ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w91 7/1 10 පි.
  • අලුත් ලොවක් අපට අවශ්‍ය ය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් ලොවක් අපට අවශ්‍ය ය
  • 1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ලෝක සාමය ක්ෂිතිජයේ පෙනෙන්නට තිබේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධය වෙනස් මුහුණුවරක් ගනී
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධයෙන් තොර ලොවක් නුදුරෙහි
    1996 පිබිදෙව්!
  • ඔබ දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීමට අවධානය යොමු කරනු ඇත් ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w91 7/1 10 පි.

අලුත් ලොවක් අපට අවශ්‍ය ය

ටිකක් නැවතී, ඔබ අවට ඇති තත්ත්වයන් දෙස බලන්න. ඔබ දකින දෙයට ඔබ කැමති ද?

සමහර විට හොඳින් නඩත්තු කරන ලද ප්‍රසන්න ප්‍රදේශයක කදිම නිවසක් ඔබට පෞද්ගලික ව තිබිය හැක. ඔබ කැමති හොඳට වැටුපක් ලැබෙන රැකියාවක් ඔබට තිබෙන්නට පුළුවන. මීට අමතර ව, ඔබ සහ ඔබගේ ප්‍රේමනීයයන්ට තරමක හොඳ සෞඛ්‍යයක් තිබෙන්නට පුළුවන. සියල්ල සලකා බැලූ විට, තරමක සුරක්ෂිතභාවයක් හා සන්තෝෂයක් ඔබට තිබිය හැක.

නුමුත් අනෙක් අසල්වැසි ප්‍රදේශ, ඔබ ජීවත්වන රටෙහි වෙනත් පළාත්, වෙනත් රටවල් ගැන කල්පනා කර බලන්න. මුළු ලෝකය දෙස ම බලන්න. ඔබ දකින්නේ අලංකාර චිත්‍රයක් ද? එය සැබෑවට ම, සෑහීමකට පත් කරවන, සාමය හා සමෘද්ධියේ එකක් ද?

මෙම සියවසේ මුල දී පවසන ලද ඇතැම් පුරෝකථනයකිරීම්වලට අනුව, විද්‍යාව මේ වන විට සියලු ප්‍රධාන අසනීපයන් ඉවත්කර, සියල්ලන්ට ආහාර බහුල ලෙස සපයා, පරිසරය ස්ථාවර කර හා දියුණු කර, සාමයේ යුගයක් බිහි කළ යුතු ව තිබිණ. නුමුත් ඇත්තට ම සිදු වී තිබෙන්නේ කුමක් ද?

අපගේ ග්‍රහලෝකයෙන් සාමය පලාගොස් ඇති බව දැක ගැනීමට වැඩි පරීක්ෂණයක් වුවමනා නැත. “බයිබල් කාලවල සිට, කඩුවලින් නගුල් දත් තළා ගැනීමට මනුෂ්‍යයන්ට අවවාදකර තිබේ” යයි ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1990 හි මයිකල් රේනර් ලියයි. “එම උපදේශය කිසිදාකට වැඩියෙන් උචිත වී තිබේ. යුද්ධ ශක්තිය නොනවත්වා ලුහුබැඳීම නිසා, විනාශයේ අද්දරට මානවයා පැමිණ සිටියි.”

ලොව වටා බොහෝ රටවල් විනාශයට පත් කරන සිවිල් ආරාවුල් සහ යුද්ධ පිළිබඳ වාර්තා බහුල ය. එක මූලාශ්‍රයකට අනුව, 1988 දී තවමත් යුද්ධ 22ක් පැවතී තිබිණ.a එම යුද්ධවලින් කොපමණ දෙනෙක් මරුමුවට පත් වී තිබිණ ද? එම වසර ඇතුළු ව, එම වසර දක්වා “1988හි සිදු කරන ලද සියලු යුද්ධවල දී මරුමුවට පත් වූ මනුෂ්‍යයන්ගේ මුළු සංඛ්‍යාව 46,45,000කි. මියගිය අයගෙන් සියයට හැත්තෑ හයක් සිවිල් ජනයා” යයි සෙන්ට් ලුවී පෝස්ට්-ඩිස්පැච් පවසයි.

සාමකාමී ලෝකයක් ඉදිරියෙහි ඇති බවට වර්තමාන ලෝක වර්ධනයවීම් අඟවත් ද? “ශීත යුද්ධය මගහැරී, සාමයට අවස්ථාවක් උදා වී ඇති බවට කථාවක් තිබේ. නුමුත් නැවත වරක් බලන්න” යයි අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් හෝසේ මක්‍යූරි න්‍යූස් හි ලිපියක් මෙසේ පවසයි, “තුන්වන ලෝකයෙහි, බේරුම් කිරීමෙහි සුළු බලාපොරොත්තුවක් ඇතුව, යුද්ධ කුණාටු මෙන් පවති. මේවා වනාහි ලෝකයේ සැඟවුණු යුද්ධයන් ය. මේවා බොහෝ දුරට ආණ්ඩුව තමන්ගේ ම සෙනඟට එරෙහි ව කරනු ලබන ගැටුම් ය: රට, ආගම, ජාතිවාදි හා ගෝත්‍රික වෙනස්කම්, දේශපාලන බලය, සහ මත්ද්‍රව්‍ය කෙරෙහි ඇතිවන කුරීරු සිවිල් ගැටුම් ය. . . . අප්‍රිකානු තුඩුවේ සිට ගිනිකොන ආසියාව දක්වා, යුද්ධය නිසා මිලියන ගණන් මනුෂ්‍යයන්ට තමන්ගේ නිවෙස්වලින් පලායාමට සිදු වී තිබේ. වගා කටයුතු අතපසු වේ, සෞඛ්‍ය චිකිත්සාගාර ප්‍රහාරවලට ලක් වේ, සත්ත්ව රැළවල් විනාශ වේ, තමන්ගේ දරුවන් ඉදිරියෙහි දෙමව්පියන් කුරීරු ලෙස මරාදමනු ලැබේ, අවුරුදු 10ක් වයසැති පිරිමි ළමුන් බඩු ඇදගෙන යන්නන් බවට ද, ඊට පසු සෙබළුන් බවට ද පත් කරනු ලැබේ, තරුණ ගැහැණු ළමයින් දූෂණය කරනු ලැබේ. වැඩි වශයෙන් අමතක වූ මෙම රටවල, යුද්ධය මගින් සුන්බුන්වල සමාජ අවුලේ සලකුණු තබා තිබේ, තව ද සමහර විට කිසිවිටකත් මුළුමනින් ම යථා තත්ත්වයට පත්වීමට මෙම සමාජවලට නොහැක. . . . ඉතිහාසයෙහි වෙනත් කිසිදු දශකයකට වඩා වැඩියෙන් යුද්ධ 1980 ගණන්වල දී දැක ඇතැයි පර්යේෂණ පෙන්වා දෙයි.”

වඩාත් සංවර්ධිත රටවලට පලාගිය බොහෝ දෙනෙකු තමන් සෙවූ සාමය, දරුණු අපරාධයේ තර්ජනය මගින් සුනුවිසුනු කර ඇතැයි පෙනී ගොස් තිබේ. “[එක්සත් ජනපදයේ] අපරාධ ප්‍රහාරය අඩු වනු ඇතැයි පුරෝකථනය කර තිබුණත්, 1980 ගණන් තුළ දී එය නොකඩවා පැවතී ඇත” යයි යු.එස්. න්‍යූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් වාර්තා කරයි. “සාමාන්‍ය වසරක දී: මිනීමැරුම්, පහරදීම් හා ගෙවල් බිඳීම් වැනි අපරාධ මිලියන 8.1 ක් සිදුවෙයි. . . . සියල්ලකට ම වඩා අතීශයින් පීඩාකාරී දෙය නම් ලේ වැගිරීම ව්‍යාප්ත වී ඇති ආකාරයත් හා එය පුරෝකථනය කළ නොහැකි වී තිබෙන ආකාරයත් ය. මෙවැනි තාඩන පීඩනවලට ගොදුරු කිරීම නිදන්ගත තත්ත්වයකි. වර්තමාන ප්‍රමාණය අනුව අපරාධ නොකඩවා පැවතුණහොත් දැනට අවුරුදු 12ක් වයස ඇති ළමුන්ගෙන් සියයට 83ක් සැබෑ හෝ උත්සාහ කරන ලද සැහැසිකමේ ගොදුරු බවට පත් වනු ඇත. . . . සමාජයේ වැරිදිකරුවන්ට දඬුවම් කිරීම ස්ථීර හෝ ඉක්මන් නැත. රටවටා, පොලීසියට විසඳිය හැක්කේ ප්‍රධාන අපරාධ 5කින් 1ක් පමණකි.” ලොවවටා එබඳු තත්ත්වයක් පවති. “ලෝකයේ බොහෝ පළාත්වල අපරාධ සිදුවීම හා එහි බරපතළකම වැඩි වී ඇත” යයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වාර්තා කරයි.

නමුත් සියලු ම යුද්ධ, අවිආයුධ, හා සැහැසිකම පෘථිවියෙන් වහා ම අතුරුදහන් වුවත්, ජීවිතයට තවමත් තර්ජන තිබෙනු ඇත. “සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන සිය ගණනකගේ ජීවිත පීඩාකරවන දිළිඳුකමට, ව්‍යාප්ත අසනීපවලට, සහ අතිවිශාල අකුරු නොදැනුවත්කමට යට වී ඇත” යයි ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1990 යන තමන්ගේ වර්තාවෙහි වර්ල්ඩ් වොච් ආයතනය සඳහන් කරයි. “දුප්පත් පොහොසත් වුවත්, හමුදාමය අතින් ශක්තිමත් හෝ දුබල වුවත්, සියලු ම මනුෂ්‍යවර්ගයා මීට පෙර නොවූවිරූ පරිසර විනාශයකට මුහුණපානු ඇත.”

එසේ ය, මුළු මනුෂ්‍යවර්ගයා රඳාපවතින ජීවිත-ආධාරක පද්ධති බිඳවැටෙමින් තිබේ. “[1970හි තිබුණාට වඩා] පෘථිවිය සමස්තයක් හැටියට වඩාත් නරක තත්ත්වයක තිබේ” යයි ඩිස්කවර් සඟරාවෙහි සංස්කාරක පෝල් හොෆ්මන් ලියයි. “බිම් පුරවා තිබෙන ස්ථානවලින් කුණුකසළ ඇදහැලෙනු ඇත. උෂ්ණත්වයක් ඇති කරවන වායුවලින් [green house effect] වායුගෝලය උණුසුම් කරවයි. ග්‍රහලෝකයේ ඕසෝන් ආරක්ෂකය තුනී වෙමින් පවති. කාන්තාර පුළුල් වන අතර, වැසි වනාන්තර හීන වෙමින් තිබේ. පැයකට 17ක ප්‍රමාණයෙන් ශාක සහ සත්ත්ව ජාති වඳ වී යති.”

ගොඩබිම හා ජලය නොකඩවා දූෂිතවීමේ බලපෑම් ද එයට එකතු කරන්න. ලෝක ජනගහණයේ ක්‍රමානුකූල වැඩිවීමත් ගණන් බලන්න, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඵලදායී ඉඩම්වල ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ නැතහොත් ඒවා මත කොන්ක්‍රීට් වැනි කෘත්‍රිම ද්‍රව්‍යයන් මගින් ආවරණය කෙරේ. එමගින් සත්ත්ව හා ශාක ජාතිවල වඳ වී යාම වැඩි කෙරේ. පිරිසිදු ජල සැපයුම්වල ඉහළ යන හිඟකම හා අම්ල වැස්සේ ගැටලුව සලකා බලන්න. බොහෝ සෙයින් දූෂිත වූ වාතය නිසා ඇතිවන සෞඛ්‍ය-තර්ජන ඵලවිපාක හා හානිදායක කුණුකසළවල ගැටලුවත් මෙයට එක්කරන්න. මේ සියල්ලෙහි එකතුව, මනුෂ්‍ය ජාතියට විනාශය අඟවයි. අප කවුරු හෝ කුමක් වූවත්, ජීවත්වීමට වාතය, ආහාර, ජලය, සහ අමුද්‍රව්‍ය අපට වුවමනා කෙරේ. ඒවා අපවිත්‍ර නොවී සහ ඇති තරම් ප්‍රමාණයකින් ඒවා අපට වුවමනා කෙරේ. දැනටමත්, “දිළිඳු අය සඳහා 80 වන දශකය දරුණු ආපදාවක් විය, අඩු ආහාර සහ මරණ ප්‍රමාණවල ඉහළ යෑමක් තිබේ” යයි ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1990 පවසයි.

මෙපමණ බොහෝ ආකාරවලින් මනුෂ්‍ය ජාතියට තර්ජන ඇතිවීම නිසා, අලුත් ලොවක් ඉතා අවශ්‍ය ව තිබේ යයි ප්‍රතික්ෂේප කළ හැක්කේ කවරෙකුට ද? එහෙත් එය සැබවින් ම සිදු විය හැකි දෙයක් ද? එබඳු ලොවක් පැමිණෙනු ඇත්තේ කිනම් උල්පතකින් ද? අපගේ ග්‍රහලෝකය සුරක්ෂිත හා සාරවත් යයි සැබවින් ම සැලකීමට පෙර ඉවත් කළ යුතු බාධක මොනවා ද? අපි බලමු. w90 10/01

[පාදසටහන්වල]

a  “යුද්ධය” විග්‍රහ කර ඇත්තේ අඩු ම වශයෙන් එක ආණ්ඩුවක් ඇතුළත් වන හා වසරක් තුළ දී අඩු ම වශයෙන් මනුෂ්‍යයන් 1,000ක් මිය යන ගැටුමකට ය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න