රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“ඔවුහු දේශනා කිරීමෙන් නොනැවතුණෝය”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ දවස්වල පටන්, ආගමික නායකයෝ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම නැවැත්වීමට තමන්ට කළ හැකි සෑම දෙයක්ම කළෝය. “යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට” යෙරුසලමේ ආණ්ඩුමය අධිකාරීහු, ප්‍රේරිතයන්ට නිතර නිතර තදින් ‘ආඥා කළෝය.’ (ක්‍රියා 5:27, 28, 40) කෙසේවුවද, බයිබල් වාර්තාව ප්‍රකාශ කරන්නේ, “දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය” යනුවෙන්ය.—ක්‍රියා 6:7.
වසර දෙදහසකට පමණ පසුව, ඉශ්රායෙලයේ ආගමික නායකයන්, එම රටේ සත්‍ය ක්‍රිස්තියානි ධර්මයේ වැඩ කටයුතුවලට බාධා පැමිණවීමට, ආණ්ඩුමය අධිකාරීන්ට බලපෑම් කරන බව අපට පෙනේ. ආගමික අන්තවාදී කොටස්වල බලපෑමට හසුවූ, ඉශ්රායෙලයේ ටෙල් අවිව්හි ආණ්ඩුමය අධිකාරීහු, 1987 නොවැම්බර් මාසයේදී, වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ පිහිටි රාජ්‍ය ශාලාවේ, ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීම නතර කරන ලෙස සාක්ෂිකරුවන්ට නියෝග කළෝය. මෙම නියෝගය පනවනු ලැබුවේ 1989 ඔක්තෝබර් මාසයේය. මෙම නියෝගයට යටත් වූ සාක්ෂිකරුවෝ, තම රාජ්‍ය ශාලාව මුළුමනින්ම පාහේ භාවිතයෙන් තොරව තිබියදී, වසර තුනක් පුරා කුලියට ගත් ගොඩනැගිල්ලක රැස්වූහ.
මේ අතරතුර, මෙම කාරණය ඉශ්රායෙලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කරන ලදි. රජයේ නීතිඥවරුන්ගේ කාර්යාලය, සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ තර්කය යළි සලකා බැලූ අතර, දැඩි ආගමික අගතියක් සහිතව පනවනු ලැබූ මෙම නියෝගය හමුවේ, ඔවුන්ගේ අභියාචනයට එරෙහි වීමට කොහෙත්ම නොහැකි බව ප්‍රකාශ කළේය. මෙසේ, ආණ්ඩුමය අධිකාරීන්ට තම තීරණය වෙනස් කරනවා හැර අන් කිසිවක් කළ නොහැකි විය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සතුටින් තම රාජ්‍ය ශාලාවට ආපසු ගියෝය.
මෙම කාලය අතරතුරේදී, බයිබල් සත්‍යයන් දේශනා කිරීමේ වැඩකටයුතු අඩාල වූයේද? කොහෙත්ම නැත! රාජ්‍ය ශාලාව වසා තිබූ කාලයේදී, ටෙල් අවිව්හි සභා දෙකක්ද, ළඟපාත නගරයක් වූ ලෝඩ්හි වෙනම බයිබල් පාඩම් කණ්ඩායමක්ද විය. වසර තුනකට පසුව, රාජ්‍ය ශාලාව යළි විවෘත කරන විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සභා සතරකට වර්ධනය වී තිබූ අතර, බෙයර්ෂීබාහි නව බයිබල් පාඩම් කණ්ඩායමක් රැස්වීම් පවත්වමින් සිටියෝය.
ඉශ්රායෙලයේ වර්ධනය අරාබි සහ හෙබ්‍රෙව් යන ප්‍රධාන භාෂා කණ්ඩායම්වලට සීමා වී නොමැත. කලින් සෝවියට් සමූහාණ්ඩුවෙන් සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් මෙහි පැමිණ සිටින අතර, රුසියානු භාෂාව කතා කරන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඔවුන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමෙහි කාර්ය බහුලව සිටිති. රුසියානු බසින් ඇතැම් රැස්වීම් සභා තුනක පවත්වනු ලැබේ; මෑතකදී පැවති රුසියානු එක්රැස්වීමකට සියයකට වඩා වැඩි සංඛ්‍යාවක් එක්රැස්වූහ.
ආගමික අන්තවාදීන්, සත්‍ය නමස්කාරයට එරෙහිව ඔවුන්ගේ ව්‍යාපාර දිගටම ගෙනයන බවට කිසිම සැකයක් නැත. එහෙත්, රාජ්‍ය ප්‍රචාරකයෝ දිගටම තම “දවස්පතාම . . යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතු[ණු]” පළමු සියවසේ ක්‍රිස්තියානීන්ව ඔවුහු අනුකරණය කරති.—ක්‍රියා 5:42.