වාර්ෂික රැස්වීම 1995 ඔක්තෝබර් 7
වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම 1995 ඔක්තෝබර් 7දා, නිව් ජර්සි, ජර්සි සිටි, කෙනඩි බූලවාර්ඩ් 2932 දරන තැන පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පැවැත්වෙනවා ඇත. සාමාජිකයන් පමණක් සඳහා වූ රැස්වීම පෙ.ව. 9:30ට ආරම්භ වන අතර, ඉන්පසු පොදු රැස්වීම පෙ.ව. 10:00ට පැවැත්වෙනු ඇත.
පසුගිය වසරේ ලිපිනයේ යම් වෙනසක් වූයේ නම්, ආයතන සාමාජිකයන් දැන් ඒ ගැන ලේකම්ගේ කාර්යාලයට දැනුම් දිය යුතු අතර, මේ පිළිබඳව දැනුම් දෙන ලිපි හා පෙරකලාසි ජූලි මාසයේදී එම ලිපිනවලට යැවිය හැක.
වාර්ෂික රැස්වීම පිළිබඳව කරන දැනුම් දීම සමඟ එවනු ලබන බලපත්ර, අගෝස්තු 1දාට පෙර සමිතියේ ලේකම්ගේ කාර්යාලයට යැවිය යුතුය. සෑම සාමාජිකයෙකුම, මෙම බලපත්රය පුරවා, තමා මෙම රැස්වීමට පෞද්ගලිකව පෙනී සිටින්ට යනවාද නැද්ද කියා සඳහන් කොට, විගස ආපසු එවිය යුතුය. මෙම එක් එක් බලපත්රයේ සඳහන් වන තොරතුරු, ස්ථිර විය යුතුය, මන්දයත් පෞද්ගලිකව පෙනී සිටින්ට යන අය නිර්ණය කිරීමේදී, මෙම තොරතුරු මත රඳා සිටිනු ලැබෙන බැවිනි.
සමිතියේ නීතික කටයුතු සහ වාර්තා ඇතුළු සම්පූර්ණ සැසිවාරයම, ප.ව. 1:00ට හෝ ඊට ටික වේලාවකට පසුව අවසන් වේයයි අපේක්ෂා කෙරේ. පස්වරු සැසිවාරයක් නොතිබෙනු ඇත. තිබෙන ඉඩ කඩ සීමිත නිසා, ඇතුළු වීමට හැක්කේ ප්රවේශ පත්ර සතු අයට පමණි. මෙම වාර්ෂික රැස්වීම දුරකථන මාර්ගයෙන් වෙනත් ශාලාවලට සම්බන්ධ කිරීමට කිසිම විධිවිධානයක් ඇති කරනු නොලැබේ.