ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w91 6/1 10 පි.
  • මැසඩාව එය සිදු වූයේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැසඩාව එය සිදු වූයේ මන්ද?
  • 1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මැසඩාවේ කිනිසිවලින් මිනීමරන්නෝ
  • මැසඩාව මෙසියස් වහන්සේ පැමිණී බවට සාක්ෂියක් ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඉතිහාසය පිළිබඳ ජොසේෆස්ගේ මනබන්ධනීය පුරාවෘත්තාන්ත
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්වහන්සේ ක්‍රියා කරන විට ඔබට ගැළවීම අත් වේවිද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රාණය සඳහා වඩාත් හොඳ බලාපොරොත්තුවක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w91 6/1 10 පි.

මැසඩාව එය සිදු වූයේ මන්ද?

“මාගේ එඩිතර මිත්‍රවරුනි, දෙවියන් වහන්සේට පමණක් මිස රෝමවරුන්ට හෝ වෙන කිසිවෙකුට සේවය නොකිරීමට, බොහෝ කලක සිට, අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු . . . කඩුව අතට ගැනීමට අපට නිදහස තිබෙද්දී, එන්න . . . අපගේ සතුරන් යටතේ අප වහලුන්වීමට පෙර, අපගේ දරුවන් හා භාර්යාවන් සමඟ මිය ගොස් නිදහස් මනුෂ්‍යයන් වශයෙන් මේ ජීවිතය අත්හරිමු!”

ජායිර්ගේ (නැතහොත් බෙන් යයිර්) පුත්‍ර, එලිඒසර් විසින් මැසඩාව ආරක්ෂා කරන්නන්ට මෙම බලාපොරොත්තු රහිත උපදේශය දී ඇතැයි වාර්තා වේ. ද ජුවිෂ් වො යන තමාගේ පොතෙහි පළමු සියවසේ ඉතිහාසඥයකු වන ජොසේෆස් විසින් වාර්තා කරන ලදි. දෙවියන් වහන්සේගේ නීතියට පටහැනි ව, විශාල ඝාතනයක් සහ සිය දිවි නසා ගැනීමක් සිදු කිරීමට එම යුදෙව් නායකයා තම මිතුරන්ට උනන්දු කළේ මන්ද? (නික්මයාම 20:13) ඊටත් වඩා වැදගත් ලෙස, වර්තමාන දරුණු ලෝකයෙහි බේරී ජීවත්වීමට තත්ත්වයන් පිළිබඳ දැනුමක් ඔබට උපකාර කළ හැක්කේ කෙසේ ද?

මැසඩාවේ කිනිසිවලින් මිනීමරන්නෝ

පොදු යුගයේ 66හි යුදෙව් කැරලි ගැසීම සිදුවීමට පෙර, මළ මුහුදට නුදුරු ආරක්ෂිත කඳු මුදුනක් වන, මැසඩාවෙහි රෝම ආරක්ෂක භට පිරිසක් නවතා තිබිණ. මැසඩාව පාලු පෙදෙසක පිහිටා තිබුණත්, මහා හෙරොද් රජ විසින් ඉදිකරවන ලද අලංකාර ශීත සෘතු මාලිගාවක් එහි තිබුණි. උණුසුම් දිය නෑම පවා භුක්තිවිඳිය හැකි පරිදි ජල පද්ධතියක් ඔහු ඉදිකර තිබුණි. කෙසේ වුවද, වඩාත් බරපතළ ලෙස, රෝම පාලන කාලය තුළ දී එම බලකොටුවේ අවි විශාල තොගයක් ගබඩාකොට තිබුණි. පලස්තීනය අල්ලාගෙන සිටී රෝමවරුන්ට එරෙහි ව හැගීම් උත්සන්න වූ විට, යුදෙව් කැරලිකරුවන්ගේ අතට අවි පත්වීමේ අවදානමක් විය. එබඳු එක් කණ්ඩායමක් වනාහි සිකාරි වේ, එහි අර්ථය “කිනිසිවලින් මිනීමරන්නන්” ය, මොවුන් කැරලිගැසීමකට හවුල්වූවන් ලෙස බයිබලයෙහි සඳහන් කර තිබේ.—ක්‍රියා 21:38.

පොදු යුගයේ 66හි කිනිසිවලින් මිනීමරන්නෝ මැසඩාව අල්ලා ගත්හ. අලුතින් ලබාගත් ඔවුන්ගේ අවි ඇතු ව, රෝම පාලනයට එරෙහි ව කැරලිගැසීමට සහයෝගය දීමක් වශයෙන් ඔව්හු යෙරුසලමට ගමන් කළහ. යුදෙව් විප්ලවකරුවන් විසින් මැසඩාව හා යෙරුසලමෙහි සිටි රෝම ආරක්ෂක භට පිරිස් ඝාතනය කිරීම නිසා රෝම අධිරාජ්‍යයේ උදහස තම රටවැසියන් පිටට පැමිණියේ ය. පොදු යුගයේ 66 අවසානවීමට පෙර, සෙස්ටස් ගැලස් යටතේ දොළොස් වන රෝම බලඇණිය යුදයට ගමන් කර යෙරුසලමට පිටින් කඳවුරු බැඳගති. රෝමවරු සියලු පැතිවලින් නගරයට පහර දී දේවමාලිගාවේ උතුරු අත්තිවාරම් පවා බිඳ දැමූහ. හදිසියේ ම ගැලස් තමාගේ භට පිරිස් ඉවත් කර කිසිදු හේතුවක් නොමැති ව යුදය අත්හැර ගියේ ය. “තව ටිකක් කල් ඔහු වටලෑම පවත්වාගෙන සිටියා නම් එක වර ම නගරය අල්ලා ගැනීමට ඔහුට හැකි වනු ඇත” යයි ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ජොසේෆස් ලීවේ ය.

නුමුත් රෝමවරු සිය කාර්යය අවසාන කර නොතිබිණ. වසර සතරකට පසු ටයිටස් රෝම හමුදාපතියා බලඇණි සතරක් සමඟ යෙරුසලමට පැමිණියේ ය.a මේ වතාවේ දී මුළු නගරය විනාශ කෙරිණ, තවද යුදය නැවත වරක් රෝමයේ අයෝමය පාලනය යටතට ගෙනෙන ලදි. මැසඩාව පමණක් ඊට ඇතුළත් නොවිණ.

විරෝධයේ මෙම අන්තිම ස්ථානයත් පොඩිකර දැමීමේ අධිෂ්ඨානයෙන් යුක්ත ව, රෝමවරු බලකොටුව වටා ඝන ගල් තාප්පයක් සහ ගලින් කරන ලද කඳවුරු අටක් ඉදි කළහ. ඔව්හු අන්තිමේ දී මුදුනට මගපෙන්වන පස් කන්දක් ඉදි කළහ—මීටර් 197ක් දිග සහ මීටර් 55ක් උස මිනිසා විසින් සාදන ලද පස් කන්දකි! ඔව්හු එය මත කුලුනක් ඉදි කර මැසඩාවේ තාප්පය බිඳදැමීම සඳහා තාප්ප සිදුරු කරන උපකරණයක් එහි සවි කළහ. රෝම හමුදාව ජල ප්‍රවාහයක් මෙන් ඊට ඇතුල් වී මෙම අන්තිම යුදෙව් බලකොටුව අල්ලා ගැනීමට වුවමනා වූයේ කාලය පමණකි!

යුදෙව් කැරැල්ල අවසාන වූ ආකාරයට රෝම කඳවුරුවල පිට මායිම, වටේට තිබූ වටලන ලද තාප්පය, සහ විශාල පස් බෑවුම අදදින සාක්ෂි දරයි. එක් දහස් නවසිය හැට පහේ දී මැසඩාවෙහි ඉතා පුළුල් පුරාවිද්‍යාත්මක කැනීමක් අවසාන කෙරිණ. සොයා ගැනීම් ගැන විස්තර කරමින්, ද න එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (1987) මෙසේ සඳහන් කරයි: “ඒ වන තෙක් මැසඩාවේ ඉතිහාසය පිළිබඳ ව එක ම සවිස්තර මූලාශ්‍රයක් වූ රෝම-යුදෙව් ඉතිහාසඥ ජොසේෆස්ගේ විස්තර, අතිශයින් නිවැරදි බව දක්නට තිබිණ.”

නුමුත් රෝමවරු තාප්පය බිඳීමට ආසන්න වූ විට, ජෙයිර්ගේ පුත්‍ර, එලිඒසර්ගේ සියදිවි නසා ගැනීමේ කථාවට කිනිසිවලින් මිනීමරුවන් ප්‍රතික්‍රියා කළේ කෙසේ ද? ජොසේෆස් මෙසේ වාර්තා කරයි: “සියල්ලෝ ම තමන්ගේ පවුල් මරණයට පාවා දුන්හ; . . . ඊළඟට, සෙස්සන් ව ඝාතනය කිරීම සඳහා දාදු දැමීමෙන් මනුෂ්‍යයන් දස දෙනෙක් තෝරාගෙන, සෑම කෙනෙක් ම තමාගේ භාර්යාව හා දරුවන් අසල හාන්සි වී, තමන්ගේ අත් ඔවුන් වටා යවමින්, වේදනාකාරී කාර්යය සිදු කිරීමට තිබූ අයට තමන්ගේ ගෙල අනාවරණය කරනු ලැබී ය.b එම ඝාතකයෝ නොපසුබට ව ඔවුන් සියල්ලන් ව ම මරුමුවට පත් කළහ, ඊළඟට එම ක්‍රමය ම එකිනෙකා සඳහා පාවිච්චි කළහ, . . . නුමුත් මැහැල්ලක් සහ තව කෙනෙක් . . . පලා ගියහ . . . ස්ත්‍රීන් හා ළමුන් ඇතුළු ව, මරණයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව නවසිය හැටක් විය.”

යුදෙව් කැරලි ගැසීම එතරම් කණගාටුදායක ලෙස අවසාන වූයේ මන්ද? නාසරෙත් හි යේසුස් වහන්සේගේ ජීවිතයට හා මරණයට එහි යම්කිසි සම්බන්ධයක් තිබුණි ද? w90 10⁄15

[පාදසටහන්වල]

a  මැසඩාවෙහි, කාසි සිය ගණනක් පුරාවිද්‍යාඥයෝ සොයා ගත්හ, තවද “සියොන් හි නිදහස සඳහා” සහ “ශුද්ධ වූ යෙරුසලම” වැනි කැරැල්ල උත්සවාකාරයෙන් පවත්වන හෙබ්‍රෙව් ලාංඡන ඒවායේ දක්නට තිබිණ. මැසඩා යන තමාගේ පොතෙහි ආචාර්ය යිගෙල් යාඩින් මෙසේ විස්තර කරයි: “අප සොයා ගත් ෂෙකෙල් නියෝජනය කරන්නේ කැරැල්ලේ සියලු ම වසරවල් ය, පළමු වන වසරේ සිට කලාතුරකින් දක්නට තිබෙන පස් වන වසර දක්වා ය, ෂෙකෙලය සොයා ගත් අන්තිම වසර පොදු යුගයේ 70ට සමාන වේ, එකල යෙරුසලමේ දේවමාලිගාව විනාශ කරන ලදි.” ඉහළ තිබෙන කාසිය බලන්න.

b  මැසඩාවේ ගේට්ටුවලින් එකක් අසල යුද්ධයට වැදගත් වූ ස්ථානයක දී, මැටිවලින් කරන ලද භාණ්ඩ කැබලි 11ක් සම්බවිය, ඒ සෑම එකක ම කෙටි හෙබ්‍රෙව් විකට නාම ලියා තිබිණ. ජොසේෆස් විසින් සඳහන් කරන ලද දාදු මේවා විය හැකියයි බොහෝ විශාරදයෝ යෝජනා කරති. ඒවායින් එකක “බෙන් යායිර්” යන නාමය කොටා තිබිණ, “ජේරියස්ගේ පුත්‍රයා” යනු එහි අදහස වේ. “බෙන් ජයීර් යන නාමය එකක ඇතු ව, යාඩින් විසින් දාදු සොයා ගැනීම වනාහි ජොසේෆස්ගේ වාර්තාව ගුප්ත ලෙස සනාථ කිරීමක්” යයි ජොසේෆස් ඇන්ඩ් මොඩන් ස්කොලෂිප් යන පොතෙහි ලුවී ෆෙල්ඩ්මන් සඳහන් කරයි.

පොදු යුගයේ 67 යුදෙව් කාසියකි, රෝමවරු සමඟ යුද්ධයේ “2 වන වසර” සඳහන් කරයි

Pictorial Archive (Near Eastern History) Est.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න