නත්තලෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
ඔබ කෙසේ පිළිතුරු දෙනු ඇත්ද? නත්තල යනු (1) ඔබගේ පවුල සමඟ සිටීමට කාලයක්; (2) සාදයන් සඳහා කාලයක්; (3) ආගමික කාලයක්; (4) මානසික පීඩනයෙන් යුත් කාලයක්; (5) අතීතය ගැන සිහිකිරීමට කාලයක්; (6) අශෝභන වාණිජකරණය සඳහා කාලයක්.
එය පුදුමසහගත යමක් වුවත්, බ්‍රිතාන්‍යයේ සමීක්ෂණය කරන ලද 1,000කට වැඩි ජනයාගෙන්, නත්තල වනාහි මූලික වශයෙන් ආගමික අවස්ථාවක් හැටියට සලකන ලද්දේ සියයට 6ක් විසින් පමණි. මීට පටහැනිව, සියයට 48ක්ම සිතුවේ, නත්තල වනාහි මූලික වශයෙන් තමන්ගේ පවුල සමඟ සිටීමට තිබෙන කාලයක් බවයි. ඇත්තවශයෙන්ම, එය දරුවන් සඳහා විශේෂ කාලයක් බව බොහෝදෙනෙක් කියා සිටිති. තමා නත්තලේ වඩාත්ම කැමති දේ කුමක්දැයි 11 හැවිරිදි දැරියකගෙන් විමසූ විට, ඇගේ පොදුවේ සියලුදෙනාගේ මතයට එකඟ වූ පිළිතුර වූයේ, “ප්‍රීති උද්දාමය, සන්තෝෂයේ හැඟීම් [සහ] තෑගි දීම” කියාය. “ ‘සම්ප්‍රදායික’ නත්තලේ විශේෂතම අවධානය යොමු වී ඇත්තේ, නිවස මත, පවුල හා විශේෂයෙන්ම දරුවන් මත බවට කිසිදු සැකයක් නැති” බව ද මේකිං ඔෆ් ද මොඩර්න් ක්‍රිස්මස් එකඟ වෙයි.
එහෙත්, නත්තල වනාහි නෑදෑයන් එකතු වී තෑගි හුවමාරු කරගන්නා පවුලේ අවස්ථාවක් වනුයේ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ යුරෝපාකරයේය. පෙරදිග ඔර්තඩොක්ස් සභාව බලපවත්වන රටවල, ජනයා වැඩියෙන් තම අවධානය යොමු කරන්නේ ඊස්ටර් හෙවත් පාස්කුව කෙරෙහිය; කෙසේවෙතත් නත්තල් සමය සාමාන්‍යයෙන් නිවාඩු කාලයකි.
“වාණිජ්‍ය ව්‍යාපාරයක්”
නත්තල, “ඉතා කැපීපෙනෙන සේ . . .. වාණිජකරණයට භාජන වී තිබේ” යයි ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා ප්‍රකාශ කරයි. සමහරවිට මෙය වෙන කොතැනකටත් වඩා ජපානයේ සත්‍යයක් වෙයි.
“ජපන් ජාතිකයන් ශ්රද්ධාවත්කමේ සෑම ව්‍යාජ ඇඟවීමකම බැහැර කර තිබෙන අතර, නත්තල දැඩි වාණිජ ව්‍යාපාරයක් බවට හරවාගෙන තිබේ, යයි වොෂිංටන් ඩේලි රෙකෝඩ් වාර්තා කරයි. ජපානයේ නත්තල වනාහි, “ආගමික පැත්තට අවධානය යොමු කරනවාට වඩා, දැඩි සේ වාණිජකරණයට බර වූ ප්‍රධාන උත්සවයක් වී තිබේ” යයි එය තවදුරටත් කියා සිටී.
ක්‍රිස්තියානි යයි කියාගන්නා බොහෝ රටවල පවා, මෙම “ආගමික පැත්ත” බොහෝ විට සොයාගැනීම දුෂ්කරය. මීට වසර 40කට පමණ පෙර, නත්තල්-විරෝධී පත්‍රිකාවක සංවේගයෙන් යුතුව මෙසේ සඳහන් කර තිබිණි: “නත්තලට වාණිජ ලෝකය ආවඩයි. එය වනාහි වසරේ මහත්ම මුදල් උපයන කාලයයි. ක්‍රිස්තියානි යයි කියාගන්නා ව්‍යාපාරිකයන් නත්තල් සමය දෙස බලා සිටින්නේ, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා නොව, නමුත් මූල්‍යමය ලාභ ප්‍රයෝජන උදෙසාය.” අදදින එම වචන කොතරම් සැබෑද! බොහෝ රටවල, අවුරුද්දේ අවසන් මාස තුනට ළඟාවීමට පෙර, ඊළඟ නත්තලට තෑගි මිල දී ගැනීමට තිබෙන දින ගණන අපහට සිහිගන්වනු ලැබීම බොහෝදුරට දක්නට ලැබේ. නත්තල් සමයේදී සාප්පුවල වාර්ෂික වෙළඳාම්වලින් සියයට 25ක් පමණ අලෙවි වෙමින්, ව්‍යාපාරවලට ප්‍රාණවත් බවක් ලැබෙන්නේ වසර අවසානයේදීය.
නත්තල දැන් ඔබහට කුමක් අදහස් කළත්, එය ආරම්භ වූයේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා විය හැක. ඇත්තෙන්ම, බයිබලය නත්තල් තෑගි දීම්වලට අනුබල දෙනවාද? අදදින නත්තල් උත්සව සැබවින්ම ක්‍රිස්තියානි උත්සවයන්ද? අපි බලමු.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: Thomas Nast/Dover Publications, Inc., 1978