ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 9/1 32 පි.
  • “ඔවුන්ව එළවා දමන්න එපා!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔවුන්ව එළවා දමන්න එපා!”
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 9/1 32 පි.

“ඔවුන්ව එළවා දමන්න එපා!”

“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් නැත්නම් දෙදෙනෙක් වුණත්, ඔබේ නිවසේ සීනුව නාද කළා නම්, ඔවුන්ව එළවා දමන්න එපා!” යයි කෝරීයර් ඩේල්ලා සේරා උපදෙස් දෙයි. උතුරු ඉතාලියේ ට්‍රෙවිසෝ නම් ප්‍රදේශයේ සිටි ව්‍යාපාරිකයෙකුව බැහැදැකීමට පැමිණි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුව ඔහු විසින් එළවා දැමීම නිසා, ලීර මිලියනකට අධික මුදලක් (එනම් එ.ජ. ඩොලර් 600කට වඩා) අහිමි කරගැනීමේ අවදානමට ලක් වූ එම ව්‍යාපාරිකයා පිළිබඳ සිද්ධියකට ප්‍රවෘත්ති පත්‍රය යොමු දක්වමින් සිටියේය.

ප්‍රවෘත්ති පත්‍රයට අනුව, සාක්ෂිකරුවන් දෙදෙනා මෙම මිනිසාට ඔවුන්ව හඳුන්වා දුන්නේ මෙම වචනවලිනි: “අද ඔබට හොඳ දවසක්. අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, ඒවගේම ඔබට දෙන්ට යම් වටිනා දෙයක් අපි ළඟ තියෙනවා.” එය ඇසූ විගස, හිතෛෂි නොවූ ව්‍යාපාරිකයා ඔවුන්ට අවසන් කිරීමට ඉඩ නොදී, දොර වැසුවේය.

එම මිනිසා සවන් දුන්නා නම්, සාක්ෂිකරුවන් ඔහුගේ නිවසට පැමිණ සිටියේ, උයනක බංකුවක් මත තිබී ඔවුන්ට සම්බ වූ ඔහුගේ මුදල් පසුම්බිය ආපසු දීමට බව ඔහුට දැනගැනීමට හැකි වනු ඇත. එමනිසා සාක්ෂිකරුවන්ට මුදල් පසුම්බිය සහ එහි අඩංගු දෑද රැගෙන, ළඟම පිහිටි පොලිස් ස්ථානයකට යෑම හැර, කළ හැකි වෙන කිසිවක් නොවීය. ඊළඟ දින, පොලීසිය විසින් එහි නියම හිමිකරුවාට එය භාර දෙන ලදි.

“අසාර්ථක වූ [සාක්ෂිකරුවන්] දෙදෙනාගේ තත්වයේ වෙන යමෙකු සිටියා නම්, ඔහු එම මුදල් පසුම්බියේ තිබූ සැලකිය යුතු මුදල් ප්‍රමාණය . . . ගන්ට ඉඩ තිබිණ. එහෙත් මුළුමනින්ම අවංක විය යුතු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එසේ නොකරති,” කියා එල් ගාට්සෙටීනෝ ඩි ට්‍රෙවිසෝ පැවසීය.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව “මුළුමනින්ම අවංක” වීමට පොලඹවන්නේ කුමක්ද? එය වනාහි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්වලට එකඟව, දෙවියන්වහන්සේට හා අසල්වැසියාට වූ ඔවුන්ගේ ප්‍රේමයයි. (මතෙව් 22:37-39) යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් පොරොන්දු කරන ලද මවිතකර “අලුත් පොළොව” පිළිබඳ වූ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේද එනිසාය. එවන් බලාපොරොත්තුවක් ඇති කරන පණිවුඩයක්, ඕනෑම ද්‍රව්‍යමය වස්තුවකට වඩා අතිශයින් අගනේය!—2 පේතෘස් 3:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න