ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 3/1 2-3 පි.
  • ප්‍රමාද වීම මාරාන්තික විය!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රමාද වීම මාරාන්තික විය!
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නිසොල්මනේ සිටින යෝධ රකුසෙක්
    2007 පිබිදෙව්!
  • පෙරට වඩා වැඩියෙන් දැන් අවදිව සිටින්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලු විපත්වලට ළඟදීම නිමාවක්
    2005 පිබිදෙව්!
  • ඔබ දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීමට අවධානය යොමු කරනු ඇත් ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 3/1 2-3 පි.

ප්‍රමාද වීම මාරාන්තික විය!

වැඩිහිටියන් සත් දෙනෙක් හා දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුල් තුනක් තම ජීවිත බේරා ගැනීම සඳහා දිව ගියේ වියරු වැටුණු අයුරින් ය. පෙනෙන හැටියට, ඔවුන් තව කෙනෙකුගේ නිවසේ වහල යට එකට ගුළි වී තෙරපී සිටියේ භයානක ගල් වරුසාවෙන් බේරීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඇද හැලෙන ගල් වරුසාවේ ගර්ජනය නිසල වනවාත් සමඟ ම, නව ත්‍රාසයක් පැමිණියේ ය—එනම් හුස්ම හිරකරවන කළු පැහැති අළු වලාකුළකි. දැන් දුවනවා හැරෙන්නට කරන්නට වෙන කිසිදු දෙයක් තිබුණේ නැත.

පෙණුනු හැටියට, ඉදිරියෙන් ම දිව ගියේ අත්‍යවශ්‍ය දේවල් දමා ගත් මල්ලක් තම උරහිසින් එල්ලා ගත් මිනිසෙකි, සමහර විට සේවකයෙකි. ඔහුගේ පිටුපසින්, වයස අවුරුදු හතරක් හා පහක් වූ පිරිමි ළමුන් දෙදෙනක් අත් අල්ලා ගෙන දිව ගියෝ ය. අසරණ ව අනෙක් අය ගැලවුමක් සොයා, කඩිමුඩියේ මහත් ආයාසයක් දරමින්, වැටෙමින්, ඔවුන් පසු පස පැමිණියහ. ඔවුන් හුස්ම ගන්නට යත්න දැරූ නමුත්, වාතය වෙනුවට, ඔවුන් ආග්‍රාණය කළේ, තෙතමනයෙන් යුත් අළු ය. ඔවුන් 13 දෙනා ම, එක්කෙනා පසු පස එක්කෙනා, නිසල ව බිම වැතිර ගොස්, අන්තිමේ දී, වැටෙන අළුවලින් වැළලී ගියහ. ඊට වසර 2,000කට පමණ පසු ව පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන ඔවුන්ගේ අන්තිම මොහොතේ දුක්බර තොරතුරු තේරුම් ගන්නා තෙක්, ඉතා ශෝකජනක ලෙස ඔවුන්ගේ සිරුරුවල කොටස් වැළලී සැඟ වී තිබෙනු ඇත.

විපතට ගොදුරු වූ මෙම 13 දෙනා වනාහි, පො.යු. 79 වසරේ අගෝස්තු 24දා ඉතාලියේ පොම්පාය නම් වූ පැරණි නගරයේ දී විනාශ වූ ගණනය කරන ලද 16,000 දෙනාගෙන් කිහිප දෙනෙක් පමණි. වෙසුවියස් කන්ද පළමු වතාවට පුපුරා ගිය විට, පලා යාමෙන් බොහෝ දෙනෙක් දිවි ගලවා ගත්හ. එහෙත්, ප්‍රමාද වූ අය—එනම් වැඩි දෙනෙක්, තම නිවාස හා දේපළ දමා යාමට අකැමති වූ ධනවත් අය—අඩි 20ක් යට ගල් සහ අළු අතරේ වැළලී ගියෝ ය.

මීට වසර 2,000කට පමණ පොම්පාය නගරයේ සිදු වූ දෙය පැරණි ඉතිහාසය වන්නට පුළුවන. එහෙත්, අද දින මුළු මහත් මිනිස් ජාතිය මුහුණ දෙන්නා වූ තත්ත්වයට එය බොහෝ ආකාරවලින් සමාන්තර වෙයි. වෙසුවියස් කන්දේ ගර්ජනාවලට වඩා බොහෝ සෙයින් අනතුරු අඟවන සමස්ත ලෝක ලකුණක් මගින්, මෙම වත්මන් ලෝක ක්‍රමය හදිසි විනාශයකට මුහුණ දෙන බවට අනතුරු ඇඟවෙමින් තිබේ. බේරී ජීවත්වීමට නම්, අප අප්‍රමාද ව ක්‍රියා කළ යුතු ය. ප්‍රමාද වීම මාරාන්තික විය හැක. එම ලකුණ කුමක් ද යන්න සහ ඥානවන්ත ව එයට ප්‍රතිචාර දැක්වීමට අපට හැක්කේ කෙසේ ද යන්න අපගේ ඊළඟ ලිපියේ විෂයයි.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Cover photo by National Park Service

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Soprintendenza Archeologica di pompei

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න