ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 8/15 32 පි.
  • ඌ යෝනා ව ගිලදැමුවා ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඌ යෝනා ව ගිලදැමුවා ද?
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 8/15 32 පි.

ඌ යෝනා ව ගිලදැමුවා ද?

පොදු යුගයට පෙර නවවන සියවසේ විසූ, යෙහෝවඃ වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු වූ යෝනා පැවරුමකින් පලා යමින් නැවකට නැග්ග බව බයිබලය අපට කියයි. මුහුදු ගමනේ දී, මධ්‍යධරණී මුහුදේ කුනාටුවකින් පහර ලැබූ නැවේ සිටි පිරිස යෝනා ව මුහුදට ඇද දැමූහ. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] යෝනා ගිලින්ට මහා මත්ස්‍යයෙකු පත්කළසේක; යෝනා වනාහි දාවල් තුනක්ද රෑ තුනක්ද මත්ස්‍යයාගේ බඩේ සිටියේය.”—යෝනා 1:3-17.

සමහරු මෙසේ කියනවා වන්නට පුළුවන, ‘වෙන්ට බැහැ. මුහුදේ සිටින කිසි ම ජීවියෙකුට මිනිසෙකු ව ගිලින්නට බැහැ.’ එහෙත් කිරි තල්මසෙකුට හෝ මහා සුදු මෝරෙකුට හැකි ය. තල්මස් මෝරෙකුට ද මෙය කළ හැකි බව පවසමින් මෑතක දී නැෂනල් ජියොග්‍රැෆික් (1992 දෙසැම්බර්) සඟරාව තවත් විකල්පයක් ඉදිරිපත් කරයි. දැනට දන්නා විශාලතම මෝරා වන මෙම මත්ස්‍යයා, දිග අඩි 70 දක්වා ද බර ටොන් 70 දක්වා වැඩෙන්නට පුළුවන.

“මෙම තල්මස් මෝරාගේ ආහාර දිරවීමේ අසාමාන්‍ය කායික හැකියාව යෝනාගේ කථාන්තරයට අනුබල දෙයි. තල්මස් මෝරෙකුගේ අති විශාල වූ මුඛය තුළට ඔබ ව නොදැනුවත් ව ම වාගේ රූරා වැටෙනවා යන්න පහසුවෙන් සිතා ගත හැකි දෙයකි . . . ගුහාවක් බඳු මුඛයක් සහිත වැඩුණු කුඩා තල්මස් මොරෙකුට පවා යෝනා මෙන් දෙදෙනෙකු ව පහසුවෙන් ගිල දැමිය හැක.”

තල්මස් මෝරා ප්ලවාංග සහ ක්‍රිල් යන නමින් හැඳින්වෙන ප්ලවාංග පත්‍ර මගින් පෝෂණය වන අතර, “ඒවා උගේ අන්න නාලය තුළින් භෝජන ශාලාවක් බඳු නම්‍ය සුලු යෝධ මහා හෘදාසන්න ආමාශයට ගමන් කරයි.” එහෙත්, යමකට එයින් පිටතට පැමිණිය හැක්කේ කෙසේ ද? නැෂනල් ජියොග්‍රැපික් මෙසේ කියයි: “නොදැනුවත් ව ම වාගේ උදරය තුළට ඇතුළත් වන දිරවීමට අපහසු විශාල දේවල් ඉබේ ම වාගේ ඉවතට දැමීමේ ක්‍රමයක් මෝරුන් හට තිබේ. . . . තම හෘදාසන්න ආමාශය මුඛය තුළින් පිටතට දැමීමෙන් එය කෙමෙන් කෙමෙන් හිස් කරන්නට මෝරෙකුට හැක. . . . එබැවින්, ඔජස් සහිත සෙවලවලින් ගහණ වූ අතුරනයක් මතින් ඔබට රූරා පිටතට පැමිණිය හැකි ය.” සමහර විට ඔබ සෙවලවලින් තැවරී සිටිය ද එම අත්දැකීමෙන් වඩාත් නැණවත් වනවාට කිසිදු සැකයක් නැත.

අද දින මධ්‍යධරණී මුහුදේ තල්මස් මෝරුන් හමු නොවුණ ද, න්‍යූ යෝර්ක් නගරය තරම් දුරින් උතුරින් පිහිටි ප්‍රදේශවල උන් හමු වී තිබේ. යෝනාගේ දවස්වල දී උන් මධ්‍යධරණී මුහුදේ විසුවා ද? කාට කිව හැකි ද? යෙහෝවඃ වහන්සේ යොදා ගත්තේ කිනම් ආකාරයේ මුහුදු සත්ත්වයෙකු ද කියා බයිබලය විශේෂ කොට නොදක්වයි, නමුත් යෝනා සම්බන්ධ වාර්තාව සත්‍යයක් බව යේසුස් වහන්සේ ම සනාථ කළ සේක.—මතෙව් 12:39, 40.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Norbert Wu/Peter Arnold Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න