ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 8/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “ඔබ ඉතා ලස්සන කාන්තාවක්”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවියන් ඇයව හැඳින්නුවේ “කුමාරිකාව” කියලයි
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ආබ්‍රහම් සහ සාරා ඔබට පුළුවන් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න!
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුතෙක් ලැබිලා!
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 8/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සමහර බයිබල් පරිවර්තනවල, උත්පත්ති 12:19 හි ගෙන හැර දක්වා ඇති දෙයින් පෙනී යන පරිදි, ඵාරාවෝ, ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා ව ඇත්තට ම විවාහ කර ගත්තා ද?

නැත, සාරා (සාරායි) ව භාර්යාව ලෙස ගැනීමෙන් ඵාරාවෝ ව වළක්වන ලදි. මෙබැවින්, සාරාගේ ගෞරවය සහ උදාරත්වය පාවා දීමක් සිදු නොවිණි.

පද පසුබිමේ තත්ත්වය පරීක්ෂා කර බැලීම, මෙය තේරුම් ගැනීමට අපට උපකාරවත් වෙයි. සාගතයක් ඇති වීම නිසා, ටික කලකට මිසරයේ සරණ පැතීමට ආබ්‍රහම්ට (ආබ්‍රම්ට) සිදු විය. තම පියකරු භාර්යාව වූ සාරා නිසා, එහි දී තමාගේ ජීවිතය අනතුරට ලක් වේ ය කියා ආබ්‍රහම් භය විය. සාරා කරණ කොට ගෙන ආබ්‍රහම් තවමත් දරුවෙකුට පියෙකු වී නොමැති හෙයින්, මිසරයේ දී ආබ්‍රහම්ට මිය යන්නට සිදු වුවහොත්, වංශයේ පෙළපත, එනම් පොළොවේ සියලු ම පවුල් ආශීර්වාද කරනු ලබන පෙළපත බිඳී යනු ඇත. (උත්පත්ති 12:1-3) එමනිසා, සාරා සැබවින් ම ආබ්‍රහම්ගේ අර්ධ සහෝදරිය වී සිටි බැවින්, ඈ තමාගේ සහෝදරිය ලෙස ඈ විසින් හඳුන්වා දෙනු ලබන්නට ආබ්‍රහම් කටයුතු පිළියෙළ කළේ ය.—උත්පත්ති 12:10-13; 20:12.

ඔහු බිය වුණේ කිසි පදනමක් නැති ව නොවේ. විශාරද ඕගස්ට් නොබෙල් මෙසේ පැහැදිලි කළේ ය: “තමා ආබ්‍රහම්ගේ සහෝදරිය ලෙස හඳුන්වා දෙන මෙන් ආබ්‍රහම් සාරාගෙන් ඉල්ලුවේ ඔහු ව මරා දමනු නොලබන පිණිස ය. ඈ විවාහක ස්ත්‍රියක කියා ඈ ව සලකනු ලැබුවා නම්, ඇගේ ස්වාමියා හා අයිතිකරු ව මරා දැමීමෙන් පමණක් ඈ ව පාවා ගන්නට මිසරයෙකුට හැකිකම තිබිණි; ඈ ව සහෝදරියක් ලෙස සලකනු ලැබුවා නම්, මිත්‍රශීලී ක්‍රම මගින් සහෝදරයාගෙන් ඈ ව දිනා ගන්නට හැකිකමක් තිබිණි.”

කෙසේ වුවද, ඵාරාවෝ සාරා ව විවාහ කර ගැනීම සම්බන්ධ ව මිසර කුමාරයන් ආබ්‍රහම් සමඟ සාකච්ඡා කළේ නැත. ඔවුහු හුදෙක් පියකරු සාරා ව ඵාරාවෝගේ මාළිගාවට ගෙනා අතර, මිසරයේ පාලකයා, ඇගේ සහෝදරයා යයි සිතා සිටි ආබ්‍රහම්ට තෑගි දුන්නේ ය. එහෙත් මෙයින් පසු, යෙහෝවඃ වහන්සේ, ඵාරාවෝගේ ගෙවැසියන්ට පීඩාවලින් පහර දුන් සේක. සඳහන් වී නොමැති යම් ආකාරයකින් සැබෑ තත්ත්වය ඵාරාවෝ හට හෙළි කරනු ලැබූ විට, ඔහු ආබ්‍රහම්ට මෙසේ පැවසුවේ ය: “මාගේ භාර්යාව හැටියට පාවා ගැනීමට සිටි ඇයට ‘ඈ මගේ සහෝදරිය’ යැයි ඔබ කීවේ මන්ද? මෙන්න, මේ ඔබගේ භාර්යාව, ඈ ව රැගෙන යන්න!”—උත්පත්ති 12:14-19, NW.

ද න ඉංග්ලිෂ් බයිබල් සහ වෙනත් බයිබල් පරිවර්තන මෙම පදයේ ඇද අකුරින් ඇති කොටස පරිවර්තනය කරන්නේ, “එමනිසා මම මගේ භාර්යාව ලෙස ඈ ව ගතිමි” කියා හෝ සමාන වචනවලින් ය. මෙය අනිවාර්යයෙන් ම වැරදි පරිවර්තනයක් නොවන නමුදු, ඵාරාවෝ ඇත්තෙන් ම සාරා ව විවාහ කර ගත් බවට, විවාහය සම්පූර්ණ කරන ලද කරුණක් බවට හැඟීමක් එවන් වචනවලින් දෙන්නට පුළුවන. උත්පත්ති 12:19 හි සඳහන්, “ගැනීමට” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදය, පවතින්නේ ක්‍රියාව තවමත් නිමා වී නැති අසම්පූර්ණ තත්ත්වයක ය. මෙම හෙබ්‍රෙව් ක්‍රියා පදය පසුබිම සමඟ අනුකූල වන ලෙසටත්, ක්‍රියා පදයේ නියම ස්වරූපය පැහැදිලි ව පිළිබිඹු වන ලෙසටත් න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් මෙය ගෙන හැර දක්වයි. එය මෙසේ ය, එවිට “මාගේ භාර්යාව හැටියට පාවා ගැනීමට සිටි ඇයට” යනුවෙනි.a සාරා ව තමාගේ භාර්යාව ලෙස “පාවා ගැනීමට” ඵාරාවෝ සැරසී සිටිය ද, මීට ඇතුළත් වන මොනයම් හෝ චාරිත්‍ර නැතහොත් උත්සව ඔහු පවත්වා තිබුණේ නැත.

ආබ්‍රහම් මෙම කාරණය සම්බන්ධයෙන් එළැඹුණු ආකාරය පිළිබඳ ව ඔහු ව බොහෝ සෙයින් විවේචනයට ලක් වී තිබේ, නමුත්, ඔහු ක්‍රියා කළේ, පොරොන්දු වූ වංශය සහ මේ අයුරින් සියලු මිනිස් වර්ගයා ගැන උනන්දුව දක්වමිනි.—උත්පත්ති 3:15; 22:17, 18; ගලාති 3:16.

මේ සමඟ සැසඳිය හැකි අනතුරුදායක තත්ත්වයක, ඊසාක් තම භාර්යාවගෙන්, ඇගේ විවාහක තත්ත්වය හෙළි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ දී, වංශය පැමිණෙනු ඇති පෙළපත වන, ඔවුන්ගේ පුත්‍රයා වූ යාකොබ්, ඒ වන විටත් ඉපද සිටි අතර, පෙනෙන ලෙස ඔහු යෞවනයෙකු ව සිටියේ ය. (උත්පත්ති 25:20-27; 26:1-11) කුමක් හෝ වේවා, මෙම ඍජු උපක්‍රමය පිටුපස තිබූ චේතනාව, ආබ්‍රහම්ගේ සිද්ධියේ චේතනාවට සමාන ය. සාගත කාලයක දී, ඊසාක් සහ ඔහුගේ පවුල වාසය කරමින් සිටියේ, අබිමෙලෙක් නම් වූ පලස්තීන රජුගේ දේශයේ ය. රෙබෙකා ඊසාක් හා විවාහ වී සිටි බව අබිමෙලෙක් දැනගත්තා නම්, යාකොබ් ව මරණයට පත්වීමට තුඩු දෙනු ඇත, ඊසාක්ගේ පවුලේ අනෙක් සියලු දෙනාට ම එරෙහි ව ඔහු මිනීමරු ක්‍රියා මාර්ගයක් ගත්තා විය හැක. මේ සිද්ධියේදීත්, යෙහෝවඃ වහන්සේ මැදිහත් වී, උන් වහන්සේගේ සේවකයන් ව හා වංශයේ පෙළපත ආරක්ෂා කළ සේක. w92 2/1

[පාදසටහන්වල]

a ජේ. බී. රොදහම් විසින් කරන ලද පරිවර්තනයේ මෙසේ කියවීමට තිබේ: “මගේ සහෝදරිය කියා ඔබ මට කීවේ මන්ද? මක්නිසාද ඈ මගේ භාර්යාව හැටියට පාවා ගැනීමට මම සැරසී සිටියෙමි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න