ඔබ අතපසු නොකළ යුතු අවස්ථාවක්
“සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” අපගේ ස්වර්ගීය පියාණන් වන දෙවියන්වහන්සේගෙන් පැමිණේ. (යාකොබ් 1:17) පහත වැටුණු මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ දී තිබෙන උතුම්ම දීමනාව නම්, ස්වකීය ඒකජාතක පුත්රයා වන යේසුස්වහන්සේ මාර්ගයෙන් ඔවුන්ව යථා තත්වයට පත් කිරීම සඳහා වූ සැපයුමයි. අපගේ මිදුම්කරුවාණන් වශයෙන් යේසුස්වහන්සේගේ මරණය, අපට පාරාදීස පොළොවක් මත සදාකල් ජීවනය අත් කරගැනීමට ඉවහල් වේ. උන්වහන්සේගේ මරණය සිහිකිරීමට අපට ලූක් 22:19හි ආඥා කර තිබේ.
යේසුස්වහන්සේගේ ආඥාවට අවනත වීමෙහි ඔවුන් සමඟ හවුල්වීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඔබට උණුසුම් ලෙස ආරාධනා කරති. මෙම වාර්ෂික උත්සවය බයිබලයේ චන්ද්ර දින දර්ශනයේ නීසාන් 14වනදාට අනුරූප වන දිනයේ, එනම් 1996 අප්රියෙල් 2වන අඟහරුවාදා ඉරු බැසයෑමෙන් පසුව පවත්වනු ලැබේ. මෙම දිනය ඔබට අමතක නොවීම සඳහා එය සටහන් කරගන්න. රැස්වීම පැවැත්වීමට නියමිත ස්ථානය හා වේලාව පැවසීමට ඔබේ ප්රදේශයේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැක.