ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 9/15 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබේ ඉගැන්වීම කෙරෙහි නිරතුරු අවධානයක් දෙන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිමහල්ලෙනි ඔබේ විශ්වාසය ආරක්ෂා කර ගන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ සහෝදරයාගෙන් ඉගෙනගමු
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටීම
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 9/15 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ශ්‍රාවක යාකොබ් මෙසේ පැවසූ විට ඔහු අදහස් කළේ කුමක්ද: “මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයල්ලා”?—යාකොබ් 3:1.

ක්‍රිස්තියානි භක්තිකයන් විසින් අනුන්ට සත්‍යය ඉගැන්වීම, යාකොබ් අධෛර්යය කරමින් නොසිටි බවට සහතිකය. මතෙව් 28:19, 20හි, යේසුස්වහන්සේ සිය ගෝලයන්ට “සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා” කියා අණ කළසේක. එබැවින් ක්‍රිස්තියානීන් සියලුදෙනාම ගුරුවරුන් විය යුතුය. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් තවමත් ගුරුවරුන්ව නොසිටි බැවින්, ප්‍රේරිත පාවුල් ඔවුන්ට උපදෙස් දුන්නේය. හේ මෙසේ ලීවේය: “කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්, දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ.”—හෙබ්‍රෙව් 5:12.

එසේනම්, යාකොබ් කතා කරමින් සිටියේ කුමක් ගැනද? සභාව තුළ විශේෂ ඉගැන්වීමේ වරප්‍රසාද ඇති අයට ඔහු යොමු දක්වමින් සිටියේය. එපීස 4:11හි අපට මෙසේ කියවීමට තිබේ: “උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද [එඬේරුන්ද, NW] සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.” අදදින හා සමානව පළමු සියවසේ සභා අතර විශේෂ ඉගැන්වීමේ වරප්‍රසාදිත තත්වයන් තිබිණ. උදාහරණයක් වශයෙන් පාලක මණ්ඩලය “විශ්වාසවූ නුවණ ඇති දාසයා” නියෝජනය කරන අතර, සමස්ත ලෝක සභාවේ ඉගැන්වීම අධීක්ෂණය කිරීමට වූ විශේෂ වගකීම ඔවුන් සතුය. (මතෙව් 24:45) සංචාරක අවේක්ෂකයන්ටද, සභා වැඩිමහල්ලන්ටද, විශේෂ ඉගැන්වීමේ වගකීම් තිබේ.

සුදුසුකම් ලත් ක්‍රිස්තියානි පුරුෂයන්ට යාකොබ් පවසමින් සිටියේ, දෙවියන්වහන්සේගේ වඩා බරපතළ විනිශ්චයට භයින් ඔවුන් ගුරුවරයෙකුගේ භූමිකාව නොපිළිගත යුතු බවද? කිසිසේත් නැත. පළමු තිමෝති 3:1හි [NW] අඟවා ඇති පරිදි, වැඩිමහල්ලෙකුගේ නිලය උදාර වරප්‍රසාදයකි, එහි මෙසේ පැවසේ: “යම් පුරුෂයෙක් අවේක්ෂකයෙකුගේ නිලය අත්කරගැනීමට වීර්යය කරන්නේ නම්, ඔහු කදිම වැඩකට ආශා වන්නේය.” සභා වැඩිමහල්ලෙකු වශයෙන් පත්වීමට එක් අවශ්‍යතාවක් වූ කලි, පුරුෂයෙකු “උගන්වන්ට සමර්ථවූ” කෙනෙකු වීමය. (1 තිමෝති 3:2) යාකොබ් පාවුල්ගේ දේවානුභාවය ලත් වචනවලට පටහැනි යමක් කියමින් නොසිටියේය.

කෙසේවෙතත්, පො.යු. පළමු සියවසේ, සමහරුන් සිතුවේ තමුන් ගුරුවරුන් හැටියට පෙනීසිටිය යුතු බවය, නමුත් ඔවුන්ට සුදුසුකම් නොතිබූ අතර, ඔවුන්ව පත් නොකරන ලදි. බොහෝදුරට, එම භූමිකාව තුළ යම් ප්‍රමුඛත්වයක් ඇති බව ඔවුන්ට හැඟී ගිය අතර, ඔවුහු පෞද්ගලික කීර්තියක් ලබාගැනීමට ආශා කළෝය. (සසඳන්න මාර්ක් 12:38-40; 1 තිමෝති 5:17.) ‘ප්‍රධානකමට කැමති, යොහන්ගෙන් කිසිවක් ගෞරවයෙන් නොපිළිගත්’ දියොත්‍රෙපස් ගැන ප්‍රේරිත යොහන් සඳහන් කළේය. (3 යොහන් 9, NW) ‘ව්‍යවස්ථාවේ ගුරුවරුන් වෙන්ට කැමති වුවද, තමුන් කියන්නේ කිමෙක්ද කියාවත්, නිසැකකොට සහතික කරන්නේ කුමන දේ ගැනද කියාවත් තේරුම් නොගෙන සිටින’ ඇතමුන් ගැන 1 තිමෝති 1:7හි සඳහන් වේ. ගුරුවරුන් වීමට ආශාවන මුත්, වැරදි චේතනාවක් ඇතුව සිටින පුරුෂයන්ට යාකොබ් 3:1හි වදන් විශේෂයෙන්ම යෝග්‍ය වේ. එවන් අය රැළට බැරෑරුම් ලෙස හානි පමුණුවනු ඇති අතර, ඒ අනුව වඩා බරපතළ විනිශ්චයක් ලබනවා ඇත.—රෝම 2:17-21; 14:12.

සුදුසුකම් ඇතුව සිටින්නාවූ සහ ගුරුවරුන් වශයෙන් සේවය කරන්නාවූ අය සඳහාද යාකොබ් 3:1 හොඳ සිහිගැන්වීමකි. ඔවුන්ට බොහෝ දේ භාර දී තිබෙන නිසා, ඔවුන්ගෙන් බොහෝ දේ අය කරනු ලබන්නේය. (ලූක් 12:48) යේසුස්වහන්සේ මෙසේ වදාළසේක: “මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිශ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේය.” (මතෙව් 12:36) වඩාත් බලපෑමකින් යුක්තව කතා කරන, පත්කරන ලද වැඩිමහල්ලන් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සැබෑවකි.

වැඩිමහල්ලෝ යෙහෝවඃවහන්සේගේ බැටළුවන් සමඟ කටයුතු කරන අන්දම සම්බන්ධයෙන් ගණන්දෙන්නෝය. (හෙබ්‍රෙව් 13:17) ඔවුන් කියන දේ ජීවිතවලට බලපායි. එබැවින්, තම මත පෙරමුණෙහි නොතැබීමට හෝ ඵරිසිවරුන් කළාක් මෙන් බැටළුවන්ට අනිසි ලෙස නොසැලකීමට හෝ වැඩිමහල්ලෙකු වගබලාගත යුතුය. යේසුස්වහන්සේ පෙන්වූ ගැඹුරු ප්‍රේමයට සමාන ප්‍රේමයක් විදහාපෑමට ඔහු වෙර දැරිය යුතුය. ඉගැන්වීමට අදාළ සෑම තත්වයකදීද, විශේෂයෙන්ම විනිශ්චයමය කාරණාවලට සම්බන්ධව සිටිද්දීද, වැඩිමහල්ලෙකු දක්ෂ නමුත් අව්‍යාජ නොවන අදහස් භාවිත කිරීමෙන්, නැතහොත් ඉඳුරාම පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී, තම වචන පරෙස්සමින් කිරා මැනබලා ප්‍රකාශ කළ යුතුය. යෙහෝවඃවහන්සේද, ස්වකීය වචනයද, ස්වකීය සංවිධානය තුළින් පැමිණෙන ස්වකීය මාර්ගදර්ශකද මත මුළුමනින්ම රඳා සිටීමෙන්, එඬේරා “වඩා බරපතළ විනිශ්චය” ලබනවා නොව, දෙවියන්වහන්සේගේ මහඟු ආශීර්වාද ලබන්නේය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න