ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 1/15 30 පි.
  • නීතිමය ජයග්‍රහණයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නීතිමය ජයග්‍රහණයක්
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 1/15 30 පි.

නීතිමය ජයග්‍රහණයක්

වර්ෂ 1995 අප්‍රියෙල්වලදී, වැදගත් අධිකරණ ජයක් අත් කරගති. සියල්ල පටන්ගත්තේ 1992 ජනවාරි 28වනදා, 24හැවිරිදි ලූස් නෙරෙඩා ආසෙවෙඩෝ ක්විලස්ව, තෝරාගත් ශල්‍යකර්මයක් සඳහා පුවටෝ රිකෝවල එල් බූඑන් පාස්ටො රෝහලට ඇතුළත් කරනු ලැබූ විටය. ඇතුල් වන විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වශයෙන් තමා රුධිර ප්‍රවේශනයක් නොපිළිගන්නා බව ඈ වාචිකව මෙන්ම ලිඛිතව ප්‍රකාශ කළාය. (ක්‍රියා 15:28, 29) ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඇතුළු ඊට සම්බන්ධ රෝහල් කාර්යමණ්ඩලයම ඇගේ අභිමතයන් හොඳින් දැන සිටියහ.

ඇගේ ශල්‍යකර්මයෙන් දින දෙකකට පසු, රුධිරය ගැලීම නිසා ලූස්ගේ රුධිර ප්‍රමාණය අධික ලෙස අඩු වූ අතර, අධික රුධිර ගැලීම හේතුවෙන් දරුණු රක්තහීනතාවක් වර්ධනය විය. ඇයට උපකාර කිරීමට තිබෙන එකම මාර්ගය රුධිර ප්‍රවේශනයක් ලබා දීම බව විශේෂඥ වෛද්‍ය. හෝසෙ රොඩ්‍රිගේත් විශ්වාස කළේය. එබැවින්, ලූස්ගේ අනුදැනුම හෝ කැමැත්ත නොතකා ඇයට රුධිරය ප්‍රවේශනය කිරීම සඳහා ඔහු අධිකරණ නියෝගයක් ලබාගැනීමට වෑයම් කළේය.

ලූස් සම්පූර්ණයෙන්ම සිහිසන්ව හා තමා වෙනුවෙන් කතා කිරීමට හැකිව සිටියත්, ශල්‍යකර්මයේ හදිසිතාව හේතුවෙන් කිසිවෙකුගේ කැමැත්ත ගැනීමට වේලාවක් නැති බව වෛද්‍ය. රොඩ්‍රිගේත් තරයේ කියා සිටියේය. දිස්ත්‍රික් නීතිඥ එඩ්වාර්ඩෝ පෙරෙත් සෝටෝ ලියවිල්ල අත්සන් කළ අතර, දිස්ත්‍රික් විනිශ්චයකාර ගරු ආන්ගේල් ලූඉස් රොඩ්‍රිගේත් රාමොස් රුධිර ප්‍රවේශනය සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කළේය.

මෙබැවින්, 1992 ජනවාරි 31දා ලූස්ව ශල්‍යාගාරයට ගෙන ගිය අතර ඇයට රුධිරය ප්‍රවේශනය කරනු ලැබීය. ප්‍රවේශනය සිදු වන අතරේදී, රෝහල් නිලධාරීන්ගෙන් සමහරෙකු සිනාසෙන හඬ ඇයට ඇසිණ. මෙය සිදු කෙරෙන්නේ ඇගේම යහපත සඳහා බව පවසමින් වෙනත් අය ඇයට බැණ වැදුණාහ. ඇයට හැකි උපරිමයෙන් ඇය සටන් කළත්, කිසි ඵලක් නොවීය. දිනය අවසානයේදී, ලූස්ට රුධිර ඒකක හතරක් දී තිබිණ.

ලූස්ගේ සිද්ධිය පුවටෝ රිකෝහි රුධිර ප්‍රවේශන හා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධ ප්‍රථම හෝ අන්තිම එක නොවේ. ඇගේ අද්දැකීමට පෙර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අභිමතවලට එරෙහිව රුධිර ප්‍රවේශන සඳහා අඩු තරමින් අධිකරණ නියෝග 15ක් පමණ පනවා තිබූ අතර, එතැන් පටන් තව බොහෝ ඒවා පනවා ඇත. ඛේදජනක ලෙස, එක් අවස්ථාවකදී අධිකරණ නියෝගය ක්‍රියාත්මක වූ අතර, රෝගියෙකුට සිහිය නැතුව සිටිද්දී ඇයට බලෙන් රුධිර ප්‍රවේශනයක් ලබා දිණ.

කෙසේවුවද, ලූස්ගේ සටන ශල්‍යාගාරයේදී අවසන් වූයේ නැත. පුවටෝ රිකෝහි පොදු රාජ්‍ය මණ්ඩලයට එරෙහිව, 1993 ඔක්තෝබර්වලදී නඩුවක් පැවරීය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නඩුව අසන ලද අතර, 1995 අප්‍රියෙල් 18වනදා ඇයට පක්ෂව තීරණයක් දෙනු ලැබීය. රුධිරය ප්‍රවේශනය කිරීමට වූ නියෝගය, “ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ බවත්, නීතියේ ක්‍රියා පිළිවෙළ අනුගමනය නොකොට, ආගම පිළිපැදීමේ අයිතියද, ඇගේ පෞද්ගලික නිදහස හා ශරීරය පිළිබඳ තීරණ ගැනීමට තිබෙන අයිතියද පැමිණිලිකාරියගෙන් අහිමි කළ බවත්” අධිකරණය ප්‍රකාශ කළේය.

රුධිර ප්‍රවේශනය සම්බන්ධ නඩුවකදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පක්ෂව පුවටෝ රිකෝහි අධිකරණයක තීන්දුවක් දුන් පළමු අවස්ථාව එය වූ බැවින් මෙම තීන්දුව වැදගත් විය. මෙම විනිශ්චය පුදුමාකාර ප්‍රතික්‍රියාවක් ඇති කළේය. ප්‍රසිද්ධ පුවත්පත්, ගුවන්විදුලි මෙන්ම රූපවාහිනී පත්‍රකලාවේදීන් ගණනාවක් ඇතුළත් සම්මේලනයක් පවත්වන ලදි.

එම රාත්‍රියේදීම ගුවන්විදුලි වැඩසටහනක් මගින් ලූස්ගේ නීතිඥයෙකු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් විකාශනය කරන ලදි. දූරකථනයෙන් අමතා, ප්‍රශ්න ඇසීමට ශ්‍රාවකයන්ට ආරාධනා කෙරිණ. බොහෝ වෛද්‍යවරු හා නීතිඥයෝ නඩුවට පක්ෂව තම ප්‍රතිචාරය දැක්වූහ. ඇමතූ එක් තැනැත්තෙක් මෙසේ පැවසීය: “රුධිර ප්‍රවේශනයක් ජීවිත ගළවනු ඇද්දැයි සොයා දැනගැනීමට විද්‍යාවට හැකි වී නැත, තවද එලෙස කල්පනා කිරීම වැරදිසහගතය.” ඔහු මෙසේද පැවසුවේය: “වැඩි කල් නොගොස්, රුධිර ප්‍රවේශන නවීන විද්‍යාවේ විශාලතම කැළලක් හා වැරදීමක් වශයෙන් ඉතිහාසයෙහි වාර්තා වනු ඇත.”

ගෞරවයට පාත්‍ර නීති විශේෂඥවරයෙක්, පසුව වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලය අමතා එය “මහත් විජයග්‍රහණයේ දෝංකාරයක්” ලෙසින් නම් කරමින් හදපත්ළෙන්ම නැඟෙන සිය සතුට පළ කළේය. අධිකරණ තීන්දුවෙන් ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් දිනාගන්නේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පමණක් නොව, නමුත් පුවටෝ රිකෝවල සියලු වැසියන්ගෙත් බව ඔහු තවදුරටත් කීවේය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න