ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 9/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනැඟීම
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙමාපියෙනි, ඔබේ ආදර්ශයෙන් උගන්වන්නේ කුමක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 9/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානි පවුලක දරුවෙකුට අනිවාර්යයෙන් ම ආගමික උපදෙස් ලැබීමට සිදුවන පාසලකට යාමට සිදු වුවහොත්, කළ යුත්තේ කුමක් ද?

ක්‍රිස්තියානි මාපියෝ තම දරුවන්ගේ සිතට බොරු ආගමික ඉගැන්වීම් කාවැද්දවීම පිළිබඳ ව සැලකිලිමත් නොවෙත්. එහෙත් තමන් බොරු ආගමික ක්‍රියාවල හෝ උත්සවවල හවුල් නොවූව ද, ළමුන් විසින් ආගම ඉගැන්වෙන පන්තියක් වර්ජනය කළ නොහැකි අවස්ථා තිබිය හැකි ය.

දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් වන ආබ්‍රහම්, දරුවන්ට ආගමික උපදෙස් සැපයීම සම්බන්ධයෙන් මාහැඟි ආදර්ශයක් තැබුවේ ය. ඔහු තම දරුවන් ව ඇති දැඩි කළේ, ආගමික වැරදි මෙන් ම තමා වටා අශික්ෂිත වූ “ශුද්ධ” ක්‍රියාවන් පැවති කානාන් දේශයේ ය. (නික්මයාම 34:11-15; ලෙවී කථාව 18:21-30; ද්විතීය කථාව 7:1-5, 25, 26; 18:9-14 සසඳන්න.) එනමුත්, ඔහු තම පවුල සඳහා ආගමික උපදෙස් පිරිනමන මාධ්‍ය බවට පත් විය. ආබ්‍රහම්, ධර්මිෂ්ඨකම් කරමින් “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන” බවට දෙවියන් වහන්සේට නිසැක වූ සේක.—උත්පත්ති 18:19.

යෞවනයෙක් වශයෙන්, යේසුස් වහන්සේ පවා සැබෑ නමස්කාරය තුළ පවුලේ හා සභාවේ උපදෙස්වලින් ප්‍රයෝජන ලැබූ සේක. මෙසේ, උන් වහන්සේ “ප්‍රඥාවෙන් හා උසමහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.”—ලූක් 2:52.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල, ක්‍රිස්තියානි යෞවනයන් තම බාහිර අධ්‍යාපනය ලබන්නේ පොදු පාසල්වලිනි. උගන්වනු ලබන සෑම දෙයක් ම බයිබල් සත්‍යයන්ට හා සනාථ කරන ලද සාක්ෂිවලට සම්පූර්ණයෙන් ම එකඟ නොවේ. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානි යෞවනයන්ගේ පරම්පරාවන් බොහොමයක් තමන්ගේ සාමාන්‍ය විෂය මාලාවේ කොටසක් වශයෙන් විද්‍යා හෝ ජීව විද්‍යා පන්තිවලට සහභාගි වී තිබේ. මේ අයුරින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ව්‍යාප්ත ව පවත්නා පරිණාම වාදයට මෙන් ම ඒ හා සම්බන්ධිත පොළොව මත ජීවයේ “ස්වභාවික” ආරම්භය පිළිබඳ මතවලට අනාවරණය වී ඇත.

කෙසේ වුවද, මෙම අනාවරණය වීම, මෙම ක්‍රිස්තියානි යෞවනයන් ව දෙවි කෙනෙක් නොමැති පරිණාම වාදයේ පාක්ෂිකයන් බවට හැරවූයේ නැත. ඒ මන්ද? ඊට හේතුව නම්, ‘හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහා ගැනීමට තම මානසික බලයන් පුහුණු කිරීමට’ ඉහවල් වූ දේවානුභාව ලත් නිවැරදි තොරතුරු ඔවුන් ඊට කලින් නිවසේ දී හා ක්‍රිස්තියානි රැස්වීම්වල දී ලබා තිබීම ය. (හෙබ්‍රෙව් 5:14) මාපියන් බොහෝ දෙනෙක්, තම දරුවන් සමඟ ලයිෆ්—හව් ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවොලූෂන් ඔර් බයි ක්‍රියේෂන්?a නම් ඇදහිල්ල ශක්තිමත් කරන්නා වූ ග්‍රන්ථයෙන්, පරිණාම වාදය පිළිබඳ සමබර තොරුතුරු පාඩම් කර තිබුණි. මේ අයුරින් කාරණා වටහා ගෙන තිබීම නිසා, මෙම පාසල් දරුවන් පරිණාම වාදය පිළිබඳ පන්ති කාමරයෙන් ලැබුණු උපදෙස් විශ්වාස කළ හැකි ඒවා යයි පිළි ගත්තේ නැත. එහෙත්, තම පන්ති කාමරවල දී පිළිතුරු දෙන්නටත්, පරීක්ෂණවල දී තමන් අවධානය යොමු කරමින් සිටින බව හා ඉදිරිපත් කරනු ලබන තොරතුරු ඉගෙන ගන්නා බව පෙන්වීමටත් ඔවුන්ට හැකි විණි. මිනිසාගේ මැවුම්කරුවාණන් විසින් බයිබලයේ ඉදිරිපත් කර ඇති සත්‍යයන්ට එකඟ ව විකල්ප පහදා දීම් පවා ඉදිරිපත් කිරීමට ඇතමුන්ට ප්‍රස්තාව ලැබුණි.—1 පේතෘස් 3:15.

කෙසේ නමුත්, ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන ආගම ගැන, නැතහොත් අඩු තරමින් පොදුවේ ආගම ගැන හෝ, උපදෙස් දීමට වෙන් කරන ලද පන්තිවාර ගැන කුමක් කිව හැකි ද?

මෙවන් උපදෙස් හුදෙක් තොරතුරු ලෙස, මධ්‍යස්ථ ව ඉදිරිපත් කෙරෙනු ඇතැයි සිතිය නොහැකි ය. එම ගුරුවරයා එම ආගම අදහන්නෙක් පවා විය හැකි අතර, මේ නිසා ශිෂ්‍යයන්ගේ මනස් හා හෘදයන් කෙරෙහි බලපෑම් ඇති කරන්නට වෑයම් කළ හැකි ය. එබැවින් තම දරුවන් ආගමික උපදෙස් පන්තිවලින් නිදහස් කරනු ලැබීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ වැඩි කැමැත්තක් දක්වති. ඔවුන්ගේ දරුවන්ට පාසල් කාලය වඩාත් ඵලදායි ලෙස පාවිච්චි කරමින් වෙනත් පන්තිවල පැවරුම් සපුරාලීමට හෝ පාසල් පුස්තකාලයේ පාඩම් කිරීමට මේ මගින් හැකි කරවනු ඇත.

කෙසේ වෙතත්, ඇතැම් ස්ථානවල, එවන් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ; විභාගවලින් සමත්වීම පිණිස සියලු දරුවන් යම් ආගමික පාඨමාලාවකට පෙනී සිට එය සම්පූර්ණ කිරීම පාසල් හෝ රජය විසින් නියම කරන්නට පවා පුළුවන. සෑම පවුලක් ම ඒ ඒ අවස්ථාවේ කළ යුතු දෙය පුද්ගලික ව තීරණය කළ යුතු ය.

සැබෑ දෙවියන් වහන්සේට පක්ෂපාතී ව සිටින අතර ආගමික ඉගැන්වීම් හෝ ක්‍රියාවන්ට අනාවරණය වීම විඳදරා ගැනීමට යම් යම් තත්ත්වයන් මැද අකමැත්තෙන් වුවද සිටින්නට අතීතයේ ඇතැම් දේව සේවකයන් හට සිදු වී තිබේ. බොහෝ දුරට මෝසෙස් සම්බන්ධයෙන් එය එසේ විය. ඔහු ව මිසරයේ ඵාරාවෝගේ මුනුපුරා ලෙස ඇති දැඩි කරනු ලැබූ අතර, “මිසරයන්ගේ සකල ශාසත්‍රයන්හි පුහුණුකරනු” ලැබී ය. (ක්‍රියා 7:20-22) ඇතැම් විට, මිසරයේ පොදුවේ පැවති ඇදහිලි හා ආගමික වත් පිළිවෙත් යම් ප්‍රමාණයක් මීට අයත් වන්නට ඇත. එහෙත් පෙනෙන හැටියට, මෝසෙස් සිය පවුලෙන් හා ඇතැම් විට වෙනත් හෙබ්‍රෙව්වරුන්ගෙන් ලැබූ වඩාත් උතුම් උපදෙස් මගින් ආරක්ෂා කරනු ලැබී ය.—නික්මයාම 2:6-15; හෙබ්‍රෙව් 11:23-26.

බබිලෝනියේ දී සුවිශේෂී උපදෙස් ලැබ, ආණ්ඩුවේ සේවකයන් බවට පත් කරන ලද, දානියෙල්ගේ සගයන් වූ, හෙබ්‍රෙව් යෞවනයන් තිදෙනාගේ උදාහරණය ද සලකා බලන්න. (දානියෙල් 1:6, 7) තමන්ට කරන්නට වුවමනා වූ දෙය කරන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට නිදහසක් ඔවුනට තිබුණේ නැත. එක් අවස්ථාවක, මහජන ආගමික ක්‍රියා සිදු කෙරෙන, දූරා සමභූමියේ තනන ලද රන් රූපය ඉදිරියේ ඔවුන් ද, අනෙක් නිලධාරීන් සමඟ රැස්විය යුතු බවට නෙබුකද්නෙශර් රජ අණ කර සිටියේ ය. හෙබ්‍රෙව්වරුන් තිදෙනා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? එහි නොයන්නට ඔවුන් වඩාත් කැමැති වෙන්නට ඇති බව අපට නිසැක විය හැක, නමුත් එසේ කළ නොහැකි විය.b එහෙත් ඔවුහු තමන්ගේ විශ්වාසයන්ටත් සර්වබලධාරී දෙවියන් වහන්සේටත් ඇදහිලිවන්ත ව සිටියෝ ය. බොරු ආගමික වූ යම් ක්‍රියාවක පුද්ගලික ව නිරත වීම හෝ හවුල්වීම මුළුමනින් ම ප්‍රතික්ෂේප කරමින් එහි සිටින්නට ඔවුන්ගේ දේව භක්තික හෘදය සාක්ෂිය, ඔවුන්ට අවසර දුණි.—දානියෙල් 3:1-18.

සියලු ම ශිෂ්‍යයන්ට ආගමේ පන්තියට පැමිණීම හා සම්මත විභාගවලින් සමත් වන්නට තරම් ඉගෙන ගැනීම අනිවාර්ය වන විට, නෙබුකද්නෙශර්ගේ අණ සකට එම තිදෙනා යටත් වූවාක් මෙන්, සැබෑ ක්‍රිස්තියානි පවුල්වල දරුවන්ට, එයට සහභාගි විය හැකි ය. එහෙත් ක්‍රිස්තියානි යෞවනයන් පළමු තැනට දමන්නේ දෙවියන් වහන්සේ ව ය. වෙනත් අය රන් රූපයට නමස්කාර කළ විට එම හෙබ්‍රෙව්වරුන් තිදෙනා තම අසතුට පළ කරන්නට වෑයම් නොකළාක් මෙන්, කරනු ලබන සෑම වැරදි සහගත ප්‍රකාශයක් ගැන ම හෝ වෙනත් අය සහභාගි වන ශුද්ධ ලියවිල්ලට පටහැනි සෑම වත් පිළිවෙතක් ගැන ම චෝදනා කරන්නට ඔවුන්ට අවශ්‍ය නැත. කෙසේ වෙතත්, එම නමස්කාර ක්‍රියාවලියට, හවුල් යාච්ඤාවන්ට, ආගමික ගීතිකාවන්ට මෙන් ම එවන් දේවලට ක්‍රිස්තියානි යෞවනයන් හවුල් වන්නට යන්නේ නැත.

‘ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණ කොට ගෙන ගැළවෙන පිණිස තමන් නැණවත්කරන්ට පුළුවන් වූ ශුද්ධ ලියවිලිවලින්’ අවබෝධය වැඩි කිරීමට මෙම යෞවනයන් වෙනත් අවස්ථාවන්හි වෑයම් කළ යුතු ය. (2 තිමෝති 3:15) දරුවන් සමඟ අදහස් හුවමාරු කිරීමෙන්, මව්පියන් නිතර පන්තියේ ලැබෙන උපදෙස්වල අඩංගු දෑ පිළිබඳ ව සාවධානයෙන් සිටිය යුතු ය. තම දරුවන් ව්‍යාකූල නොවීම සඳහා නැතහොත් මුලා නොවීම සඳහා, නිවැරදි කිරීමට හෝ බයිබලයෙන් පහදා දීමට අවශ්‍ය වන්නේ කුමක් ද යන්න ගැන තේරුම් ගැනීමට වැඩිහිටි ක්‍රිස්තියානින්ට මෙය මහෝපකාරී වනු ඇත. w91 12/15

[පාදසටහන්වල]

a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්‍යූ යෝක් ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.

b දානියෙල් දූරා සමභූමියේ සිටි බවට බයිබලය කිසි සඳහනක් නොකරයි. සමහරවිට ආණ්ඩුවේ ඔහු දැරූ උසස් නිලය නිසා ඔහුට එහි යෑමෙන් නිදහස්වීමට හේතු වූවා වන්නට ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න