ක්‍රිස්තියානි පිරිසිදුකම
යේසුස් වහන්සේ පොළොව මත සිටි විට පවා, ව්‍යවස්ථාව සහ එහි සිරිත් විරිත් ක්‍රියාත්මක වුව ද, ක්‍රිස්තියානිහු එම ව්‍යවස්ථාව සහ එහි පවිත්‍ර කිරීමේ අවශ්‍යතා යටතේ නොසිටිති. (යොහ. 11:55) ව්‍යවස්ථාවට “පැමිණෙන දේවල ඡායාවක්” තිබූ අතර; ‘සිරුර [නියම ස්වරූපය NW] ක්‍රිස්තුස්වහන්සේගේ ය.” (හෙබ්‍රෙ. 10:1; කොලො. 2:17) මෙබැවින්, මෙම පවිත්‍ර කිරීමේ කාරණාවල් ගැන පාවුල් මෙසේ ලීවේ ය: “ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, [මෝසෙස් පොතට, සෙනඟට, කූඩාරමට සහ ලේ භාජනවලට ඉස්සේ ය], ලේ වැගිරවීමක් නැතුව ක්ෂමාකිරීමකුත් නැත. එබැවින් ස්වර්ගයේ තිබෙන දේවල සටහන් මේවායින් පවිත්‍රකරන්ට ඕනෑව තිබුණේය.” “මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදු කරනු ලබන්නේ නම්, කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් [ආත්මය NW] කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජා වුණාවූ ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට [පරිශුද්ධ NW] සේවය කරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදය සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු ලබන්නේ ද?”—හෙබ්‍රෙ. 9:19-23, 13, 14.
එමනිසා ක්‍රිස්තියානින් ව සියලු පාප සහ අධර්මිෂඨකම්වලින් පිරිසිදු කරනු ලබන්නේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයයි. (1 යොහ. 1:7, 9) “ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවා [දී,]” “සභාව ශුත්ටධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,” වීම පිණිස “තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකර ගැනීම සඳහා වචනය නමැති වතුරෙන් සේදීමෙන්,” “යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනගක් ස්වකීය ස්මපතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන් ම පාවා දුන් සේක.”—(එපී. 5:25-27; තීත. 2:14) එමනිසා, සභාවේ සෑම සාමාජිකයෙකු ම, “තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතක නැති නොකොට,” (2 පේතෘ. 1:5-9) “ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන් වහන්සේ [දෙවියන් වහන්සේ] පවිත්‍රකරන” බව මතකයේ තබා ගනිමින්, දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵල නොකඩවා විදහා පෑ යුතුයි.—යොහ. 15:2, 3.
එමනිසා, ක්‍රිස්තියානින්, “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින්” ආරක්ෂා වෙමින්, ශාරීරික, සදාචාරාත්මක, සහ ආත්මික පිරිසිදු බවේ උසස් ස්ථාවරත්වයක් පවත්වා ගත යුතුයි. (2 කොරි. 7:1) යේසුස් වහන්සේ පැවසූ දේ ගැන කල්පනා කරන විට, එනම් ‘මනුෂ්‍යයෙකු ව අපවිත්‍ර කරන්නේ ඔහු තුළට ඇතුල් වන දෙයින් නොව ඔහු තුළින් නික්මෙන දෙයින්’ නිසා, ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර කරනු ලැබීමෙන් ප්‍රයෝජන ලබන අය ආත්මික පිරිසිදුකමට වඩා වැඩි අවධාරණයක් කරනු ලබති. ඔවුහු, දෙවියන් වහන්සේ ඉදිරියේ, “පිරිසිදු හෘදයක්” හා “පිරිසිදු හෘදසාක්ෂියක්” පවත්වා ගනිති. (මාක්. 7:15; 1 තිමෝ. 1:5, NW; 3:9; 2 තිමෝ. 1:3) “කිසිවක් පවිත්‍ර නැති,” හෘදය සාක්ෂියෙන් කිලිටිවූ නොඇදහිලිකාරවූ අයට මෙන් නොව, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇති එවන් අයට “සියලු දේ පවිත්‍රය”. (තීත. 1:15) හෘදයෙන් පිරිසිදු ව නිර්මල ව සිටීමට කැමති අය, යෙසායා 52:11 හි සඳහන් උපදෙසට කීකරු විය යුතු ය: “කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, . . . ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටපල්ලා.” (ගීතා. 24:4; මතෙ. 5:8) මෙසේ කිරීමෙන්, ඔවුන්ගේ “අත්” සංකේතාත්මක අර්ථයෙන්, පවිත්‍ර වී තිබෙන අතර (යාකො. 4:8), දෙවියන් වහන්සේ ඔවුන් සමඟ කටයුතු කරන්නේ, පවිත්‍ර පුද්ගලයන් හැටියට ය.—2 සාමු. 22:27; ගීතා. 18:26; දානි. 11:35; 12:10 ද බලන්න.
තවදුරටත් ව්‍යවස්ථාව යටතේ නොසිටිය ද ප්‍රේරිත පාවුල් එක් අවස්ථාවක දේවමාළිගාවේ දී තමා ව ම චාරිත්‍රානුකූල ව පවිත්‍ර කර ගැනීමෙන්, ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයන් පැවැත්වූයේ ය. ඔහු ඔහුගේ පැත්තෙන් නොගැළපෙන දෙයක් කළා ද? පාවුල් ව්‍යවස්ථාව ගැන හෝ එහි වත් පිළිවෙත්වලට එරෙහි ව දබර කළේ නැත; එයට කීකරු වීම ක්‍රිස්තියානින් සඳහා දිව්‍යමය අවශ්‍යතාවයක් නොවන බව ඔහු පෙන්වූවා පමණි. එහි වත් පිළිවෙත් ක්‍රිස්තියානි සත්‍යයන් උල්ලංඝනය නොකළ අවස්ථාවල දී, ව්‍යවස්ථාව යටතේ දෙවියන් වහන්සේ නියම කර තිබූ දේවල් කිරීම ගැන ඇත්තට ම විරෝධතාවයක් තිබුණේ නැත. පාවුල් තමා කළ ක්‍රියා මාර්ගය ගත්තේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ශුභාරංචියට සවන් දීමෙන් යුදෙව්වන් ව අනවශ්‍ය ලෙස බාධාවට පත් නොකිරීමේ අටියෙනි. (ක්‍රියා 21:24, 26; 1 කොරි. 9:20) මීට සමාන අයුරකින්, පාවුල් තර්ක කළේ යම් ආහාර පවිත්‍ර වූ නමුත්, තමා එය කෑම නිසා තමාගේ සහෝදරයා බාධාවට පත්වෙනවා නම්, තමා එය කෑමෙන් වැළකී සිටින බව ය. (රෝම 14:14, 15, 20, 21; 1 කොරි. 8:13) මේ සියල්ලේ දී, අන්‍යයන්ගේ ගැලවීම ගැන පාවුල් මහත් සැලකිල්ලක් දැක්වූ අතර, මෙම ඉලක්කය අත්කර ගැනීම සඳහා ඔහු තමාගේ ශක්තිය තුළ කළ හැකි සියල්ල කළේ ය. එමනිසා ඔහුට මෙසේ කීමට හැකි විය: “මම සියල්ලන්ගේ ලෙයින් නිදොස් [පවිත්‍ර NW] වෙමි.”—ක්‍රියා. 20:26; 18:6. it-1 pp 480-1