‘යකඩින් යකඩ මුවහත් වන්නාක් මෙන්’
පොදු යුගයේ තුන්වන සියවස අවසානයේදී පමණ, “කොප්ටික ක්‍රිස්තියානියෙකු” ලෙස විස්තර කර තිබෙන, ඇන්තනි නම් උනන්දුමත් යෞවන පුරුෂයෙක්, ලෝකයෙන් වෙන්ව වසර 20ක් කාන්තාරයේ හුදෙකලාවේ ගත කළේය. ඒ මන්ද? දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔහුට තිබුණා වූ හොඳම ක්‍රමය මෙය බව, හේ සිතුවේය. ඔහු වනාහි ක්‍රිස්තියානි ලෝකයේ සිටියාවූ පළමු බලපුළුවන්කාර තාපසයා නොහොත් ඉසිවරයා වූයේය.
අදදින ක්‍රිස්තියානි ලෝකයට තාපසයන් ඇත්තේ සුළු පිරිසකි. එහෙත් තව තවත් බොහෝ පුද්ගලයෝ වෙනත් ආකාරයක හුදෙකලාවක සිටීමක් සොයති. ආගම සම්බන්ධයෙන් අන්‍යයන් සමඟ කතා කිරීම, එකඟ නොවීම් සහ දබරවලට මඟ පෑදිය හැකි බව ඔවුන්ට හැඟෙන නිසා, එවැනි කාරණා සම්බන්ධයෙන් කතා කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. තම අසල්වැසියන්ට අනතුරු නොකිරීම, ඔවුන්ගේ නමස්කාරයේ අඩංගු මූලික දෙයයි.
කෙනෙකුගේ අසල්වැසියෙකුට කිසි අනතුරක් නොකිරීම සැබෑ ආගමේ කොටසක් බව සැබෑ වුවත්, මීට වඩා දෙයක් අවශ්‍යය. පැරණි හිතෝපදේශයක් මෙසේ ප්‍රකාශ කරයි: “යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.” (හිතෝපදේශ 27:17) ඇත්තවශයෙන්ම, බයිබලය ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ, එකට රැස්වීමට මිස තමන්වම ලෝකයෙන් හෝ අන් ක්‍රිස්තියානීන්ගෙන් මුළුමනින්ම වෙන් කරගැනීමට නොවේ. (යොහන් 17:14, 15) එය මෙසේ පවසයි: ‘අපේම රැස්වීම් අත් නෑර, ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.’ (හෙබ්‍රෙව් 10:24, 25) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එම උපදෙස අනුගමනය කරති. සතියකට කීපවතාවක්ම, ඔවුහු ‘එකිනෙකාගේ මුහුණ මුවහත්’ කිරීම සඳහා එකට රැස්වී, සෙසු ඇදහිලිවන්තයන්ගේ, ඇදහිල්ල වර්ධනය කරති. අවංක වශයෙන් බයිබලය සාකච්ඡා කිරීම දබරවලට මඟ පාදන්නේ නැති බව ඔවුහු සොයාගනිති. ඒ වෙනුවට, එය සමඟියට සහ සමාදානයට මඟ පාදයි. එය සැබෑ නමස්කාරයේ අතිවැදගත් කොටසකි.