ළඟදී ම උදාවන පිරිසිදු පොළොව කෙරෙහි ප්‍රීතිවන්න!
ක්‍රමවත් භාවයේ මෙන් ම පවිත්‍රත්වයේ දෙවි කෙනෙක් වන යෙහෝවඃ වහන්සේ, පොළොව සමස්ත ලෝක පාරාදීසයක් බවට පත් කිරීමට වූ ස්වකීය මුල් අරමුණ ඉෂ්ට කරනු ඇති බව, අප තුළ කොතරම් සන්තෝෂයක් ඇති කරත් ද! (යෙසායා 11:6-9) එතුමන් මෙසේ පොරොන්දු වන සේක: “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියම කළ කාරණය සඵලකරනවා ඇත.” “දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරි” නිසා මේවා හිස් වදන් නොවේ ය.—යෙසායා 55:11; හෙබ්‍රෙව් 6:18.
පූර්ණ ජීව-පරිසර බිඳ වැටීමක් නොවැළැක්විය හැකි දුරකට, මනුෂ්‍යයන් ආපසු පැමිණිය නොහැකි තරම් ඈත ලක්ෂයකට යන්නට මත්තෙන් යෙහෝවඃ වහන්සේ ප්‍රේමනීය ව මැදිහත් වනු ඇතැයි යන්නෙන් අපට සහනයක් ලැබිය හැකි ය!—එළිදරව් 11:18.
යෙහෝවඃ වහන්සේ පසුතැවිලි නොවන, හිතුවක්කාර පාරිසරික දූෂකයන්වත්, ක්‍රමවත් භාවය හා පවිත්රත්වය පිළිබඳ උන් වහන්සේගේ ප්‍රතිපත්ති කැරලිකාර ලෙස නොසලකා සිටින්නන්වත් ඉවත් කරනු ඇත. නැවතත් ඇති කරනු ලබන පාරාදීසය උවදුරෙහි හෙලන්නට කිසිවෙකුට අවසර නොලැබෙනු ඇත.—හිතෝපදේශ 2:20-22.
ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පවතින, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පාලනය යටතේ, භෞතික පාරිසරික දූෂණයේ ඉතිරි වී ඇති යම් සාධකයක් සහමුලින් ම ඉවත් කරන ආකාරය මනුෂ්‍යයන්ට උගන්වනු ලබනවා ඇත. පෙර නොවූ විරූ සමස්ත ලෝක පවිත්රකරණයකට දායක වනු ඇති පුද්ගලික හා සාමුහික පියවරවල්වල දෙවියන් වහන්සේගේ සේවකයන් සියලු දෙනා ම ක්‍රියාශීලී ලෙස සම්බන්ධ විය යුතු අවස්ථාව—දැන් නොව—එවිට ය.—එසකියෙල් 39:8-16 සසඳන්න.
වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළේ අවසානයෙන් බේරී ජීවත්වන්නන්, අද දවසේ කෙරෙන ආත්මික පවිත්‍රකරණ ව්‍යාපාරයට හවුල් වන කැප වීමෙන් හා උද්යෝගයෙන් යුක්ත ව ම, මෙම භෞතික පවිත්‍රකරණ වැඩසටහනට ද අනුබල දෙනු ඇත.—ගීතාවලිය 110:3.
දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් පෙරමුණ ගෙන ඉෂ්ට කරනු ලබන, මෙතෙක් සිදු වූ ශ්‍රේෂ්ඨතම පවිත්‍රකරණ ව්‍යාපාරයෙන් පවිත්‍ර කරන ලද පොළොවක් නිසැක ව ම පැමිණෙනු ඇත. මෙහි දී පරිසර දූෂණයේ සෑම අංශුමාත්රයක් ම ඉවත් කරනු ලබනවා ඇත. කිසි තැනකවත් කුරුටු චිත්‍ර හෝ පාඨ නොමැත. එවිට යම් වෙරළක් හෝ පාරාදීසමය ස්ථානයක්, කුණුකන්දලයක් බවට පත් කිරීමට ඉවත දමන ලද බෝතල්, කෑන්, ප්ලාස්ටික් මලු, චුවිංගම් හා ටොපි කොළ, පුවත් පත්, හා සඟරා යනාදී කිසිවක් නොතිබෙනු ඇත.
ඉදිරියේ ඇති පවිත්‍ර පොළොව කෙරෙහි ප්‍රීතිවන්න!
[7වන පිටුවේ පින්තූරය]
ඉදිරියේ ඇති සමස්ත ලෝක පවිත්රකරණයෙහි ඔබ හවුල් වනු ඇද්ද?