ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 2/1 32 පි.
  • “බලවත් නුවරකට වඩා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “බලවත් නුවරකට වඩා”
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 2/1 32 පි.

“බලවත් නුවරකට වඩා”

“වත්මන් අනුපාතයන් අනුව, එක්සත් ජනපදයේ දරුවන්ගෙන් 40%ක් පමණ දෙනෙක් 18 විය කරා ළංවන්නට පෙර සිය මව්පියන්ගේ විවාහයේ අවසන් වීම අද්දකිනු ඇත.” (සයන්ස්, 1991 ජූනි 7) කොතරම් භය උපදවන සංඛ්‍යා ලේඛනයක්ද! මෙය සිදු වන්නේ මන්ද?

පවුල් අධිකරණයේ හා පරිවාස අධිකරණයේ විනිශ්චයකාර එඩ්වර්ඩ් එම්. ගින්ස්බර්ග්, ද බොස්ටන් ග්ලෝබ් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සිය මතය ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ මෙයයි: “අප වනාහි ආත්මාර්ථකාමි සමාජයක්. අප බලන්නේ ‘මට’ වුවමනා දේ ලබා ගැනීමටයි. අප අසන්නේ, ‘එහි මට ඇති ප්‍රයෝජනය කුමක්ද?’ යනුවෙනි. අපට වුවමනා වී තිබෙන්නේ ක්ෂණික පිනවීමයි.”

මෙවන් නොමේරූ ආත්මාර්ථකාමිත්වය විවාහය තුළ තික්තභාවය හා ආරවුල්වලට තුඩු දෙයි. ජෝඩු අවසානයේදී දික්කසාද අධිකරණය කරා ළඟා වන විට, ස්වාමිපුරුෂයාටත් භාර්යාවටත් නිදොස් බව ඕනෑකරන්නේ යයි විනිශ්චයකාර ගින්ස්බර්ග් පවසයි. ඔවුන්ට ඕනෑවන්නේ තමා හරි බවත් තමාගේ හවුල්කරුවා වැරදිසහගත බවත් යමෙක් ඔවුන්ට පැවසීමටය. “ඔබ සටන දිනුවා” යයි යමෙක් පැවසීම ඔවුහු බලාපොරොත්තු වෙති.

ඔහුගේ වදන් අපට සිහිපත් කරවන්නේ “සහෝදරයෙකුට විරුද්ධව අයුතුකමක් කෙරේ නම්, ඔහු බලවත් නුවරකට වඩා දැඩිය;” යන දේවානුභාවය ලත් හිතෝපදේශයයි. (හිතෝපදේශ 18:19, NW) එසේය, විවාහය තුළ දබර ඇති වන විට, සටන් කරන පක්ෂ අසාධාරණ ලෙස හා දැඩිව කටයුතු කරන්නට පුළුවන. බොහෝ විට, වටලෑමට ලක්ව තිබෙන “බලවත් නුවරක්” මෙන්, ඔවුහු මුරණ්ඩුව සිට වාසියකට ඉඩදීමට අකමැති වෙති.

කාරණා මෙයාකාර විය යුතුද? නැත, වෙනත් විකල්පයක්ද ඇත. විවාහ ශක්තිමත් හා චිරස්ථායිව පවතින්නේ පක්ෂ දෙකම, විවාහයේ මුල පටන්, “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙයල්ලා” යන ප්‍රේරිත පාවුල්ගේ වදන්වලට අනුකූල වන විටයි. (එපීස 4:32) මෙවන් ගුණාංග වගා කිරීම පහසුද? සෑමවිටම එසේ නොවේ. එහෙත් දික්කසාදය කොතරම් පහසුද? කැඩීබිඳී ගිය විවාහයකින් ඇතිවන චිත්තවේගී හා මූල්‍ය බර කොතරම් වේදනාසහගතද? තවද බොහෝ විට සිය මව්පියන්ගේ දික්කසාදයේ කැලැල් තමන්ගේ වැඩිහිටි ජීවිතය කරා ගෙන යන, දරුවන් ගැන කුමක් කිව හැකිද?

හවුල්කරුවන් දෙදෙනාම “බලවත් නුවරක්” මෙන් එකිනෙකා කෙරෙහි සම්මුතියකට එළඹීමට නොකැමතිව කටයුතු නොකර, විවාහයක් රක්ෂා කර ගැනීමට කටයුතු කිරීම වඩාත් හොඳය. “සියල්ලට උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගනිල්ලා” යනුවෙන් ක්‍රිස්තියානින්ටදී ඇති ප්‍රේරිත පාවුල්ගේ උපදේශය විශේෂාකාරයෙන් අදාළ වන්නේ විවාහක ජෝඩු සඳහාය.—කොලොස්සි 3:14.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

The Complete Encyclopedia of Illustration/J.G. Heck

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න