ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 5/1 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවදිව සිටීමට කාලයක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 5/1 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මතෙව් 24:34හි ඇති “පරම්පරාව” යන වචනය පිළිබඳව මෑතකදී අලුත් කළ තේරුම්ගැනීම, දේවල පිළිවෙළේ අවසානය ඈත අනාගතය දක්වා ප්‍රමාද විය හැකියි යන අදහසට ඉඩහරින බව පවසන්න පුළුවන්ද?

ඇත්තෙන්ම සැබෑව එය නෙවෙයි. ඊට පටහැනිව, මේ කාරණය සම්බන්ධයෙන් දියුණු වූ මෑත තේරුම්ගැනීම, අවසානය පැමිණෙයි යන අපේක්ෂාවෙන් නිරතුරුවම බලා සිටින්න අපට උපකාර කළ යුතුයි. එහෙම කියන්නේ කොහොමද?

හොඳයි, 1995 නොවැම්බර් 1 මුරටැඹ පැහැදිලි කළ ආකාරයට, යේසු “මේ පරම්පරාව” යන වාක්‍ය ඛණ්ඩය අදාළ කළේ සමකාලීන දුෂ්ට ජනයාටයි. (මතෙව් 11:7, 16-19; 12:39, 45; 17:14-17; ක්‍රියා 2:5, 6, 14, 40) එය නියමිත දවසකින් පටන්ගන්නා නියම කරන ලද යම් කාලයක් පිළිබඳ විස්තරයක් නෙමෙයි.

ඇරත්, එම මුරටැඹ කලාපයේම “පාඨකයන්ගෙන් ප්‍රශ්න” මූලික කරුණු දෙකක් වෙත යොමු දැක්වුවා: “නියමිත වසර (දශකය හෝ සියවස) ගණනක් අදහස් කරන කාල නියම කිරීමකට සමානව, නියමිත වසර ගණනකට සීමිත වූ කාලපරිච්ඡේදයක් ලෙස, මිනිස් පරම්පරාවක් සැලකිය නොහැක” එමෙන්ම “පරම්පරාවක සිටින ජනයා, දිර්ඝ කලකට නොව, නමුත් සාපේක්ෂ වශයෙන් කෙටි කාලයකට ජීවත් වෙති.”

අපි බොහෝ වෙලාවට “පරම්පරාව” යොදන්නේ මේ ආකාරයටයි. උදාහරණයක් වශයෙන්, අපිට මෙහෙම කියන්න පුළුවන්, ‘නැපෝලියන්ගේ පරම්පරාවේ හිටිය සොල්දාදුවන් ගුවන් යානා ගැනවත්, පරමාණු බෝම්බ ගැනවත් දැනගෙන හිටියේ නෑ.’ අපි යොමු දැක්වුවේ නැපෝලියන් ඉපදුණ අවුරුද්දේම ඉපදුණ සොල්දාදුවන්ට විතරක්මද? නැපෝලියන් මියයන්න පෙර මියගිය ප්‍රංශ සොල්දාදුවන්ට විතරමද අපි යොමු දක්වන්නේ? ඇත්තෙන්ම නෑ; “පරම්පරාව” කියලා පාවිච්චි කිරීමෙන් අපි නියම කළ අවුරුදු ගානක් වෙන් කරන්න හදනවාත් නෙවෙයි. එනමුත්, අපි යොමු දක්වන්න යන්නේ නැපෝලියන්ගේ කාලයේ ඉඳලා අනාගතයට දිව යන අවුරුදු සිය ගානකට නෙවෙයි, ඒ වෙනුවට සාපේක්ෂ වශයෙන් කෙටි කාලපරිච්ඡේදයකටයි.

ඔලීව කන්දේදී යේසු දුන්න අනාවැකියේ ඔහු කිව්ව දේ ගැන අපේ තේරුම්ගැනීමට එය සමානයි. ඒ අනාවැකියේ විවිධ අංගලක්ෂණවල ඉටුවීම, මේ පිළිවෙළේ අවසානය ළඟ බව ඔප්පු කරවනවා. (මතෙව් 24:32, 33) එළිදරව් 12:9, 10ට අනුව, 1914දී ස්වර්ගික රාජ්‍යය පිහිටුවීමත් සමඟම සාතන්ව පොළොවට හෙළුව බව මතක තියාගන්න. සාතන් දැන් මහත් උදහසින් ඉන්න බව එළිදරව්වේ තවදුරටත් පවසනවා. ඇයි? “තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව” ඔහු දන්න නිසයි.—එළිදරව් 12:12.

ඒ හේතුවෙන් නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ ‘දිගටම අවදියෙන් සිටින්න!’ යන මාතෘකාව තිබීම යෝග්‍යයි. ඊළඟ ඡේදයේ යෝග්‍ය ලෙස මෙහෙම කිව්වා: “සිද්ධීන් සිදුවන නියම වේලාව අප දැනසිටීම අවශ්‍ය නැත. ඒ වෙනුවට, අපගේ අවධානය යොමු විය යුත්තේ, දින ගණන් කිරීම මත නොව, නමුත් ශක්තිමත් ඇදහිල්ලක් වගා කරමින් සහ යෙහෝවාගේ සේවය තුළ කාර්ය බහුලව සිටිමින් දිගටම අවදියෙන් සිටීම මතය.” එවිට එය මෙසේ යේසුගේ වදන් උපුටා දැක්වුවා: “ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව [සිටින්න]. මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි—අවදිව සිටින්න.”—මාර්ක් 13:33, 37.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න