ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 3/1 32 පි.
  • ඔබගේ ආලෝකය බබළවන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබගේ ආලෝකය බබළවන්න!
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 3/1 32 පි.

ඔබගේ ආලෝකය බබළවන්න!

අවසානයේදී, පොරොන්දු වූ මෙසියස් දැකගැනීම සඳහා වයස්ගත මිනිසාට කාලය එළඹිණ! “ස්වාමීන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොද[කින]” බව දිව්‍ය එළිදරව් කිරීමක් තුළින් සිමියොන් දැනසිටියේය. (ලූක් 2:26) එහෙත් සිමියොන් දේවමාළිගාවට ඇතුල් වූ විට, මරියා සහ යෝසෙප් යේසු බිළින්දාව ඔහුගේ අතට දුන් විට ඔහු කොතරම් ප්‍රීති වූයේද! ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, මෙසේ පැවසුවේය: “ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක; මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනගගේ තේජසදවූ . . . ගැළවීම මාගේ ඇස්වලින් දුටිමි.”—ලූක් 2:27-32; සසඳන්න යෙසායා 42:1-6.

යේසුස්වහන්සේ, වයස අවුරුදු 30දී සිය බව්තීස්මයේ සිට මරණය දක්වා, ලෝකයේ ‘ආලෝකයක්ව’ සිටිසේක. කුමන ආකාරවලින්ද? දෙවියන්වහන්සේගේ රාජ්‍යය සහ ස්වකීය අරමුණු සම්බන්ධයෙන් දේශනා කිරීම මගින් උන්වහන්සේ ආත්මික ආලෝකය විහිදූවාලූසේක. උන්වහන්සේ බොරු ආගමික ඉගැන්වීම්ද එළිදරව් කළ අතර, අන්ධකාරයේ ක්‍රියා පැහැදිලිව හඳුන්වා දුන්සේක. (මතෙව් 15:3-9; ගලාති 5:19-21) එබැවින් යේසුස්වහන්සේට නිවැරදිව මෙසේ පැවසිය හැකි විය: “මම ලෝකයේ ආලෝකයය.”—යොහන් 8:12.

යේසුස්වහන්සේ පො.යු. 33දී මිය ගියසේක. එවිට ආලෝකය නිවී ගියාද? කිසිසේත් නැත! යේසුස්වහන්සේ පොළොව මත සිටියදී, සිය ශ්‍රාවකයන්ට මෙසේ පැවසූසේක: “මනුෂ්‍යයන් ඉදිරියේ ඔබගේ ආලෝකය බැබළෙන්ට සලස්වන්න.” (මතෙව් 5:16, NW) ඊට අනුකූලව, යේසුස්වහන්සේගේ මරණයෙන් පසු, සිය අනුගාමිකයෝ දිගටම ආලෝකය බැබළීමට සැලැස්වූහ.

යේසුස්වහන්සේව අනුකරණය කිරීමක් වශයෙන්, අදදින ක්‍රිස්තියානීහු දේශනා සේවයේ හවුල්වීම මගින් යෙහෝවඃවහන්සේගේ ආලෝකය පිළිබිඹු කරමින් සිටිති. ක්‍රිස්තියානි ජීවිතයේ බැබළෙන ආදර්ශ බව ඔප්පු කරමින් ඔවුහු “ආලෝකයේ දරුවන් මෙන් හැසි[රෙති].”—එපීස 5:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න