ඔබ මේ සඳහා කොතරම් දෙන්නෙහි ද?
ඔබට තිබෙන ඕනෑ ම දෙයක් කැමැත්තෙන් ම පරිත්‍යාග කර ඔබ විසින් අයිති කරගනු ඇති වටිනා යමක් ගැන ඔබ දන්නෙහි ද? යේසුස් වහන්සේ එසේ කළ අතර, උන් වහන්සේ ඒ පිළිබඳ ව සිය අනුගාමිකයන්ට කථා කළ සේක:
“හොඳ මුතු සොයන්නාවූ වෙළෙන්දෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක් ඔහුට සම්බවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය” යයි උන් වහන්සේ වදාළ සේක.—මතෙව් 13:45, 46.
එම වෙළෙන්දා එම “මුතු ඇටය,” එනම් දේව රාජ්‍යය තමා සන්තක කර ගැනීමට තමා සතු සියල්ල අත්හැරීමට කැමැත්තෙන් සිටියේ ය. ඒ මන්ද? ඊට හේතුව ඒ හා සැසඳිය හැකි කිසිවක් මේ ලෝකයේ නොතිබීම ය. මනුෂ්‍යයාට විසඳිය නොහැකි වූ යුද්ධ, සාගින්න, අපරාධ, හා හිංසා පීඩා වැනි ගැටලු දේව රාජ්‍යය විසඳනු ඇත. (ගීතාවලිය 72:4-8, 13, 14) එම රාජ්‍යය යටතේ පාපය, අසනීපය හා මරණය පවා තවදුරටත් නොතිබෙනු ඇත. (එළිදරව් 21:4, 5) ස්වාමීන් වහන්සේගේ (පරමණ්ඩල) යාච්ඤාවේ දෙවන ආයාචනය “ඔබගේ රාජ්‍යය ඒවා” යනුවෙන් තිබීම පුදුමයක් නොවේ!—මතෙව් 6:9, 10.
රාජ්‍යයේ ආශීර්වාදයන්හි හවුල්වීම සඳහා ඔබ කුමක් කැප කරන්නට කැමැත්තෙන් සිටින්නෙහි ද? ඇත්ත වශයෙන් ම, එම ආශීර්වාදයන් නොමිලේ දානය කරනු ලැබේ. එහෙත් ඒවා භුක්ති විඳිනු පිණිස, රාජ්‍යය කුමක් ද කියා ඔබ දැන ගත යුතු ය, එය සත්‍යයක් බව පිළිගත යුතු ය, එමෙන් ම ඒ සඳහා ඔබගේ ජීවිතයේ පළමු තැන ලබා දිය යුතු ය. ඔබට එය කළ හැක්කේ කෙසේ ද? ඔබට උපකාරවත් වනු ඇති තොරතුරු බයිබලයේ ඇත. දේව රාජ්‍යය ගැන ඉගෙන ගැනීමටත්, දැන් පවා ඔබට එය ප්‍රයෝජනවත් විය හැකි ආකාරය සොයා ගැනීමටත් ඔබට සහය වීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ඉඩ නාරින්නේ මන්ද?