101වන ගිලියඩ් පන්තිය යහපත් ක්‍රියා ගැන ජ්වලිතව
අපගේ මැවුම්කරුවාණන් වූ යෙහෝවඃ දෙවියන්වහන්සේ යහපත් ක්‍රියා ගැන ජ්වලිතව සිටින්නාක් මෙන්ම සිය පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද එසේම ක්‍රියා කරනසේක. අපගේ ආදර්ශකයාණන් වන යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගෙන් ලද පැවරුම ඉටු කිරීමේදී ජ්වලිතකම විදහාපෙන්වූසේක. “යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනගක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම [දීම]” ඊට අයත් විය. (තීතස් 2:14) වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 101වන පන්තියේ සාමාජිකයෝ 48දෙනා සැබවින්ම යහපත් ක්‍රියා ගැන තම ජ්වලිතය විදහාපෙන්වා ඇත්තාහ. මෙම මිෂනාරිවරුන්ට උපාධි ප්රදානය කිරීම, 1996 සැප්තැම්බර් 7වනදා නිව් යෝර්ක්, පැටර්සන්හි පිහිටි වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේදී සිදු කෙරිණ.
ජ්වලිතය දිගටම පවත්වාගැනීම සඳහා ප්‍රායෝගික උපදෙස්
වසර 70කට වැඩි කාලයක් පූර්ණ-කාලීන දේවසේවයේ නිරත වෙමින් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට සේවය කරන කැරි බාබර්, උපාධි ප්රදානය කිරීමේ වැඩසටහනේ සභාපති ලෙස කටයුතු කළේය. තම ආරම්භක වචන කිහිපයේදී සහෝදර බාබර්, “ලෝකයේ ආලෝකය” වූ යේසුස්වහන්සේගේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ ක්‍රියාකාරකම්වලට අවධානය යොමු කළේය. (යොහන් 8:12) යේසුස්වහන්සේ, තමන් විසින් ඉටු කරන ලද එම ගෞරවනීය කාර්යභාර්ය තමාට පමණක් සීමා කර නොගත් නමුත්, සිය ගෝලයන්ගේ ආලෝකයද එලෙසම බැබළීමට සලස්වන මෙන් ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටි බව, ඔහු පෙන්වා දුන්නේය. (මතෙව් 5:14-16) සේවයේ මෙම නව වරප්‍රසාදය ක්‍රිස්තියානියෙකුගේ ජීවිතය තවත් අර්ථවත් කරවන අතර, “ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙ[න]” සියල්ලන් මතට භාරදූර වගකීමක්ද ගෙන එයි.—එපීස 5:8.
එම ආරම්භක අදහස්වලින් පසු, බෘක්ලින් මූලස්ථානයේ විධායක කාර්යාලවල සේවය කරන ඩොන් ඇඩම්ස්ව හඳුන්වා දෙන ලදි. “පසුපසට නොව ඉදිරියට ගමන් කරන්න” නමැති මාතෘකාව යටතේ ඔහු කතා කළේය. ගිලියඩ් පාසැල සහ එහි අරමුණ වන ශුභාරංචිය විදේශීය රටවල් දක්වා ව්‍යාප්ත කිරීම ගැන සහෝදර ඇඩම්ස් අවධානය යොමු කළේය. ලොව පුරා භාෂාවන් 300කට වැඩියෙන් බයිබල් පොත් පත් ප්‍රකාශයට පත් කර තිබෙන දෙවියන්වහන්සේගේ සංවිධානයේ වර්ධනය ගැන ඔහු කතා කළේය. වර්ෂ 1995දී ප්‍රකාශයට පත් කළ, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත භාෂා 111කින් ලබාගත හැකි අතර, තවත් භාෂාවලින් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබේ. යේසුස්වහන්සේගේ නව ගෝලයන්ට මාස කිහිපයක් ඇතුළත කැප වී බව්තීස්ම වීමේ ඉලක්කය අත් කරගැනීමට උපකාර කිරීමේදී මෙය දැනටමත් කදිම මෙවලමක් බවට පත් වී ඇත. එමනිසා නව මිෂනාරිවරුන්ට තම වැඩය සඳහා මෙම අලුත්ම බයිබල් අධ්‍යයන ආධාරකය තිබේ.
ඊළඟට, පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ලයිමන් ස්විංගල්, එළිදරව් 7:15 මත පදනම් වූ “යෙහෝවඃවහන්සේට ඔබගේ පරිශුද්ධ සේවය දිගටම පිරිනමන්න” නමැති මාතෘකාව යටතේ කතා කළේය. යෙහෝවඃවහන්සේ සන්තෝෂවත් දෙවිකෙනෙකු නිසා, පුද්ගලයෙකුව සන්තෝෂයෙන් සිටීමට සලස්වන්නේ උන්වහන්සේට දිගටම සේවය කිරීමය. (1 තිමෝති 1:11, NW) මෙම ප්‍රීතිමත් සේවයේ ප්‍රතිඵලයක් හැටියට, පොළොවේ සියලුම ප්‍රදේශවල වාසය කරන පුද්ගලයන්ගෙන් සමන්විත මහත් සමූහයක් උන්වහන්සේට නමස්කාර කිරීමට පටන්ගෙන තිබේ. වසර ගණනාවක් පුරා, ගිලියඩ් පාසැලින් පුහුණු කර යවනු ලැබූ අය, සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුමක් ලබාගැනීමට පටන්ගත් මේ අයගෙන් බොහෝදෙනෙකුට උපකාර කර ඇත. එමනිසා, වැඩිවර්ධනය වන මහත් සමූහයේ තවත් සාමාජිකයන් එකතු කිරීම සඳහා දැන් යවනු ලබන අයට යෙහෝවඃවහන්සේ නොකඩවා ආශීර්වාද කරනු ඇති බව විශ්වාස කිරීමට අපට සෑම හේතුවක්ම තිබේ.
පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඩැනියල් සිඩ්ලික් විසින් කැපීපෙනෙන්ට සැලැස්වූ තේමාව වූයේ, “යෙහෝවඃවහන්සේගේ ප්‍රීතිය පිළිබිඹු කිරීම” යන්නය. සදාකාල ජීවනය ලබාගැනීමේ මාර්ගය මෙන්ම ජීවිතයේ උපරිමය දැන් භුක්තිවිඳිය හැකි ආකාරය ජනයාට ඉගැන්වීමේ වරප්‍රසාදය, නව මිෂනාරීන් ඇතුළු දෙවියන්වහන්සේගේ සියලුම සේවකයන් සතු වන බව ඔහු පෙන්වා දුන්නේය. “ඉගැන්වීම, තමන්ටම ඉමහත් ආශීර්වාද ගෙන දෙන වෘත්තියක්” කියා සහෝදර සිඩ්ලික් සඳහන් කළේය. එය උගන්වන අයගේ මෙන්ම ඉගෙනගන්නා අයගේද මුහුණුවලින් පිළිබිඹු වේ. (ගීතාවලිය 16:8-11) “මිහිපිට තිබෙන උතුම්ම පණිවිඩය අප සතු වන අතර, ඒ බව අපගේ මුහුණෙන් දිස් වේ” යනුවෙන් එස්ටෝනියාවේ සිටින මිෂනාරිවරයෙකු පැවසූ දෙය ඔහු යළි සඳහන් කළේය. අපගේ මුහුණේ ඉරියව් මගින් ජනයාට සවන් දීමට පෙලඹවීමක් ඇති කරන්නාක් මෙන්ම උනන්දුවද පුබුදුවාලිය හැක. යෙහෝවඃවහන්සේගේ සේවකයන් සන්තෝෂයෙන් සිටීමට හේතු වන දෙය දැනගැනීමට ජනයාට වුවමනාය. “එනිසා ඔබගේ මුහුණේ ඉරියව් ගැන අවධානය යොමු කරන්න” කියා සහෝදර සිඩ්ලික් උපදෙස් දුන්නේය. “සන්තෝෂවත් මිනිසුන් දැකීමෙන් ජනයා ප්‍රීති වෙති.”
වර්ෂ 1949දී පවත්වන ලද 12වන පන්තියේ සිට ගිලියඩ් පාසැලේ ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ හවුල් වී තිබෙන යූලිසීස් ග්ලාස්, “ඉවසීමෙන් ඔබගේ ප්‍රාණ රැකගන්න” නමැති මාතෘකාව යටතේ රැස්ව සිටි පිරිස ඇමතීය. ඉවසීම යනු කුමක්ද? යම් දෙයක් කෙරෙහි නිසංසලව බලා සිටීම හා තරහ ඉපදවීමට හේතු වන කාරණා හෝ මානසික පීඩනය යටතේ දරාගැනීමේ ශක්තිය විදහාපෙන්වීම යන අරුත් එහි ගැබ් වී තිබේ. ඉවසිලිවන්ත තැනැත්තා සන්සුන්ව සිටියි; නොඉවසිලිවන්ත තැනැත්තා කලබලකාරි මෙන්ම නොරිස්සුම්ගති ඇත්තෙකි. සහෝදර ග්ලාස් මෙසේ නිරීක්ෂණය කළේය: “ඉවසිලිවන්තකමින් අඟවන්නේ, දුර්වලකම හෝ තීරණයකට එළඹීමට තිබෙන නොහැකියාව බව බොහෝදෙනෙකු සිතුවත්, යෙහෝවඃවහන්සේ එය සලකන්නේ ශක්තියේ හා බලාපොරොත්තුව අඟවන දෙයක් ලෙසය.” (හිතෝපදේශ 16:32) ඉවසිලිවන්තකමෙන් අත් වන ප්‍රයෝජන මොනවාද? “කෝපය හටගත් අවස්ථාවකදී ඉවසා සිටීම, දවස් සිය ගණනක් වේදනා විඳීමෙන් ඔබව වළක්වාලනු ඇත,” කියා චීන ආප්තෝපදේශයක පැවසේ. “ඉවසිලිවන්තකම පුද්ගලයාගේ පෞරුෂය ඉහළ නංවයි,” කියා සහෝදර ග්ලාස් අදහස් දැක්වූයේය. “ඇත්තෙන්ම, එය සෙසු යහපත් ගුණාංගද ඔපවත් කරවයි. එය ඇදහිල්ල ආකර්ෂණීය යමක්ද, සමාදානය කල්පවතින යමක්ද, ප්‍රේමය නොසැලෙන යමක්ද වීමට සලස්වයි.”
“යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය සංවිධානය තුළින් දානය කරන පැවරුමක් ලැබීම වරප්රසාදයකි” කියා වසර 11ක් කෙන්යාවේ මිෂනාරිවරයෙකු හැටියට සේවය කර, දැන් ගිලියඩ් පාසැලේ උපදේශකයෙකු වන මාර්ක් නූමැර් සඳහන් කළේය. “ඔබට ඇදහිල්ල නැත්නම්, ඔබට වැඩි කල් සිටිය නොහැක” යන තේමාව මත ඔහු කරුණු ගොඩනංවමින්, යූදාහි ආහාස් රජුගේ ආදර්ශයට අවධානය යොමු කළේය. තම පැවරුමට යෙහෝවඃවහන්සේගේ අනුබලය හිමි වන බව යෙසායා සහතික කළත්, ආහාස් රජ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අසමත් වූයේය. (යෙසායා 7:2-9) මිෂනාරිවරුන්ට මෙන්ම අප සියලුදෙනාටම තමන්ගේ දිව්‍යාණ්ඩු පැවරුම්වල දිගටම පැවතීම සඳහා යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබීම අවශ්‍ය වන බව සහෝදර නූමැර් පෙන්වා දුන්නේය. මිෂනාරි පැවරුමකදී අද්දකින විශේෂ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍ය වේ. “මේ දේවල පිළිවෙළේ කිසිම පරිපූර්ණ තත්වයක් නොමැති බව සැමවිටම මතක තබාගන්න” කියා සහෝදර නූමැර් සඳහන් කළේය.
ජ්වලිතවත් ක්‍රියාකාරකම් දිරිමත් කරන අද්දැකීම්
ගිලියඩ් පාසැලේ පුහුණු පාඨමාලාව හදාරමින් සිටි කාලයේදී, ශිෂ්‍යයෝ සති අන්තයේදී ප්‍රසිද්ධ දේවසේවයේ හවුල් වූහ; එය ඔවුන්ගේ මිෂනාරි පැවරුම්වල ප්‍රධාන අංගයක් වනු ඇත. තම අද්දැකීම් විස්තර කළ ශිෂ්‍යයන් 15දෙනෙකු සමඟ ගිලියඩ් අධ්‍යාපනික පීඨයේ සාමාජිකයෙකු වන වොලස් ලිවරන්ස් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය. සේවා කමිටුවේ සාමාජිකයෙකු වන ලියොන් වීවර් සහ බෙතෙල් ක්‍රියාන්විත කමිටුවේ සාමාජිකයෙකු වන ලොන් ෂිලිං, අප්‍රිකාවෙන් සහ ලතින් අමෙරිකාවෙන් පැමිණි ශාඛා කමිටු සාමාජිකයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූහ; ඔවුන්ගෙන් සමහරදෙනෙක් මිෂනාරි ක්ෂේත්රයේ අද්දැකීම් විස්තර කළ අතර, සමහරෙක් උපාධි ලබන මිෂනාරිවරුන් සඳහා කදිම උපදෙස් කිහිපයක් ඉදිරිපත් කළහ. සියෙරා ලියෝන්හි, 1995 සේවා වසරේදී බව්තීස්ම වූ අයගෙන් සියයට 90කට පමණ සත්‍යය ලැබීමට මිෂනාරිවරුන්ගේ උපකාරය ලැබුණු බවට සඳහන් කෙරිණ. ජ්වලිතවත් ක්‍රියාකාරකම් පිළිබඳ මොනතරම් කදිම වාර්තාවක්ද!
අවසානයේදී, සමිතියේ සභාපති මිල්ටන් හෙන්ෂල්, “යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානය අද්විතීය එකකි” නමැති මාතෘකාව යටතේ රැස්ව සිටි 2,734දෙනාව ඇමතුවේය. දෙවියන්වහන්සේගේ සංවිධානය අසමසම යමක් සේ පෙනීමට සලස්වන්නේ කුමක්ද? ඊට හේතුව, එහි ප්‍රමාණයවත් ශක්තියවත් නොව, නමුත් එය දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ නීති ප්‍රතිපත්ති හා විනිශ්චමය තීරණ මගින් මඟ පෙන්වනු ලැබීමය. පුරාණ කාලයේදී, යෙහෝවඃවහන්සේගේ පරිශුද්ධ ප්‍රකාශයන් භාර දී තිබුණේ උන්වහන්සේගේ ජනයා වූ ඉශ්රායෙල් ජාතියටය; එනිසා එම ජාතිය අද්විතීය එකක් විය. (රෝම 3:1, 2) අදදින, යෙහෝවඃවහන්සේගේ සංවිධානය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියා කරන අතරතුර එක්සත්ව සිටී. (මතෙව් 28:19, 20) එය සමෘද්ධිමත් වේ; වැඩි වර්ධනය වේ. වැදගත් තීරණ ගැනීමට කලින්, දේවවචනය වන බයිබලයෙහි පවසන දෙය සැලකිල්ලට ගන්නාවූ පාලක මණ්ඩලයකින් සමන්විත වෙනත් සංවිධානයක් මිහිපිට තිබේද? මෙයාකාරයෙන් මෙන්ම වෙනත් ආකාරවලින්ද යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානය සැබවින්ම අද්විතීය වේ.
සහතික ප්රදානය කිරීමත්, පන්තියට සහභාගි වූ ශිෂ්‍යයන් තමන් ලැබූ විශේෂ පුහුණුව සඳහා අගය ප්‍රකාශ කරමින් ලියූ ලිපිය කියවීමත් සමඟ සියල්ලන්ගේ සිත්ගත් වැඩසටහන නිමා විය.
[22වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත
නියෝජිත රටවල් සංඛ්‍යාව: 9
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 12
ශිෂ්‍ය සංඛ්‍යාව: 48
වයස් සාමාන්‍යය: 31.7
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 13.8
පූර්ණ-කාලීන සේවයේ සිටි අවුරුදු සාමාන්‍යය: 9.8
[23වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් 101වන උපාධිලාභී පන්තිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර ඇත.
(1) ස්වින්ට්, එච්.; සසින්ස්කි, ඒ; හයිෆීල්ඩ්, එල්.; මෙර්කාඩෝ, එස්.; ඩීල්, ඒ.; චාවෙස්, වී.; ස්මිත්, ජේ.; සලීනියස්, එස්. (2) කුර්ට්ස්, ඩී.; ක්ලාර්ක්, සී.; ලීස්බෝර්න්, ජේ.; මෝර්ටන්සන්, ඩබ්.; බ්රොමලි, ඒ.; ටොයිකා, එල්.; මාර්ටින්, ඒ.; ස්මිත්, ඩී. (3) සසින්ස්කි, ඩී.; බියර්ගෝර්, එල්.; ගැරාෆලෝ, බී.; කැල්ඩැල්, එල්.; චාවෙස්, ඊ.; ෆ්රඩිං, එස්.; ඛාන්, ආර්.; සලීනියස්, ආර්. (4) ස්වින්ට්, බී.; බියර්ගෝර්, එම්.; ගැරාෆලෝ, පී.; හොල්ම්බ්ලාඩ්, එල්.; කයිසර්, එම්.; ෆ්රඩිං, ටී.; පොල්ෆ්රීමන්, ජේ; පොල්ෆ්රීමන්, ඩී. (5) මිංග්වේස්, එල්.; ලීස්බෝර්න්, එම්.; මෙර්කාඩෝ, එම්.; කුර්ට්ස්, එම්.; ඩීල්, එච්.; ටොයිකා, ජේ.; ක්ලාර්ක්, එස්.; ඛාන්, ඒ. (6) මිංග්වේස්, එෆ්.; මාර්ටින්, බී.; හයිෆීල්ඩ්, එල්.; හොල්ම්බ්ලාඩ්, බී.; බ්රොමලි, කේ.; කැල්ඩැල්, එච්.; මෝර්ටන්සන්, පී.; කයිසර්, ආර්.