ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 12/1 32 පි.
  • අමනාපය පවතින්ට ඉඩ නොහරින්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අමනාපය පවතින්ට ඉඩ නොහරින්න
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 12/1 32 පි.

අමනාපය පවතින්ට ඉඩ නොහරින්න

යමෙකු අපව අමනාපයට පත් කළ විට, අමනාපයෙන් පසුවීමෙන් අපව වළක්වා ගැනීම, කිසිදාකට වඩා වැඩි තර්ජනයක් ලෙස පෙනෙන්ට පුළුවන. එවැනි තත්වයන්ට ප්‍රායෝගික උපදෙස් බයිබලයේ ඇත. “කෝපවුණත් පව් නොකරල්ලා. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා,” යනුවෙන් ප්‍රේරිත පාවුල් ලීවේය.—එපීස 4:26.

කෙනෙකු අපට වැරැද්දක් කළ විට, යම් ප්‍රමාණයක උදහසක් දැනීම සාමාන්‍ය දෙයකි. සමහරවිට අසාධාරණ ලෙස සැලකීමෙන් හෝ යුක්තිය නිසි ලෙස ඉටු නොවීමෙන් ඇති වන ප්‍රතික්‍රියාවක් ලෙස ඇතැම් අවස්ථාවල කෝපය පැවතීම සුදුසු විය හැකිය, පාවුල් “කෝපවුණත්” යනුවෙන් පැවසූ දෙයට එය අදාළ වේ. (2 කොරින්ති 11:29 සසඳන්න.) එහෙත් විසඳීමකින් තොරව පැවති විට, එය බලවත් පාපයට මඟ පාදන බැවින්, යුක්තිසහගත කෝපයකින් පවා විනාශකාරි ප්‍රතිඵල ඇති විය හැක. (උත්පත්ති 34:1-31; 49:5-7; ගීතාවලිය 106:32, 33) ඉතින්, උදහසට පත් වූවායයි හැඟෙන විට ඔබට කුමක් කළ හැකිද?

සුළු වැරදි හා සම්බන්ධ බොහෝ අවස්ථාවල, ඔබගේ හෘදයෙන් එම තත්වය නිරාකරණය කර “නිශ්චලව” සිටිය හැක, නැතහොත් වරදකරු වෙත ළඟා වී ප්‍රශ්නය ඔහු සමඟ සාකච්ඡා කළ හැක. (ගීතාවලිය 4:4; මතෙව් 5:23, 24) මේ ඕනෑම ක්‍රමයකින්, අමනාපය නොපැසවීමට සහ කනගාටුදායක ප්‍රතිඵල ඇති නොකරන ලෙසට ප්‍රශ්නය විගස නිරාකරණය කිරීම හොඳය.—එපීස 4:31.

යෙහෝවඃවහන්සේ අපගේ පව්වලට මෙන්ම, අප අපගේ නොදැනුම්කම නිසා කරන පව්වලට පවා කමා කරනසේක. එලෙස සහකාර මනුෂ්‍යයෙකුගේ සුළු වරදකට අපට කමා විය නොහැකිද?—කොලොස්සි 3:13; 1 පේතෘස් 4:8.

“කමාවීම” සඳහා ඇති ග්‍රීක් වචනය, වචනානුසාරයෙන් අදහස් වන්නේ “අමතක කර දැමීම” යන්න සිත්ගන්නා කරුණකි. අප වරද සුළු කොට සැලකීම හෝ නොසලකා හැරීම කමාවීමෙන් අදහස් නොකෙරේ. කෝපය පැවතීමට ඉඩහැරීමෙන් එය ඔබගේ කරදරවලට යමක් එකතු කරනවා මෙන්ම, ක්‍රිස්තියානි සභාවේ එක්සත්කම බිඳ දමන බව අවබෝධ කරගනිමින්, සමහර වේලාවලදී පැහැදිලි ලෙස තත්වය ‘අමතක කර දැමීම’ එයට ඇතුළත් විය හැක. තවදුරටත්, කෝපය පැවතීමට ඉඩහැරීමෙන් ඔබගේ සෞඛ්‍යයටද හානි පැමිණ විය හැක!—ගීතාවලිය 103:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න