විශ්වාසයට පක්ෂ හඬවල්
පසුගිය සියවස අවසන් වෙත්ම, විද්‍යාව, දර්ශනය හා ලෞකිකත්වය යනාදියට අනුබල දෙන කටහඬවල් දෙවියන්වහන්සේ හා බයිබලයේ දේවානුභාවය කෙරෙහි වූ විශ්වාසය මත අහිතකර බලපෑමක් ඇති කරන්ට විය.
එහෙත් අසනු ලැබුවේ එම කටහඬවල් පමණක් නොවේ. අදේවවාදයට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයට අනුබල දෙන්නාවූ බොහෝ දෑ පැවසිය හැකි බව බොහෝ පර්යේෂකයෝ දුටූහ. ඔවුන්ගේ අධ්‍යයනයන් මගින් බයිබලය දෙවියන්වහන්සේගේ ආනුභාවය ලත් වචනය බවට බොහෝ සාක්ෂි හෙළි කරන ලදි.
මේ සම්බන්ධව කටහඬක් වූ අය අතරින් සී. ටී. රසල් ප්‍රමුඛයෙකි. ද ඩිවයින් ප්ලෑන් ඔෆ් දි ඒජස් නම් වූ ඔහුගේ 1886 වෙළුම මිලියන සංඛ්‍යාවක් කියෙව්වෝය. එහි පරිච්ඡේදයක බලගතු මාතෘකාව වූයේ “අතිශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්ත වූ මැවුම්කරුවෙකුගේ පැවැත්ම තහවුරු කර ඇත” යන්නය.
ඊළඟ දශක තුළ, රසල් දෙවියන්වහන්සේ හා බයිබලය කෙරෙහි විශ්වාසය සඳහා වැදගත් හේතු ඉදිරිපත් කළ ලිපි, පත්‍රිකා හා පොත් ලීවේය. මේවා වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සමිතිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහි දෙවන සභාපති වන, ජේ. එෆ්. රදර්ෆඩ්, විශ්වාසය සඳහා කටහඬ තවත් වැඩි කළ ක්‍රියේෂන් (මැවීම) (1927) හා වෙනත් ප්‍රකාශන ලීවේය.
එම සමිතිය මෑත කාලයේදී මෙම විෂයයන් පිළිබඳව තවත් ඉතා අලුත් තොරතුරු සූදානම් කර ඇත. ඔබගේ කාරුණික සැලකිල්ල පිණිස එවන් තොරතුරු සපයන්ට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පුළුවන.
ඔබ තවදුරටත් තොරතුරු දැනගැනීමට කැමති නම්, නැතහොත් ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යමෙක් ඔබගේ නිවසට එනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 62, ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.
[32වන පිටුවේ පින්තූරය]