ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 5/15 26-28 පි.
  • මැසොරෙටික් ලිපිය යනු කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැසොරෙටික් ලිපිය යනු කුමක්ද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවඃවහන්සේගේ වචනය
  • වැරදි කිරීමේ දොරටුව මදක් විවෘත විය
  • එම දොර වැසීමට උත්සාහයන්
  • අපට “පවිත්‍ර” මැසොරෙටික් ලියවිල්ලක් සොයාගත හැකිද?
  • මැසරීට්වරු කවරහුද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අග්‍රගණ්‍ය වූ හෙබ්‍රෙව් බයිබල් අත්පිටපතක්
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොත ආරක්ෂා වුණේ කොහොමද?
    සියලුම ජනයා සඳහා පොතක්
  • තොරතුරු වෙනස් කරන්න ගත් උත්සාහයන් අසාර්ථකයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 5/15 26-28 පි.

මසොරෙටික් ලිපිය යනු කුමක්ද?

ඔබ බයිබලය කුමන භාෂාවකින් කියෙව්වත්, එම පොතෙන් කොටසක් බොහෝදුරට ඍජුව හෝ වක්‍රව පරිවර්තනය කර ඇත්තේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි, නොහොත් “පැරණි ගිවිසුම” පියවන්නාවූ, මැසොරෙටික් ලිපියෙනි. ඇත්තවශයෙන්ම, මැසොරෙටික් ලිපි එකකට වැඩි ප්‍රමාණයක් තිබී ඇත. එබැවින් තෝරාගනු ලැබුවේ කොයි එකද හා ඒ මන්ද? සැබවින්ම, මැසොරෙටික් ලිපිය යනු කුමක්ද, තවද එය විශ්වාසදායක බව අප දන්නේ කෙසේද?

යෙහෝවඃවහන්සේගේ වචනය

බයිබලය ලිවීම ආරම්භ වූයේ පො.යු.පෙ. 1513 සීනයි කන්දේදීය. නික්මයාම 24:3, 4 අපට මෙසේ පවසයි: “මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනගට කියා දුන්නේය. මුළු සෙනග එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය. මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා” තැබුවේය.

හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පො.යු.පෙ. 1513න් පටන්ගෙන පො.යු.පෙ. 443 පමණ දක්වා, වසර දහසකට වැඩි කාලයක් පුරා දිගටම සටහන් කිරීමක් සිදුවී ඇත. එහි ලේඛකයන් දේවානුභාවය ලැබූ බැවින්, ස්වකීය පණිවුඩය විශ්වසනීයව ආරක්ෂා වන ලෙසින් උන්වහන්සේ මඟ පෙන්වීම ලබාදීම යුක්තිසහගතය. (2 සාමුවෙල් 23:2; යෙසායා 40:8) කෙසේවෙතත්, මෙය අදහස් කරන්නේ පිටපත් ලිවීමේදී එකම එක අක්ෂරයක්වත් වෙනස් නොවන ලෙසින් යෙහෝවඃවහන්සේ සියලු මිනිස් වැරදි ඉවත් කරනු ඇති බවද?

වැරදි කිරීමේ දොරටුව මදක් විවෘත විය

දේවවචනයට මහත් ගෞරවයක් දැක්වූ අය පරම්පරාවෙන් පරම්පරාවට එය පිටපත් කළද, මිනිස් වැරදිවලින් යම් ප්‍රමාණයක් කෙසේ හෝ අත්පිටපත්වලට ඇතුල්වනු ඇත. බයිබල් ලේඛකයන් දේවානුභාවය ලබා සිටියද, පිටපත් කරන්නන් කටයුතු කළේ දේවානුභාවය යටතේ නොවේය.

පොදු යුගයට පෙර 537දී බබිලෝනිය වහල්භාවයෙන් හැරී ඒමෙන් පසු, යුදෙව්වෝ බබිලෝනියෙන් ඉගෙනගත් සමචතුරස්‍රාකාර අක්ෂර පාවිච්චි කළ අලුත් ලේඛන කලාවක් යොදාගත්හ. මෙම ප්‍රබල වෙනස එක හා සමානව දිස්වූ ඇතැම් අකුරු එකකට එකක් වරදවා තේරුම්ගැනීමේ සහජ ගැටලුව ඒ සමඟම ඇති කළේය. හෙබ්‍රෙව් වනාහි, පාඨකයා විසින් පාඨ සම්බන්ධය තමන්ට තේරෙන ආකාරය අනුව ප්‍රාණාක්ෂර ආදේශ කරන ලද, ව්‍යංජනාක්ෂර මත පදනම් භාෂාවක් වන බැවින්, එක් ව්‍යංජනාක්ෂරයක වෙනස වචනයක තේරුම පහසුවෙන්ම වෙනස් කරන්ට පුළුවන. කෙසේවෙතත්, බොහෝ සිද්ධීන්හි, මෙම වැරදි සොයාගෙන නිවැරදි කර ඇත.

බබිලෝනියේ වැටීමෙන් පසු යුදෙව්වන් විශාල පිරිසක් හැරී ඉශ්‍රායෙලයට පැමිණියේ නැත. මෙසේ, මැද පෙරදිග හා යුරෝපය පුරා සිනගෝග යුදෙව් ප්‍රජාව සඳහා ආත්මික මධ්‍යස්ථාන බවට පත්විය.a ඒ සෑම සිනගෝගයකටම ශුද්ධ ලියවිලිවල පිටපත් අවශ්‍ය විය. පිටපත් වැඩිවෙත්ම, පිටපත් කරන්නන් විසින් වැරදි කිරීමට තිබෙන හැකියාවද වැඩි විය.

එම දොර වැසීමට උත්සාහයන්

පොදු යුගයේ පළමු ශතවර්ෂයෙන් පටන්ගෙන, වෙනත් සියලු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි නිවැරදි කළ හැකි ප්‍රධාන ලියවිල්ලක් පිහිටුවා ගන්ට යෙරුසලමේ ලියන්නෝ වෑයම් කළහ. එහෙත්, ලියවිල්ලක මුල් පිටපත හා පිටපත් කරන්නන්ගේ වැරදි අඩංගුව තිබූ අත්පිටපත් අතර වෙනස හඳුනාගැනීම සඳහා නිශ්චිත ක්‍රමයක් නොවීය. පොදු යුගයේ දෙවන ශතවර්ෂයේ පටන්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ව්‍යංජනාක්ෂර ඇති ව ලියන ලද ලියවිලි, ඒ වන විට යම් බලයකින් යුක්තව නිගමනය කරනු නොලැබුවද, යම් සතුටුදායක මිම්මකට ගෙනෙනු ලැබූ බව පෙනෙන්ට තිබිණ. ටැල්මුඩ්හි (පො.යු. දෙවන හා හයවන ශතවර්ෂයන් තුළ සම්පාදනය කරන ලද) දකින්ට ලැබෙන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි උපුටන පසු කාලයේදී මැසොරෙටික් ලියවිලි හැටියට හඳුන්වන්ට යෙදුන එකට වඩා බොහෝවිට වෙනස් මූලාශ්‍රයක් අඟවයි.

“සම්ප්‍රදාය” යන වචනය හෙබ්‍රෙව් බසින් ගත් කල මා·සොහ්·රාහ්ʹ නැතහොත් මාසෝරෙත් වන්නේය. පොදු යුගයේ හයවන ශතවර්ෂය වන විට, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල නිවැරදිව පිටපත් කිරීමේ සම්ප්‍රදාය රැකබලා ගත් අයව මැසොරෙට්වරුන් හැටියට හඳුන්වනු ලැබීය. ඔවුන් විසින් සෑදූ පිටපත් මැසොරෙටික් ලියවිලි හැටියට හඳුන්වනු ලැබේ. ඔවුන්ගේ වැඩ කටයුතු හා ඔවුන් සෑදූ ලියවිලිවල ඇති විශේෂත්වය කුමක්ද?

හෙබ්‍රෙව් භාෂාව ජීවමාන, දේශීය භාෂාවක් හැටියට වියැකී ගොස් තිබූ අතර, යුදෙව්වන් බොහෝදෙනෙකුට වැඩිදුරටත් ඒ පිළිබඳව දැනුමක් තිබුණේ නැත. එබැවින්, ව්‍යංජනාක්ෂර යොදා බයිබල් වගන්ති කියවීම පිළිබඳ අවබෝධය අනතුරට ගොදුරු විය. එය ආරක්ෂා කරගැනීමට, මැසොරෙට්වරු තිත් සහ ඉරි, නොහොත් ලකුණුවලින් ප්‍රාණාක්ෂර නියෝජනය කරන පිළිවෙළක් ගොඩනඟාගත්හ. මේවා ව්‍යංජනාක්ෂරවලට ඉහළින් හා පහළින් යොදනු ලැබීය. මැසොරෙට්වරු විරාම ලකුණු හැටියටත්, වඩාත් නිවැරදි උච්චාරණය සඳහා මඟ පෙන්වීමක් හැටියටත්, ක්‍රියා කළ ලකුණු පිළිවෙළක්ද වර්ධනය කරගත්හ.

එම ලියවිල්ල ලියන්නන්ගේ පෙර පරම්පරාවන් මගින් වෙනස් කර නැතහොත් වැරදි ආකාරයට පිටපත් කර ඇති බව මැසොරෙට්වරුන්ට දැනුණ විට, එම වගන්තිය වෙනස් කරනවා වෙනුවට, ඔවුහු එහි පැති තීරුවේ එය සටහන් කළහ. ඔවුහු අසාමාන්‍ය වචන රටාවන් හා සම්බන්ධයද, එක් පොතක් තුළ නැතහොත් මුළු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල පුරා ඒවා දකින්ට ලැබුණ වාර ගණනද සටහන් කරගත්හ. හරස් පරීක්ෂණයෙහි පිටපත්කරන්නන්ට උපකාර කරනු පිණිස අතිරේක විස්තරයන්ද සටහන් කරනු ලැබීය. මෙම තොරතුරු ඉතා සංක්ෂිප්ත කොට සටහන් කිරීමට කෙටි කරන ලද “සංකේත” ක්‍රමයක්ද පිහිටුවා ගනු ලැබීය. පැති තීරුවල තිබූ සටහන් මගින් අදහස් දක්වන ලද දෑ සම්බන්ධව, යම් ආකාරයක කෙටි ශබ්දසූචියක් ඊට සම්බන්ධිත වගන්ති කොටස් එහි ඉහළ හා පහළ තීරුවල ඉදිරිපත් කළේය.

වඩාත්ම ප්‍රසිද්ධියට පත් ක්‍රමය ඇති කරගනු ලැබුවේ ගලීල මුහුද අසල, තිබේරියස්හි මැසොරෙට්වරුන් විසිනි. ඇතැම්විට කාරයිට්වරුන් නම් නිකායට අයත් පොදු යුගයේ නවවන හා දහවන ශතවර්ෂවල බෙන් ඇෂර් හා බෙන් නැෆ්ටලයි නම් පවුල් විශේෂාකාරයෙන් ප්‍රසිද්ධියට පත්වූහ.b මෙම ගුරුකුල දෙකේ උච්චාරණ ක්‍රම හා සටහන් අතර වෙනස්කම් පැවතියද, මුළු හෙබ්‍රෙව් ලියවිල්ලේම ඔවුන්ගේ පාඨයන්හි ව්‍යංජනාක්ෂර වෙනස්ව ඇත්තේ තැන් දහයකටත් අඩු ප්‍රමාණයකය.

බෙන් ඇෂර් හා බෙන් නැෆ්ටලයි යන ගුරුකුල දෙකම, තමන්ගේ කාලය තුළ ග්‍රන්ථ පිළිබඳ පාණ්ඩිත්‍යයට මහත් දායකත්වයක් ලබා දුන්හ. මයිමොනඩීස් (12වන ශතවර්ෂයේ බලපෑමෙන් යුක්තව කටයුතු කළ ටැල්මුඩ් පඬිවරයෙක්) බෙන් ඇෂර්ගේ ලිපි ප්‍රශංසාවට ලක් කිරීමෙන් අනතුරුව, වෙනත් අය ඊට පූර්ණ කැමැත්තක් පළ කළහ. මෙය කොතරම් දුරට සිදුවීද යත්, බෙන් නැෆ්ටලිගේ අත්පිටපත් වර්තමානයේ සොයාගන්ටවත් නැත. සොයාගත හැකි එකම දෙය, එම ගුරුකුල දෙක අතර වෙනස්කම් පමණකි. ව්‍යාජෝක්තියෙන් යුක්තව, මයිමොනඩීස්ගේ විස්තරය සම්බන්ධව තිබුණේ ඡේද අතර ඉඩ තැබීම වැනි ශෛලීය කාරණාවලට විනා, නිවැරදිව අදහස ඉදිරිපත් කිරීමේ වඩාත් වැදගත් විශේෂාංගයට නොවේ.

අපට “පවිත්‍ර” මැසොරෙටික් ලියවිල්ලක් සොයාගත හැකිද?

අදදින පවතින කිනම් කොඩෙක්ස් ලියවිල්ල (අත්ලියවිල්ල) බෙන් ඇෂර්ගේ “පවිත්‍ර” ලියවිල්ලදැයි පඬිවරුන් අතර බොහෝ වාද පවතී. එය හරියට “සැබෑ” මැසොරෙටික් ලියවිල්ලක් අපට ලබා දිය හැකිවාක් මෙනි. ඇත්තවශයෙන්ම, අද්විතීය, “පවිත්‍ර” හා විශ්වාස කටහැකි මැසොරෙටික් ලියවිල්ලක් තිබුණේම නැත. ඒ වෙනුවට, මැසොරෙටික් ලියවිලි බොහොමයක් තිබූ අතර, ඒ සෑම එකක්ම අනිකට වඩා මද වෙනස්කම්වලින් යුක්ත විය. වර්තමාන කොඩෙක්ස් ලියවිලි සියල්ල, බෙන් ඇෂර් හා බෙන් නැෆ්ටලිගේ සටහන්වල මිශ්‍රිත ලියවිලිය.

හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පරිවර්තනය කරන ඕනෑම කෙනෙකුට අදදින මුහුණ දීමට ඇති වැඩ කටයුත්ත බැරෑරුම් එකකි. ඔහු හෙබ්‍රෙව් ලියවිලි පමණක් නොව, පිටපත්කරුවන්ගේ දෝෂ හෝ වෙනත් ක්‍රමවලින් සිදුවී තිබිය හැකි වෙනස්කම්ද හොඳින් තේරුම්ගෙන සිටිය යුතුය. විවිධ මැසොරෙටික් ලියවිලි පදනමක් හැටියට තිබුණද, ඔහු සෑහෙන දුරට ව්‍යංජනාක්ෂර අඩංගු වඩාත් ඉපැරණි මෙන්ම, වඩාත් නිවැරදි පරිවර්තනයන් නියෝජනය කළ හැකි වෙනත් වටිනා මූලාශ්‍රයන් විමසා බැලිය යුතුය.

ද ටෙක්ස්ට් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් නම් සිය පොතේ හැඳින්වීම තුළ, එර්න්ස්ට් ව්‍ය්‍රර්ට්වයින් මෙසේ පැහැදිලි කරයි: “අමාරු ඡේදයන්ට මුහුණ දී සිටින විට, ඇතැම් අවස්ථාවන්හි හෙබ්‍රෙව් ලියවිල්ලටත්, අනික් අවස්ථාවන්හි සෙප්ටුඅජින්ට් ලියවිල්ලටත්, තවත් අවස්ථාවන්හි ඇරමෙයික් ටාර්ගුම් ලියවිල්ලටත් වැඩි කැමැත්තක් දක්වමින්, අපට විවිධ පාඨයන් එක්රැස් කර සරලම විසඳුම ඉදිරිපත් කරන එක තෝරාගත නොහැකිය. ග්‍රන්ථ පිළිබඳ සාක්ෂි නිතරම එක සේ විශ්වාසදායක නොවේ. ඒ සෑම එකකටම ආවේනික ලාක්ෂණිකයන් හා ඊටම අයත් විශේෂිත ඉතිහාසයක් ඇත. ප්‍රමාණවත් නොවන නැතහොත් ව්‍යාජ විසඳුම් අප වළක්වා ගන්ට බලාපොරොත්තු වන්නේ නම්, අප මේවා හොඳින් දැන සිටිය යුතුය.”

යෙහෝවඃවහන්සේ ස්වකීය වචනය ආරක්ෂා කර ඇති බව සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට අපට ස්ථීර පදනමක් ඇත. ගත වූ ශතවර්ෂයන් පුරා අවංක මිනිසුන්ගේ සාමූහික වෑයමෙන් අවශ්‍ය කොටස්, අඩංගු දෑ, මෙන්ම බයිබල් පණිවුඩයේ විස්තරාත්මක කොටස් පවා අප අතට පත්ව තිබේ. අකුරු හෝ වචනවල සුළු වෙනස්කම් ශුද්ධ ලියවිලි තේරුම්ගැනීමට තිබෙන අපගේ හැකියාවට බලපා නැත. දැන් තිබෙන වැදගත් ප්‍රශ්නය වන්නේ, අප දේවවචනය වන, බයිබලයට එකඟව ජිවත් වනු ඇත්ද? යන්නයි.

[පාදසටහන්වල]

a ඉශ්‍රායෙලයෙන් පිටස්තරව වාසය කළ යුදෙව්වන් බොහෝදෙනෙකු වැඩිදුරටත් හෙබ්‍රෙව් බස ව්‍යක්තව කියවන අය නොවූ නිසා, මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියාහි සිටින යුදෙව් ප්‍රජාව මෙන්, තමන් පාවිච්චි කරන භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ඉක්මනින් තේරුම්ගත්හ. මෙම අවශ්‍යතාව ඉටු කිරීම පිණිස, පො.යු.පෙ. තුන්වන ශතවර්ෂයේ ග්‍රීක් සෙප්ටුඅජින්ට් පරිවර්තනය සූදානම් කරනු ලැබීය. මෙම පරිවර්තනය පසු කාලයේදී වගන්ති සැසඳීමක් කරන්ට වැදගත් මූලාශ්‍රයක් බවට පත්විය.

b පොදු යුගයේ 760දී පමණ කාරයිට්වරු නමින් හඳුන්වන ලද යුදෙව් පිරිසක් ශුද්ධ ලියවිලි දැඩිව පිළිපැදීමක් ඉල්ලා සිටියහ. රබ්බිවරුන්ගේ ආධිපත්‍යය, “වාචික නීති,” මෙන්ම ටැල්මුඩ් යනාදිය ප්‍රතික්ෂේප කරමින්, ක්‍රමානුකූලව බයිබල් වගන්ති ආරක්ෂා කරන්ට ඔවුන්ට ප්‍රබල හේතු තිබිණ. මෙම කණ්ඩායමේ ඇතැම් පවුල් ප්‍රවීණ මැසොරෙටික් පිටපත්කරන්නෝ බවට පත්වූහ.

[26වන පිටුවේ පින්තූරය]

අලෙප්පෝ කොඩෙක්ස්හි මැසොරෙටික් ලියවිල්ල අඩංගුව ඇත

[හිමිකම් විස්තර]

Bibelmuseum, Münster

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න