ඔබට එය අතපසු කිරීමට අවශ්‍ය නොවනු ඇත!
කුමක් අතපසු කිරීමටද? ඉතා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් තිබෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “දේවසමාදානයේ දූතයෝ” දිස්ත්‍රික් සමුළුවයි! බොහෝ ස්ථානවල සිකුරාදා උදෑසන 9:30ට සංගීත වැඩසටහනක් සමඟින් සමුළුව ආරම්භ වනු ඇත. “සමාදානයේ ජ්වලිත ප්රකාශකයන්ගෙන් තොරතුරු ලැබීම” යන කොටසේදී ඇදහිල්ල ශක්තිමත් කරවන සම්මුඛ සාකච්ඡාවලට සවන් දීමෙන් පසු, “දෙවියන්වහන්සේට අපගෙන් ඕනෑ කරන්නේ කුමක්ද?” නමැති දිරිගන්වනසුලු කතාව ඔබ භුක්තිවිඳිනු ඇත.
සිකුරාදා පස්වරුවේ ඇති විශේෂාංගයක් වන්නේ, “දේවසමාදානයේ දූතයන් වශයෙන් අපට හිමි භූමිකාව” යන මැයෙන් යුත් පොලඹවනසුලු මූලික ඇමතුමයි. ඉන්පසු “දෙවියන්වහන්සේට ඕනෑ කරන්නේ කුමක්ද කියා ඉගෙනීමට අන්‍යයන්ට උපකාර කිරීම” යන මැයෙන් යුත් කොටසේදී නවකයන්ට ඉගැන්වීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ලැබේ. “විනෝදාස්වාදයේ සැඟවුණු මලපත් සම්බන්ධයෙන් අවදිව සිටින්න” යන මාතෘකාවෙන් යුත් කාලෝචිත කතා මාලාවක් ඉන් අනතුරුව ඉදිරිපත් කරනු ලැබේ. “යක්ෂයාට විරුද්ධව සිටින්න—කිසිදු එදිරිවාදිකමක් නොඉවසන්න” සහ “දේවවචනයේ අඛණ්ඩතාව පක්ෂපාතව රැකගැනීම” යන මැයෙන් යුත් කතාවලින් සිකුරාදා වැඩසටහන අවසන් වනු ඇත.
සෙනසුරාදා උදෑසන වැඩසටහනේ, “සමාදානයේ ශුභාරංචි ගෙනෙන දූතයෝ” නමැති කොටස් තුනකින් යුත් කතා මාලාවේ, ගෝලයන් සෑදීමේ වැඩයේ වැදගත්කම කාවද්දනු ඇත. “යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ සතුටු සිතින් දීම” සහ “කැපවීම හා බව්තීස්මය තුළින් ජීවනය හා සමාදානය” යන කතාවලින් සැසිවාරය අවසන් වන අතර, ඉන්පසුව නව ගෝලයන්ට බව්තීස්ම වීම සඳහා ප්‍රස්ථාව උදාවනු ඇත.
“කාරණා සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සිතුවිලි සැලකිල්ලට ගන්න” යන මැයෙන් යුත් සෙනසුරාදා අපරභාගයේ ඉදිරිපත් කිරීම ‘අදදින ක්‍රිස්තියානීන් වෙන් කිරීමේ වැඩයක හවුල් වෙමින් සිටිනවාද?’ සහ ‘මරණ දණ්ඩනය සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය කුමක්ද?’ වැනි ප්‍රශ්නවලට උත්තර ලබා දෙනු ඇත. “සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ ගැන සැලකිල්ල දක්වයි” යන මැයෙන් කොටස් දෙකකින් යුත් හද උණුසුම් කරවන කතා මාලාව සහ විශේෂයෙන්ම “පවුල් ජීවිතය තුළ දේවසමාදානය ලුහුබඳින්න” යන මැයෙන් යුත් අවසාන කතාව ඔබ භුක්තිවිඳිනු ඇත.
ඉරිදා උදෑසන වැඩසටහනට “හරියාකාර දූතයන් හඳුනාගැනීම” යන මැයෙන් කොටස් තුනකින් යුත් කතා මාලාවක් සහ “දේවවචනයට සවන් දී කීකරු වන්න” යන කතාවද ඇතුළත් වනු ඇත. විනිශ්චයකාර ගිඩියොන් සම්බන්ධ බයිබල් වාර්තාවෙන් වටිනා පාඩම් ගෙනහැරපාන වෙස්ගැන්වූ නාට්‍යයෙන් උදෑසන වැඩසටහන නිමා වනු ඇත.
“අන්තිමේදී සැබෑ සමාදානය!—කවර ප්‍රභවයකින්ද?” යන මාතෘකාවෙන් යුත් ප්‍රසිද්ධ අනුශාසනාව, ඉරිදා දහවල්, සමුළුවේ අවසන් සැසිවාරයේදී කැපීපෙනෙනු ඇත. අවසාන වශයෙන්, “දේවසමාදානයේ දූතයන් වශයෙන් ඉදිරියටම ගමන් කිරීම” යන මැයෙන් යුත් පොලඹවනසුලු කතාවෙන් සමුළුව අවසන් වනු ඇත.
සමුළුවට පැමිණීමට දැන්ම සැලසුම් කරන්න. ඔබගේ නිවසට කිට්ටුවෙන් පිහිටි සමුළු ස්ථානය සොයාගැනීමට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවෙන් විමසන්න, නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.