පොරොන්දු දේශයට සංචාරයක්
ලස්සන, නිසංසල වටාපිටාවක පිහිටි නවතම නිවසක්— ත්‍යාගයක් වශයෙන්—ඔබට දීමට ඔහු මිල දී ගත් බව මිතුරෙකු ඔබට පැවසුවායයි සිතන්න. ‘එය කෙබඳු නිවසක් වනු ඇද්ද?’ කියා ඔබ කල්පනා කරනු ඇත. ඔබගේ දෑසින්ම මෙම නිවස දැකබලා ගැනීම සඳහා, නිවස ඇතුළට ගොස් සෑම කාමරයක්ම පරීක්ෂා කර බැලීමට, ඔබ ඉතා ඕනෑකමින් සිටිනවාට කිසි සැකයක් නැත. මන්දයත්, මෙය ඔබගේ නව නිවස වන බැවිනි!
පොදු යුගයට පෙර 1473දී, පුරාණ ඉශ්‍රායෙල් ජාතියට යෙහෝවඃවහන්සේ නව නිවසක් උරුමයක් වශයෙන් දුන්සේක—එනම් උතුරේ සිට දකුණට සාමාන්‍යයෙන් කිලෝමීටර 500ක්ද, පළලින් කිලෝමීටර 55ක්ද පමණ වන භූමි තීරුවක් සහිත පොරොන්දු දේශයයි.a සරු අඩ සඳ ලෙස හඳුන්වනු ලැබූ ප්‍රදේශයේ පිහිටි මෙම පොරොන්දු දේශය, ඊට ආවේනික වූ අද්විතීය ලක්ෂණයන්ගෙන් හෙබි, ජීවත්වීමට රමණීය ස්ථානයක් විය.
එහෙත් වෙනත් කෙනෙකුට, විශේෂයෙන්ම බොහෝ කලකට ඉහත ජීවත් වූ යමෙකුට දෙනු ලැබූ “නිවසක්” පිළිබඳව ඔබ දැන් උනන්දු විය යුත්තේ මන්ද? මන්දයත් බයිබල් සිද්ධීන් පිළිබඳව තිබෙන ඔබගේ අගය වැඩි කරවීමට මෙම ඉතිහාසගත දේශය පිළිබඳ දැනුමට හැකි බැවිනි. “බයිබලයේ සඳහන් දේශවල” භූගෝලය සහ ඉතිහාසය අතර ඉතා ප්‍රබල අන්තර් සම්බන්ධයක් තිබෙන බැවින්, ඇත්තෙන්ම එකක උපකාරය නොමැතිව අනික තේරුම්ගත නොහැක” කියා නැසීගිය, මහාචාර්ය යොහානාන් අහරෝනී ලීවේය. තවදුරටත්, ළඟදීම ලොව පුරා වෙසෙන ජනයාට දේවරාජ්‍යය යටතේ පාරාදීසය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියා, සශ්‍රීකම අවස්ථාවේ තිබූ විට, පොරොන්දු දේශය මගින් කුඩා පරිමාණයේ නිදසුනක් සපයනු ලැබීය!—යෙසායා 11:9.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම භූමික දේවසේවයේදී, ප්‍රායෝගික පාඩම් ඉගැන්වීමට පොරොන්දු දේශයේ පොදු දර්ශන ප්‍රයෝජනයට ගත්සේක. (මතෙව් 13:24-32; 25:31-46; ලූක් 13:6-9) ඉපැරණි පලස්තීනයේ නිශ්චිත අංගලක්ෂණ සමහරක් සලකා බැලීමෙන්, ප්‍රායෝගික ආකාරයෙන් අපටත් බොහෝ දේ උගත හැක. බොහෝ ශතවර්ෂ ගණනාවක් පුරා දෙවියන්වහන්සේගේ සෙනඟට නිවසක් වූ මෙම දේශයේ විශේෂ ලක්ෂණ සමහරක් පරීක්ෂා කරමින්, අපි සංකේතාත්මකව එහි කාමර සමහරක් පරීක්ෂා කර බලමු. අප දකින්ට යන පරිදි, පොරොන්දු දේශයෙන් ඉගෙනීමට දේවල් බොහොමයක් තිබේ.
[පාදසටහන]
a මෙම ලිපිවල “පොරොන්දු දේශය” යන යෙදුම භාවිත කර තිබෙන්නේ, බයිබලයෙහි දේවල් ඉදිරිපත් කර තිබෙන ආකාරයට පුරාණ කාලයේ දෘෂ්ටියෙන් වන අතර, එම ප්‍රදේශය පිළිබඳව වර්තමානයේ දේශපාලනික/ආගමික අතින් අයිතිවාසිකම් කියා සිටීමට කිසිම සම්බන්ධයක් නොමැතිවය.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: Pictorial Archive (Near Eastern History) Est.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Garo Nalbandian