රේල් පීල්ල මත පත්‍රිකාවක් ඔහුට සම්බ විය
වර්ෂය 1921 විය. දකුණු අප්‍රිකාවේ පළාතක් වන ට්‍රාන්ස්වාල් හි කඳුකර ප්‍රදේශයෙහි එක් දුම්රිය මාර්ගයක් දිගේ දුම්රිය මාර්ග නඩන්තු කිරීමේ එක් කණ්ඩායමක් වැඩ කරමින් සිටියේ ය. පිරිසෙහි පරිපාලකයා, ක්‍රිස්ටියාන් වෙන්ටර් නැමැත්තෙක්, එක පීල්ලක් යට කඩදාසි කැබැල්ලක් හිර වී ඇති බව දුටුවේ ය. එය වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවකි.
පිරිස නැවැත්වීමට අණ කිරීමෙන් පසු ව, අතීශය උනන්දුවකින් යුක්ත ව ක්‍රිස්ටියාන් පත්‍රිකාව කියෙව්වේ ය. ඔහුගේ බෑණා වූ ඒබ්‍රහැම් සෙලියේස් හමුවීමට ඔහු දුව ගොස්, ඉතා උද්යෝගී ව මෙසේ ප්‍රකාශ කළේ ය: “ඒබ්‍රහැම් මට සත්‍ය හමු වුණා!”
ඉන් කෙටි කලකට පසු, තවත් තොරතුරු ලබාගැනීමේ අටියෙන් ඔවුහු පත්‍රිකාවේ ප්‍රකාශකයන්ට ලිවූහ. ඊට ප්‍රතිචාරයක් වශයෙන් වොච්ටවර් සමිතියෙහි දකුණු අප්‍රිකානු ශාඛාව අමතර බයිබල් පොත් පත් ඔවුනට එව්වේ ය. මෙම මිනිසුන් දෙදෙනා ඔවුන්ගේ දිවා භෝජන විවේක කාලය තුළදීත් රාත්‍රියේදීත් බොහෝ කල් ගනිමින් ඒවා හවුල් ව අධ්‍යයනය කළහ. ඉක්මනින් ඔවුහු තම මිතුරන් හා ආගන්තුකයන් සමඟ සත්‍යය හවුලේ බෙදා ගැනීමට පටන් ගත්හ.
අවසානයේ දී, ක්රිස්ටයාන් හා ඒබ්‍රහැම් යන දෙදෙනා ම යෙහෝවඃ වහන්සේගේ කැප වූ සාක්ෂිකරුවන් බවට පත් වූහ. ඔවුන්ගේ ජ්වලිතය හා ඇදහිලිවන්තකම හේතුවෙන්, දකුණු අප්‍රිකානුවන් බොහෝ දෙනෙකුට සත්‍යය පිළිබඳ ව දැනගැන්ම ලබා ගැනීමට උපකාර වී ඇත. ඇරත්, ඔවුන්ගෙන් පැවතෙන්නන් සියයකටත් වඩා අද දින යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාශීලි සාක්ෂිකාරයන් වනු ඇත! ඉන් එක්කෙනෙක් න්යූ යෝක් හි බෘක්ලින් හි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්ගේ ලෝක මූලස්ථානයෙහි සේවය කරන අතර, තව කෙනෙක් දකුණු අප්‍රිකාවේ වොච්ටවර් සමිතියේ කාර්යාලවල සේවය කරයි.
අද දින ඊට වසර 70කට පමණ පසු ව, රාජ්‍ය පණිවුඩය ව්‍යාප්ත කිරීමේ ඉතා වැදගත් වැඩ කොටසක් පත්‍රිකා මගින් ඉටුවේ. w91 1/1