ඔවුහු ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ වශයෙන් එක්රැස්වූහ
යෙහෝවඃ දෙවියන්වහන්සේගේ පැරණි ජනයා නමස්කාරය සඳහා එක්රැස් වූ විට, “මුළුමනින් ප්රීතිමත්වෙයන්න” යනුවෙන් ඔවුන්ට ආඥා කර තිබිණ. (ද්විතීය කථාව 16:15) වර්ෂ 1995/96හි “ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” දිස්ත්‍රික් සමුළු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ප්‍රීතිවීමට සැබවින්ම හොඳ හේතු දී තිබේ.
මෙම සමුළු මාලාව ඇරඹූ දා පටන්, ඒවා ඇදහිල්ල තවත් ශක්තිමත් කර තිබේ. ඒවා ප්‍රීතිය අහිමි ලොවක ප්‍රීතිය ලබාගන්නා අයුරුද පෙන්වා ඇත. අපි සමුළුවේ එක් එක් දිනය බැගින් සලකා බලමු.
‘ජනයෙනි, යෙහෝවඃවහන්සේට ප්‍රශංසාකරව් . . . ප්‍රීතිමත්වෙත්වා!’
සමුළුවේ පළමු දිනයේ ඉහත සඳහන් තේමාව පදනම් වූයේ ගීතාවලිය 149:1, 2 මතය. “ප්‍රීතිය උදෙසා මොරගසන්ට අපට හේතු ඇත” යන අනුශාසනාවේදී, යෙසායා 35වන පරිච්ඡේදයේ අනාවැකියෙහි අදාළත්වය පරීක්ෂා කෙරිණ. පැරණි ඉශ්රායෙලය තුළ එයට ඉටුවීමක් තිබුණ අතර විශේෂයෙන්ම අපගේ කාලයේදී, ආත්මික පාරාදීසයෙහි සමෘද්ධියට හා සෞඛ්යසම්පන්නකමට යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ ප්‍රතිසංස්කරණය තුළද එයට ඉටුවීමක් තිබේ. මෙබැවින්, ආත්මික පාරාදීසයෙහි මෙන්ම ඉතා ළඟදීම පැමිණෙන්ට යන භෞතික පාරාදීසයෙහි ස්වකීය සෙනඟ සඳහා දෙවියන්වහන්සේ අරමුණු කර තිබෙන දේ සම්බන්ධයෙන් ප්‍රීතියෙන් මොරගසන්ට සමුළුවට පැමිණි අයට හේතුවක් තිබිණ.
“ලෝක ව්‍යාප්ත ප්‍රීතිමත් ප්රශංසාකරන්නන් වශයෙන් වෙන් කරනු ලැබීම” යන මූලික ඇමතුම, මෙම ප්‍රශ්නයට උත්තර සැපයීය: අප ලෝකයෙන් වෙන්ව සිටීමට සලස්වන්නේ කුමක්ද? අප එක්සත්ව යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මෙලොවේ කොතැනක ජීවත් වුවත්, ඔවුහු එකඟතාවකින් කතා කරති, උගන්වති. යෙහෝවඃවහන්සේගේ ශුද්ධ නාමය විශුද්ධ කිරීම හා ස්වකීය රාජ්‍යය මගින් ස්වකීය පරමාධිපත්‍යය නිදොස් කිරීම සඳහා වූ යෙහෝවඃවහන්සේගේ උදාර අරමුණ තුළද ඔවුහු ප්‍රීති වෙති. එහෙත්, යෙහෝවඃවහන්සේ ස්වකීය අරමුණ තුළ අපට ස්ථානයක් ලබාගැනීමට උපකාර කරන්නේ කෙසේද? උන්වහන්සේ අපට ස්වකීය ශුද්ධ වචනයේ සත්‍යය භාර දී ඇත. දෙවියන්වහන්සේ අපට ස්වකීය ශුද්ධාත්මය දී ඇත. ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක් හා නිර්මල නමස්කාරය සඳහා විධිවිධානයක් සමඟින් උන්වහන්සේ අපට ආශීර්වාද කර ඇත. හෘදපූර්ණ ප්‍රීතියකින් යෙහෝවඃවහන්සේට සේවය කිරීම සඳහා අපගේ ජාත්‍යන්තර පවුල අපට උපකාර කරයි.
“ලෝකයෙන් කිලුටු නොවන ලෙස වෙන්ව සිටීම” මගින් පක්ෂවාදීකමේ කැළැල් හා පංති භේදයන්ගෙන් වැළකීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ. (යාකොබ් 2:5-9) සමහරෙකු දිළිඳු හෝ අභාග්‍යවන්ත සෙසු ක්‍රිස්තියානීන්ව නොසලකමින්, එකම පසුතලයක් හෝ මූල්‍යමය තත්වයක් ඇති අය සමඟ පමණක් ඇසුරු කළ හැක. වෙනත් අය සභාවේ වගකීම් දරන අයට අනුග්‍රහය දැක්වීමට නැඹුරු විය හැක. කෙනෙකුට තිබිය හැකි උතුම්ම වරප්‍රසාදය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වීම බව ඔවුහු අමතක කරති. එමනිසා, අපට කැළලක් ඇති කිරීමටවත්, සභාවේ සාමය බිඳදැමීමටවත් අප ලෞකික ප්රවණතාවලට ඉඩ නොදිය යුතුය.—2 පේතෘස් 3:14.
“මා විවාහ වීමට සූදානම්ද?” යන කතාවෙන් බොහෝදෙනෙකු හදිසියෙන් විවාහයට ඇතුළත් වන බවට හුවාදැක්වීය. සමහරෙකු විවාහ වන්නේ, නිවසෙහි අසීරු තත්වයකින් මිදීමට නැතහොත් තම සමවයසේ මිතුරන් විවාහ වන නිසාය. කෙසේවුවත්, විවාහයට වලංගු හේතුවලට ඇතුළත් වන්නේ දිව්‍යාණ්ඩු ඉලක්ක ලුහුබැඳීමට අන්‍යොන්‍ය ආශාවක්, අව්‍යාජ ප්‍රේමය, මිත්‍රත්වය හා ආරක්ෂාව සඳහා අවශ්‍යතාවක් මෙන්ම දරුවන් ඇති දැඩි කිරීමට ආශාවය. විවාහය සඳහා සූදානම් වීමේදී ආත්මික පුහුණුව අත්‍යවශ්‍යය. වෙනත් ඒවා අතර, අලුත් පෞද්ගලිකත්වය ඇති කරගැනීම මගින් හොඳ ගුණාංග වර්ධනය කරගැනීමට අවශ්‍යතාවක් ඇත. විවාහ අපේක්ෂිත කලත්‍රයෙකුට යෙහෝවඃවහන්සේ සමඟ සැබෑ සබඳතාවක් තිබෙන බවට සාක්ෂි තිබෙනවාද, එමෙන්ම වෙනත් අය සමඟ ගෞරවනීය ලෙසින් කටයුතු කරනවාදැයි සොයා දැනගැනීමද නුවණට හුරුය. මේරූ ක්‍රිස්තියානීන්ගෙන් උපදෙස් ලබාගැනීමද නුවණට හුරු දෙයකි.—හිතෝපදේශ 11:14.
මෙම ඥානාලෝකය විහිදුවන සාකච්ඡාවට පසු “සිය දරුවන් කෙරෙහි ප්‍රීතිමත් වන දෙමව්පියෝ” යන මැයෙන් වූ කතාව ඉදිරිපත් කෙරිණ. දරුවෙකුගේ උපත සාමාන්‍යයෙන්ම ඉමහත් ප්‍රීතියක් ලබන කාලයකි. කෙසේවුවද, දරුවන් සිටීම ඉමහත් වගකීමක්ද වේ. (ගීතාවලිය 127:3) මෙබැවින්, දරුවන්ට යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමට ඉගැන්වීම වැදගත් වේ. තම දරුවන්ට යෙහෝවඃවහන්සේ ගැන නිතිපතා කතා කිරීම මගින් හා පවුල තුළ උන්වහන්සේගේ වචනයේ ප්‍රතිපත්ති අදාළ කරගැනීම මගින් දෙමව්පියන්ට මෙය කළ හැක.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සහ අධ්‍යාපනය යන නව විවරණිකාව මුදාහැරීමේ අනපේක්ෂිත සිද්ධිය සමඟින් සමුළුවේ පළමු දිනය අවසන් කෙරිණ. සාක්ෂිකරුවන් “තම බාලයන්ට මහන්සි වී වැඩ කිරීමට හා පාසැලේදී ඔවුන්ට පැවරී තිබෙන කාර්යයන් බරපතළ ලෙස සැලකීමට දිරිගන්වා ඇති බව” එය මොනවට පැහැදිලි කරයි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් නයිජීරියාවේ, මෙක්සිකෝවේ හා වෙනත් රටවල වර්ෂ ගණනක් තුළ සාක්ෂරතා පංති පැවැත්වීමෙන් ඇති වී තිබෙන විශිෂ්ට ප්‍රතිඵලද මෙම ප්රකාශනය පැහැදිලි කරයි. අප අධ්‍යාපනයට ඉතා වැදගත් තැනක් දෙන බව දැකීමට විවරණිකාව ශික්ෂකයන්ට උපකාර කළ යුතුය.
‘ප්‍රශංසාව නමැති පූජාව දෙවියන්වහන්සේට නිතරම ඔප්පු කරන්න’
ඉහත සඳහන් දෙවන දින තේමාව පදනම්ව තිබුණේ හෙබ්‍රෙව් 13:15 මතය. පෙරවරු වැඩසටහනේදී “යෙහෝවඃවහන්සේව ප්‍රශංසා කරන්ට වූ ඇරයුමට ප්‍රතිචාරය දැක්වීම” යනුවෙන් කතා මාලාවක් ඉදිරිපත් කෙරිණ. මෙම ඇරයුමට ප්‍රතිචාරය දැක්වීමට වයස බාධාවක් නොවේ. ගීතාවලිය 148:12, 13 යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරන්නයයි තරුණයන්ගෙන්, තරුණියන්ගෙන්, වයෝවෘද්ධයන්ගෙන් හා ළමයින්ගෙන් උදක්ම ඉල්ලා සිටියි. යෙහෝවඃවහන්සේගේ ප්‍රීතිමත් සේවකයන් බොහෝදෙනෙකුට තම ප්‍රශංසාව වැඩි කිරීමට හැකි වී ඇත. ලොව පුරා, 6,00,000කට වැඩි සංඛ්‍යාවක් පූර්ණ-කාලීන දේශනා සේවයෙහි හවුල් වෙති. විශේෂ පුරෝගාමී වැඩයෙහි 15,000කට වඩා වැඩිදෙනෙකු නිරතව සිටින අතර, 15,000කට වැඩි සංඛ්‍යාවක් බෙතෙල් සේවයෙහි යෙදී සිටිති.
“යෙහෝවඃවහන්සේගේ සංවිධානය සමඟ පක්ෂපාතව සේවය කිරීම” නමැති කතාව දෙවියන්වහන්සේගේ සේවකයන් සඳහා පක්ෂපාතිත්වය වැදගත් බව පෙන්වීය. යෙහෝවඃවහන්සේට පක්ෂපාතව සිටීම යන්නෙන් අදහස් කරන්නේ, හොඳින් ඇලෙන මැළියමක් මෙන් ක්‍රියා කිරීමට තරම් බලවත් කැපවීමකින් උන්වහන්සේට කැපවී සිටීමය. අන් අය අපව දුටුවත් නැතත් අප හිතා මතාම බයිබල් ආඥා උල්ලංගනය කිරීමෙන් වැළකීම පක්ෂපාතිත්වය සඳහා අවශ්‍ය වේ. මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල මෙන්ම වොච් ටවර් සමිතිය මගින් සැපයූ වෙනත් සියලු ආත්මික ආහාරවලත් තිබෙන බයිබල් ඉගැන්වීම්වලට අප පක්ෂපාතව සිටීමද ඊට ඇතුළත් වේ. ඉන්පසු තිබුණේ බව්තීස්ම කතාවයි. බව්තීස්ම අපේක්ෂකයන් විසින් යෙහෝවඃවහන්සේට සිය කැපවීමේ සාක්ෂිය දෙනු ලැබූ විට තිබුණ ප්‍රීතිය මොනතරම්ද!
“සද්ගුණයද නැතහොත් දුසිරිතද—ඔබ ලුහුබඳින්නේ කුමක්ද?” යන පස්වරුවේ කතාව සඳහා හොෂෙයා 4:1-3හි වචන ආදර්ශයක් තැබීය. සද්ගුණය පිළිබඳ ලෝකයේ දෘෂ්ටිය හීන වී තිබුණත්, උසස් සදාචාරත්වයක් පවත්වාගැනීමට ක්‍රිස්තියානීන් “මුළු උත්සාහයෙන්” කටයුතු කළ යුතුය. (2 පේතෘස් 1:5) මෙය ඇරඹෙන්නේ කෙනෙකු සිතන ආකාරය අනුවය. ඔහුගේ සිතුවිලි සද්ගුණයෙන් යුක්ත නම්, ඔහු පවිත්‍ර, යහපත් මෙන්ම වර්ධනය ගෙන දෙන වචන කතා කරනු ඇති අතර, අන් අය සමඟ කටයුතු කරන විට, අවංක වීමට වෑයම් කරනු ඇත. සද්ගුණය ඇතුව සිටීම සඳහා තේරුම්ගැනීමට වෑයම් කිරීම හා සිත්තැවුලෙන් හෝ විෂාදයෙන් වේදනා විඳින සෙසු ක්‍රිස්තියානියෙකු වෙත දයානුකම්පාව දැක්වීමද ඇතුළත් වේ.—1 තෙසලෝනික 5:14.
“යක්ෂයාගේ මලපත්වලට එරෙහිව ආරක්ෂා වන්න” යන තව කතාවක්, ක්‍රිස්තියානීන් තමන්ව භූතමය බලපෑම්වලට නිරාවරණය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීය. අසනීප සඳහා ප්‍රතිකාර කිරීමේ ක්ෂේත්රයේදී, ක්‍රිස්තියානීන් ගුප්ත විද්‍යාවට සම්බන්ධ මෝහනය වැනි ක්‍රම පිළිබඳව සෝදිසියෙන් සිටීමට අවශ්‍යය. ඒ හැර, පුද්ගලයන් තම ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට කරන දෙය පෞද්ගලික කාරණයකි.
දෙවන දිනය අවසන් වූයේ අනපේක්ෂිත ප්‍රීතිමත් සිද්ධියකිනි—එනම් අවංක හෘද ඇති අයට කැපවීම හා බව්තීස්මය සඳහා නොපමාව ප්‍රගතිය ලබනු වස්, උපකාර කිරීමට සැලසුම් කළ කුඩා-ප්‍රමාණයේ නව ප්රකාශනයක් මුදාහැරීමෙනි. පිටු 192කින් සමන්විත මෙම නව පොත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන මැයෙන් යුක්ත වේ. දැනුම පොත ගොඩනංවනසුලු ආකාරයකින් සත්‍යය ඉදිරිපත් කරයි. බොරු ධර්ම නිෂ්ප්‍රභ කිරීමට යොමු වී සිටින්නේ නැත. භාෂාවේ පැහැදිලිකම හා තර්කානුකූල ගොඩනැඟීම බයිබල් පාඩම් පැවැත්වීමට හා දෙවියන්වහන්සේ පිළිබඳ හද උණුසුම් කරන දැනුම ග්‍රහණය කරගැනීම සඳහා ජනයාට උපකාර කිරීමට, මෙම පොත යොදාගැනීම පහසු කරවිය යුතුය.
‘ජනයෙනි, සදාකාලයටම සතුටුව ප්රීතිවෙයල්ලා’
යෙසායා 65:18හි මෙම වචන සමුළුවේ තෙවන දිනයෙහි තේමාව විය. මෙම දුෂ්ට පිළිවෙළ එහි අන්තිම දවස් කරා පිවිසුණු වර්ෂය, 1914 බව බයිබල් අනාවැකි ඉටුවීම තුළින් පැහැදිලි වේ. මෙබැවින්, “මෙම දේවල පිළිවෙළේ අවසානය තුළ ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” යන මැයෙන් යුත් කතා මාලාව ශ්‍රාවකයන්ගේ සම්පූර්ණ අවධානය ග්‍රහණය කරගත්තේය. බිලියන ගණන්දෙනා ලෝකයේ ගිජුකමෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් ගසාගෙන යන අයුරු කථිකයන් විසින් පෙන්නා දෙන ලදි. කල් යත්ම, සාතන් පාලනය කරන ලෝකයේ පංගුකාරයන් වශයෙන් ඔවුන් විනිශ්චයට ලක් වනු ඇත. මෙලෙස, තේරීමක් කිරීමට කාලය දැන්ය. අපට වුවමනා වන්නේ කුමන පැත්තේ සිටීමටද? යෙහෝවඃවහන්සේට නමස්කාර කර, උන්වහන්සේගේ පරමාධිපත්‍යය පිළිගැනීමට අපට වුවමනාද, නැතහොත් සාතන්ව සතුටු කරන දෑ කිරීම මගින් අප ඔහුට අපේ පාලකයා වීමට ඉඩහරිනවාද? අප සියල්ලන්ම නොඅනුමානව යෙහෝවඃවහන්සේගේ පැත්තෙහි අපේ ස්ථාවරත්වය ගත යුතුය.
“සදාකාල රජාණන්ට ප්‍රශංසා කරන්න!” යනුවෙන් වූ සමුළුවේ ප්‍රසිද්ධ අනුශාසනාව, පැමිණ සිටි සියලුදෙනාට කල්පනා කර බැලීමට දැඩි ආහාර සැපයුවේය. සදාතනය පිළිබඳ අදහස, බෙලහීන මිනිසාට තේරුම්ගත නොහැකි බව පෙනෙන්ට තිබෙනවා වුවත්, යෙහෝවඃවහන්සේ එය මුළුමනින්ම තේරුම්ගන්නාසේක. “ස්වාමීන්වහන්සේ සදාකාලයටම රජ්ජුරුවෝය,” යනුවෙන් ගීතිකාකරු ගැයුවේය. (ගීතාවලිය 10:16) මෙම සදාතනයේ රජ ස්වකීය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් සදාකාල ජීවනය භුක්තිවිඳීම සඳහා මාර්ගය මිනිස්වර්ගයාට විවෘත කර ඇත. (යොහන් 17:3) “එසේය, පව්කාර මනුෂ්‍යයන් වන අපට සදාකාල ජීවිතය අත් කරගත හැක්කේ දිව්‍ය අධ්‍යාපනයෙන් හා යේසුස්වහන්සේගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීම මගින්ය,” කියා කථිකයා පැවසීය.
සමුළුව අවසාන වන විට, “දවසක් පාසා දවසක් යෙහෝවඃවහන්සේට ප්‍රීතියෙන් ප්‍රශංසා කිරීම” යන මැයෙන් යුත් අවසාන කතාව පැමිණ සිටි අයව දිරිගැන්වීය. පොළොව පුරා ගෝලයන් සෑදීමේ වැඩය පිළිබඳ දියුණුව සම්බන්ධයෙන් වාර්තා ලැබීම හද දනවන දෙයක් විය. තවද සමුළුවට පැමිණ සිටි අයව ‘සැමදාම යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමටත්, සදාකාලේටම ස්වකීය නාමය වර්ණනා කිරීමටත්’ පොලඹවනු ලැබීය.—ගීතාවලිය 145:2.
වචනයෙන් විග්රහ කළ නොහැකි අමානුෂික ක්‍රියා ලොවේ ප්‍රීතිය සොරාගනියි. කෙසේනමුත්, යෙහෝවඃවහන්සේ තුළ පූර්ණ විශ්වාසය තබන පුද්ගලයන්ට දේවභක්තික ප්‍රීතිය සතු කරගත හැක. ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට මතු සඳහන් ගීතාවලිය 35:27, 28හි වචන ප්රතිනාද කළ හැක: “මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා. මාගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැනද ප්‍රශංසාව ගැනද දවස මුළුල්ලේ කථාකරන්නේය.”
[7වන පිටුවේ පින්තූර]
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සහ අධ්‍යාපනය” නම් විවරණිකාවෙන් පවුල් සාමාජිකයන් ප්‍රයෝජන ලබනු ඇත
[8, 9වන පිටුවේ පින්තූර]
“සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම” යන නව පොත, බයිබල් සත්‍යතා වර්ධනය ගෙනදෙන අන්දමකින් ඉදිරිපත් කරයි
[9වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේට වූ තම කැපවීමේ සංකේතයක් වශයෙන් බොහෝදෙනෙක් බව්තීස්ම වූහ
[9වන පිටුවේ පින්තූරය]
“මහලුවියේ සුදුස්සන්ට ගෞරව කිරීම” යන නාට්‍යය සමුළුවට පැමිණි අයගේ හැඟීම්වලට බෙහෙවින් බලපෑවේය