • යොහ 7:15—යේසුස් රබ්බිවරුන්ගේ පාසැලකින් ඉගෙනගෙන තිබුණේ නැතත් ඔහුට තිබුණ දැනුම දැකලා මිනිස්සු පුදුම වුණා

    • ක්‍රියා 4:13—යේසුස්ගේ නියෝජිතයන් ඒ තරම් අධ්‍යාපනයක් ලබපු නැති සාමාන්‍ය අය වුණත් එයාලා කිසිම බයක් නැතුව හරිම උද්‍යෝගයෙන් දේශනා කළා

ශුභාරංචිය දේශනා කරන්නත් බයිබල් සත්‍යයන් උගන්වන්නත් අනිත් අයව පුහුණු කරන්න ඕනෙ ඇයි?

මාක් 1:17; ලූක් 8:1; එෆී 4:11, 12

  • බයිබල් සිද්ධීන්:

    • යෙසා 50:4, 5—ගැලවුම්කරු පොළොවට එන්න කලින් යෙහෝවාම ඔහුව හොඳින් පුහුණු කළා

    • මතෙ 10:5-7—යේසුස් හුඟක් ඉවසීමෙන් ශුභාරංචිය දේශනා කරන්න ඔහුගේ ගෝලයන්ව පුහුණු කළා

ශුභාරංචිය දේශනා කරන්න අපිට ලැබිලා තියෙන පැවරුම ගැන අපිට තියෙන්න ඕනෙ මොන වගේ හැඟීමක්ද?

මතෙ 11:29, 30; 1තිමෝ 1:12

ශුභාරංචිය දේශනා කරන්න මහන්සි වෙද්දී අපිට දැනෙන්නේ කොහොමද?

ලූක් 10:1, 17; ක්‍රියා 13:48, 52; 15:3; 20:35

ශුභාරංචිය දේශනා කරන එකට ඇතුළත් වෙන්නේ මොන වගේ දේවල්ද?

මතෙ 24:14; 28:19, 20; ක්‍රියා 26:20; එළි 14:6, 7

යෙසා 12:4, 5; 61:1, 2ත් බලන්න

ආගම්වල උගන්වන බොරු දේවල් සැබෑ ක්‍රිස්තියානීන් හෙළි කරන්නේ ඇයි?

2කොරි 10:4, 5

  • බයිබල් සිද්ධීන්:

    • මාක් 12:18-27—සද්දුසිවරුන් නැවත නැඟිටීම ගැන විශ්වාස කළේ නැහැ. එයාලා හිතපු විදිහ වැරදියි කියලා යේසුස් ශුද්ධ ලියවිලිවලින් ඔප්පු කරලා පෙන්නුවා

    • ක්‍රියා 17:16, 17, 29, 30—රූපවලට නමසකාර කරන එක වැරදියි කියලා පාවුල් ඇතන්ස්වල හිටපු අයට තර්කානුකූලව පැහැදිලි කළා

අපි ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද?

ක්‍රියා 5:42; 17:2; 20:20

අපි ප්‍රසිද්ධ තැන්වලත් දේශනා කරන්නේ ඇයි?

යොහ 18:20; ක්‍රියා 16:13; 17:17; 18:4

හිතෝ 1:20, 21ත් බලන්න

දේශනා කරද්දී අත්හරින්නේ නැතුව ඉවසීමෙන් ඒක කරන්න ඕනෙ ඇයි?

යෙසා 6:9-11; 2පේතෘ 3:9

දේශනා සේවය නිසා ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද?

ක්‍රියා 14:20-22; 19:9, 10

ඕනෙම වෙලාවක දේශනා කරන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ ඇයි?

1කොරි 9:23; 1තිමෝ 2:4; 1පේතෘ 3:15

  • බයිබල් සිද්ධීන්:

    • යොහ 4:6, 7, 13, 14—හුඟක් මහන්සියෙන් හිටියත් යේසුස් ළිඳ ළඟ හිටපු සමාරියේ ස්ත්‍රියකට ශුභාරංචිය කිව්වා

    • ෆිලි 1:12-14—පාවුල් හිරේ හිටියත් ලැබුණ හැම අවස්ථාවකම එයා දේශනා කළා. අනිත් අයව දිරිගැන්නුවා

හැමෝම අපේ පණිවිඩය අහයි කියලා බලාපොරොත්තු වෙන එක හරිද?

යොහ 10:25, 26; 15:18-20; ක්‍රියා 28:23-28

  • බයිබල් සිද්ධීන්:

    • යෙරෙ 7:23-26—යෙහෝවා එවපු අනාගතවක්තෘවරුන් කියපු පණිවිඩය ඊශ්‍රායෙල්වරු දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. ඒ ගැන යෙහෝවා යෙරෙමියා මාර්ගයෙන් කිව්වා

    • මතෙ 13:10-16—යෙසායාගේ කාලේ හිටපු අය වගේ ගොඩක් අය පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා යේසුස් කිව්වා

ගොඩක් අයට අපේ පණිවිඩය අහන්න වෙලාව නැති එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි?

මතෙ 13:22; 24:38, 39; ලූක් 17:28, 29

මුලින් හොඳ ප්‍රතිචාරයක් දක්වන හැමෝම දිගටම ඒ උනන්දුව තියාගන්නේ නැහැ කියලා අපි කොහොමද දන්නේ?

මාක් 4:14-17; යොහ 6:65, 66

සමහරු අපි කරන සේවේට දරුණු විදිහට විරුද්ධ වෙද්දී ඒ ගැන පුදුම නොවී ඉන්න අපිට උදව් වෙන උදාහරණ මොනවාද?

ක්‍රියා 13:50; 18:5, 6; 1පේතෘ 4:12-14

දේශනා කරද්දී විරුද්ධවාදිකම් ආවාම අපි ඒවාට මූණ දෙන්න ඕනෙ කොහොමද?

මතෙ 5:10-12; 10:14, 23; ෆිලි 1:7

සමහරු ශුභාරංචිය සතුටින් පිළිගනියි කියලා අපි දන්නේ කොහොමද?

ලූක් 8:15; යොහ 4:40, 41; ක්‍රියා 16:14, 15; 17:11, 33, 34

ශුභාරංචිය දැනගත්තාට පස්සේ අපි මොනවා කරයි කියලද යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ?

ක්‍රියා 20:26, 27; 1කොරි 9:16, 17; 1තිමෝ 4:16

එස 33:8ත් බලන්න

හැම ජාතියකම, ආගමකම අයට අපි පණිවිඩය කියන්න ඕනෙ ඇයි?

මතෙ 24:14; ක්‍රියා 10:34, 35; එළි 14:6

ගීතා 49:1, 2ත් බලන්න

සබත් දවස ඇතුළුව සතියේ ඕනෙම දවසක දේශනා කළාට කමක් නැද්ද?

ක්‍රියා 5:42; 13:42, 44; 16:13

බයිබලයක් තියෙන, ආගමක් අදහන අයට වුණත් දේශනා කරන එක හොඳ දෙයක් කියලා කියන්න උදාහරණ දෙන්න.

ක්‍රියා 13:46; ගලා 2:7, 8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න